Appeton, අනාගත රග්බි ක්‍රීඩකයින්ගේ ශක්තිය හා පෝෂණය වෙනුවෙන් කැප වෙයි

    July, 4, 2024

    ජාත්‍යන්තරව පිළිගත් ජනප්‍රිය පෝෂණ අතිරේකයක් මෙන්ම සුවතා සන්නාමයක් වන ්චචැඑදබල හෙට දවසේ ශ්‍රී ලාංකේය රග්බි තරු පෝෂණය හා සවිබල ගැන්වීම වෙනුවෙන් උපාය මාර්ගික පියවර රැසක් ගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. තරුණ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පෝෂණය සඳහා අත්‍යාවශ්‍ය සහයෝගය ලබා දීම, සිය හැකියාවන් තුළින් ක්‍රීඩාව තුළ දක්ෂතා දැක්වීමට අවශ්‍ය ශක්තිය සැපයීම, දිරිමත් කිරීම හා සෞඛ්‍යය සම්පන්න බව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගැනීමට Appeton කටයුතු කර තිබීම විශේෂත්වයකි.

    මලල ක්‍රීඩාවන්හි සාර්ථකත්වය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණයෙහි ඇති වැදගත්කම මනාව අවබෝධ කරගෙන ඇති Appeton මෙම පියවර සමඟ මෙරට පාසල් රග්බි ක්‍රීඩාවට ශක්තියක් ලබා දීමට කැපවී කටයුතු කරනු ඇත. එහිදී ඔවුන් වෙත අවශ්‍ය පෝෂණ අතිරේක ලබා දීම තුළින් තරුණ රග්බි ක්‍රීඩකයන්ගේ ශාරීරික ශක්තිය හා වර්ධනය ඉහළ නැංවීමට සහාය වන  Appeton Nutrition පිටිය තුළ මෙන්ම ඉන් පිටතදීත් ක්‍රීඩාශීලීත්වය මෙන්ම කණ්ඩායම් හැඟීම දිරිමත් කිරීම වෙනුවෙන් වන අත්‍යාවශ්‍ය පෝෂණ අතිරේකයක් ලෙස සඳහන් කළ හැකිය.

    මෙම වැඩසටහනෙහි පළමු අදියර ලෙස දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් කිහිපයක් සමඟ එක්වීමට Appeton බලාපොරොත්තු වන්නේ පාසල්වල තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ කුඩා වයසේ පටන් ක්‍රීඩාව වෙනුවෙන් ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ යටතේ කොළඹ වෙස්ලි විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය යන පාසල්හි නිල පෝෂණ සහකරු ලෙස කටයුතු කරන Appeton ඉසිපතන විද්‍යාලයේ අවුරුදු 10න් පහළ රග්බි කණ්ඩායම සමඟද එක්ව කටයුතු කරයි. එම  විද්‍යාලයේ අවුරුදු 10න් පහළ රග්බි ජර්සි සහ පළමු XV බෑග් සඳහා  Appeton අනුග්‍රහය ලබා දෙනු ඇත.

    වැඩෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්ම නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන රැසක් Appeton Nutrition සතුය. මෙම වැඩසටහන යටතේ යොවුන් රග්බි ක්‍රීඩකයින්ගේ ශාරීරික හා මානසික යහ පැවැත්ම මෙන්ම ඔවුන්ගේ දක්ෂතා ඔප් නැංවීම වෙනුවෙන් මෙම නිෂ්පාදනයන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දීමට Appeton කටයුතු කරනු ඇත්තේ හැකියාවෙන් පිරිපුන් දක්ෂයින් දැයට දායාද කිරීම සඳහා වන කැපවීම යළි යළිත් ප්‍රදර්ශනය කරමිනි.

    Appeton  සන්නාමය ප්‍රමුඛ කොටගත් Hemas Pharmaceuticals පුද්. සමාගමේ Consumer Healthcare ප්‍රධානී රිමාස් රිස්වි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ ශ්‍රී ලංකාවේ අනාගත රග්බි තරු සවිබල ගැන්වීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ශක්තිය හා පෝෂණය තුළින් ක්‍රීඩකයන්ට අවශ්‍ය ජවය ලබා දීම සම්බන්ධයෙන් විශ්වසයනීය නිෂ්පාදනයක් වන  Appeton තුළින් තරුණ රග්බි ක්‍රීඩකයින් හට උසස් තත්වයේ පෝෂණ අතිරේක ලබා දීමටත් ඒ හරහා ක්‍රීඩාව තුළ ඔවුන්ගේ හැකියාවන් ඉහළ නංවා සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය කිරීමටත් අපි සහයෝගය ලබා දෙනවා. තවද හෙට දවසේ දක්ෂ ක්‍රීඩකයින් බවට පත්වීමට අවැසි ශක්තිය මේ තුළින් ඔවුන් සතු වන බව අපි මේ මොහොතේ අවධාරණය කිරීමට කැමතියි” යනුවෙන් පවසා සිටින ලදී.

    මෙම හවුල්කාරීත්වයේ තවත් වැදගත්කමක් වන්නේ ක්‍රීඩකයන්ගේ ශාරීරික වර්ධනයට එහා යමින් සාමූහිකත්වයේ  වැදගත්කම අවධාරණය කිරීමට කටයුතු කර තිබීමයි. තරුණ  ක්‍රීඩකයින් ගේ දියුණුවට උපකාර වන පරිසරයක් නිර්මාණය කිරීම එහි අරමුණ වී ඇත. සමාගමේ අදහස වී ඇත්තේ මෙම ගුණාංගයන් දිරිමත් කිරීම තුළින් විශිෂ්ටත්වය මෙන්ම අඛණ්ඩතාව, ගෞරවය හා සුහදත්වය සපිරි රග්බි ක්‍රීඩකයින් පිරිසක් දැයට දායාද කිරීමයි.

    වසර 30ක කාලයක් පුරා මෙරට පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය දිනාගෙන සිටින Appeton ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ පෝෂණය හා යහපැවැත්ම ඉහළ නැංවීමට කැපවී කටයුතු කරයි. පෝෂණ විශිෂ්ටත්වය යනු Appeton Nutrition බවට ශ්‍රී ලාංකිකයින් විසින් හඳුනාගෙන ඇති අතර ඒ තුළින් වර්ධනය වන පුද්ගලයින්ගේ  අවශ්‍යතා රැසක් සපුරා ලනු ලබයි. නිරන්තරයෙන් නව්‍ය හා ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට කැපවන Appetonදෙමව්පියන්ගේ මෙන්ම සෞඛ්‍ය සේවාවන් හා සම්බන්ධ වෘත්තිකයින්ගේ විශ්වසනීය සහකරුවකු ලෙසද සඳහන් කළ හැකිය. තරුණ තරුණියන්ගේ වේගවත් වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොපිරිහෙලා ලබා දෙන ්චචැඑදබ සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී අනාගත පරපුරක ආරම්භක පෝෂණය ලෙසද පිළිගැනීමට ලක්ව ඇත.

    තත්වයෙන් උසස් පෝෂණ අතිරේක හා සුවතා නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දෙන කීර්තිමත් සන්නාමයක් වන Appeton මේ වන විට සිංගප්පූරුව, හොංකොං, මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, නයිජීරියාව සහ ග්‍රීසිය ඇතුලු රටවල් 30කට අධික ප්‍රමාණයක ඉමහත් සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත්ව සිටියි. මේ වන විට මිලියන ගණනාවක පාරිභෝගික ජනතාවකගේ බලාපොරොත්තු ඉටු කිරීමට සමත්ව ඇති Appeton ඔවුන් වෙත සෞඛ්‍යයෙන් පිරිපුන් වඩා ඵලදායී ජීවිතයක් උරුම කර දීමට කටයුතු කර ඇත. විශිෂ්ටත්වය හා නවෝත්පාදන නිෂ්පාදන වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙමින් සෑම වයස් කාණ්ඩයකටම ගැලපෙන පුද්ගල අවශ්‍යතා සපුරා ලීම වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් හඳුන්වාදී ඇති ඔවුන් ශරීරය වර්ධනය කර බර වැඩි කිරීමේ අතිරේකයන්හි සිට අත්‍යවශ්‍ය මල්ටි විටමින් දක්වා ගුණාත්මක නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දෙමින් ලොව පුරා සෞඛ්‍ය වෘත්තිකයින්ගේ මෙන්ම සුවහසක් පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ඇත.