September, 29, 2017
ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් විදහා දක්වමින් ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) සම්මාන උළෙලේ දී තරු 4 පංතියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට පසුගියදා සමත් විය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “ මෙම විශිෂ්ටතා ඇගයුම ලබාගැනීමට හැකිවීම පිළිබඳව ගුවන් සමාගම ඉතා සතුටට පත්වන බවත් ගුවන් මගී ප්‍රතිචාර මත මෙම ඇගයුම හිමිවීම තුළින් මෙම සම්මානය ඉතා වැදගත් කොට සළකන බවයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදී ඔවුන් තෘප්තිමත් කරමින් ඉදිරියේදී තරු 5 පංතියේ (Five Star) ඇගයුම් ලබාගැනීමට කටයුතු කර සිටින බවයි.
APEX සංවිධානය (www.apex.aero) යනු ලෝකයේ ලාභ ඉපයීම අරමුණු කර නොගත් ගුවන් සේවා මගී අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කර සිටින සංවිධානයකි.
ශ්‍රිලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “ ගුවන් සමාගමේ සෑම සේවකයෙකුම අඛණ්ඩව සාමුහිකව කටයුතු කිරීම සහ සේවාවන් අඛණ්ඩව නව්‍යකරණය කිරීම මත මෙම විශිෂ්ට ඇගයුම් ලබාගැනීමට හැකිවූ බවයි. එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලෝකයේ අනෙකුත් ගුවන් සේවා සමඟ තරඟකාරීව කටයුතු කිරීමේ හැකියාව ඇති බවට මෙමගින් පෙන්නුම් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සමීක්ෂණයට ගෝලීය වශයෙන් ගුවන් සේවා 470 ක් ඇගයීමට ලක්කල අතර එම ගුවන් සේවා අතරින් 12% පමණක් තරු 5 පංතියේ (five-star) ඇගයුමක් ලබාගෙන ඇත. ඉතිරි 14% ගුවන් සේවා සදහා තරු 4 පංතියේ (four-star) ඇගයුම හිමි වි ඇත. මෙම five-star ඇගයුම සඳහා 2016 ඔක්තෝබර් මස 24 වැනිදා සිට 2017 ජූලි මස 31 වැනිදා දක්වා සිදුකල ගුවන් ගමන් 500,000 ක් තෝරාගනිමින් ගුවන් මගීන් විසින් නම් ගම් මන:කල්පිත ලෙස මෙම ඇගයුම සිදුකර ඇත. මේ අනුව ගුවන් මගීන් විසින් ඔවුන්ගේ සමස්ත ගුවන් ගමන් අත්දැකීම ඇගයීමට ලක්කල අතර ඊට ආසන සුවපහසුව,ගුවන් මැදිරි සේවාව,ආහාර පාන,විනෝදාස්වාදක පද්ධතිය සහ Wi-Fi සේවාව ඇතුලත් විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා කාණ්ඩයේ ප්‍රමුඛ ගුවන් සේවාවක් ලෙස හැදින්වූ අතර අනෙකුත් ගුවන් සේවා ගෝලීය සහ පිරිමැසුම් ගුවන් සේවා ලෙස නම්කරන ලදී.
මෙම සම්මාන උළෙල පසුගිය සැප්තැම්බර් 25 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ හි APEX EXPO සම්මන්ත්‍රණයේ දී පැවැත්වූ අතර ඒ සඳහා ගුවන් සේවා වෘත්තිකයන් 4000 ට අධික ප්‍රමාණයක් ගුවන් සේවාවන්ට අදාළ තාක්ෂණය,නිෂ්පාදන සහ සේවා ඉදිරිපත් කරන ලදි.
මෙම සම්මානයත් සමග ශ්‍රීලංකන් ගුවන් සමාගමට පසුගිය කාලයේ තවත් ගෝලීය සම්මාන රැසක් එනම් ඉන්දියානු සාගර කලාපයේ මෙහෙයුම් කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවාව, වසර 2ක් නොකඩවා Future Travel Experience Asia සම්මාන උළෙලේදී මධ්‍යම සහ දකුණු ආසියාවේ සමස්ත විශිෂ්ට සේවා ගුවන් සේවය බවට පත්වීම, චීනයේ Life සතිපතා සඟරාවේ චීනයේ “විශිෂ්ටතම නව්‍ය අලෙවිකරණයක් ඇති ගුවන් සේවය” ලෙස නම් කිරීම, චීනයේ ප්‍රමුඛ සංචාරක සම්මාන (Top Travel ) උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය බවට පත්වීම, තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේ දී වසර 2ක් නොකඩවා ආසියාවේ විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවය වශයෙන් සම්මානයට පාත්‍ර විය.
ශ්‍රීලංකන් නිරන්තරයෙන් සිය ගුවන් යානා ඇණිය නව්‍යකරණය කරමින් සිටියි. ඒ අනුව ගුවන් සමාගම වෙත නව ගුවන් යානා වන පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා ද පටු බද සහිත A320neo සහ A321neo ගුවන් යානා එකතු වී ඇත. මෙමගින් ගුවන් මගීන්ට සුවපහසු ආසන,නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට හැකිවී තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 47 ගමනාන්ත 105 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාර සේනක බණ්ඩාරනායක මහතා(මැද) ගුවන් සේවය වෙනුවෙන් සම්මානය ලබාගන්නා අයුරු
Video Story