March, 24, 2025
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන American Polymers පෞද්ගලික සමාගම ජාතික හා ජාත්‍යන්තර තලයේ තත්ත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එම සමාගමේ තත්ත්ව පාලන කවය (QCC) වන Flash QCC2410211 කණ්ඩායම ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන සංවිධානය (SLAAQP) සංවිධානය කළ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ජාතික සම්මේලනයේදී රන් සම්මානයක් දිනා ගත්තේය. එම ආයතනය විසින්ම සංවිධානය කරනු ලැබූ 49 වැනි තත්ත්ව පාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේදීද ඔවුන්ට තවත් රන් සම්මානයක් හිමි විය.
කැප් ස්නැප් ලංකා පෞද්ගලික සමාගමට අනුබද්ධ ආයතනයක් වන American Polymers තීන්ත, ඖෂධ, කිරි නිෂ්පාදන, ජලය, තේ, පලතුරු යුෂ, විනාකිරි, ඩිටර්ජන්ට් සහ රසකැවිලි ඇතුළු විවිධ කර්මාන්තවලට අවශ්‍ය ඇසුරුම් නිපදවයි. උසස් තත්ත්වයේ පරිසර හිතකාමී ඇසුරුම්කරණ විසඳුම් සපයන එම සමාගමට අයත් නවීන කර්මාන්තශාලාව හෝමාගම, ආටිගල පිහිටා තිබේ. වසර 20 කට වැඩි කර්මාන්ත අත්දැකීම් සහිත එම සමාගම තිරසාරභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය යන අංශ කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරයි. American Polymers ඖෂධ කර්මාන්තය සදහා විශේෂයෙන් නිර්මාණය කළ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ එකම ඇසුරුම් නිෂ්පාදකයා වේ. එම සමාගම ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් පූර්ණ ස්වයංක්‍රීය සහ බල ශක්ති අවශ්‍යතාව අවම නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වා ගෙන යයි. නිරවද්‍යතාව සහ පිරිසුදු බව සහතික කරන අධිවේගී නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් බල ශක්ති අවශ්‍යතාවය 50%කින් ඉතිරි කළ හැකිය. වෘත්තීයභාවය, පාරිභෝගික තෘප්තිය සහ තාක්ෂණික දියුණුව පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන එම සමාගම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. දහසකට වැඩි පිරිසකට රැකියා සපයා ඇති එම සමාගමේ නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් 10,000 ඉක්මවයි. වර්ග අඩි 300,000කට වැඩි පරිශ්‍රයක නිෂ්පාදන කටයුතු සිදු කරයි. එම සමාගම ඇසුරුම් විසඳුම් සපයන විවිධ ක්ෂේත්‍රවලට අයත් ගැනුම්කරුවන් සංඛ්‍යාව 250කට අධිකය.
Video Story