January, 13, 2026
Asiri Health විසින් ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා Information and Communication Technology Agency of Sri Lanka (ICTA) සමඟ හවුල්කාරීත්වයකට එක්වීම පසුගියදා සිදු කරන ලදී. මේ තුළින්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය ප්‍රමුඛ සෞඛ්‍යය සේවා පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම හවුල්කාරීත්වය, ICTA විසින් සංවිධානය කරන ලද ‘Global Entrepreneurship Week 2025’ යටතේ පැවැත්වුණු HealthTech startup pitching වැඩසටහනේ දී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. එහිදී HealthTech ආරම්භක ව්‍යාපාර 7ක් සෞඛ්‍යය හා තාක්ෂණ ක්ෂේත්‍රයේ මූලික අභියෝග විසඳීම සඳහා වූ තම නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කළහ. මෙම වැඩසටහනේ සෞඛ්‍යය සේවා හවුල්කරු ලෙස Asiri Health එක්වූ අතර එමඟින් ආරම්භක ව්‍යාපාරවලට Asiri Health හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණය, සැබෑ රෝහල් පරිසරය, වෛද්‍ය විශේෂඥ දැනුම සහ වාණිජමය අදහස් වෙත සෘජු ප්‍රවේශය ලබා දුනි. මෙම වැඩසටහන, ආරම්භක ව්‍යාපාරවලට සිය විසඳුම් තවත් නිවැරදි කර ගැනීමට, සජීවී සෞඛ්‍යය සේවා පරිසරයන් තුළ පරීක්ෂා කිරීමට සහ දේශීය මෙන්ම ජාත්‍යන්තරයට ගෙන යාමට සූදානම් වීමට උපකාරී වේ.
මෙම හවුල්කාරිත්වය සඳහා Asiri Health හි මැදිහත් වීම මඟින් නවෝත්පාදනමය සෞඛ්‍යය සේවා නායකයකු ලෙස ඔවුන්ගේ ස්ථාවරය තහවුරු කරයි. ආරම්භක සමාගම් සමඟ ක්‍රියාකාරීව එක්වෙමින් රෝගීන්ගේ අත්දැකීම්, සායනික කාර්යක්ෂමතාව සහ සෞඛ්‍යය සේවා සැපයුම තාක්ෂණය හරහා වර්ධනය කිරීමටත්, ඔවුන් අපේක්ෂා කරන ගුණාත්මකභාවය, ප්‍රවේශ වීමේ හැකියාව සහ තාක්ෂණය මත පදනම් වූ සෞඛ්‍යය සේවා සඳහා ගැළපෙන, HealthTech විසඳුම් හඳුනාගෙන ඒවා අත්හදා බැලීමට, හවුල් වීමට සහ ව්‍යාප්ත කිරීමට Asiri Health අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ, ජාතික ඩිජිටල් හා HealthTech පරිසර පද්ධතිය ගොඩනගා ගැනීම සහ ශක්තිමත් කිරීම ICTA හි භූමිකාව වන අතර ඒ සඳහා නවෝත්පාදකයන් සහ කර්මාන්ත නායකයන් අතර සම්බන්ධතා ගොඩනැගීම ඔවුන් විසින් සිදු කරයි.
මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ICTA හි සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරත්න මහතා සඳහන් කළේ, "මෙම වැඩසටහන HealthTech ආරම්භක සමාගම්වලට කර්මාන්ත නායකයන් සහ සෞඛ්‍යය වෘත්තිකයන් සමඟ සෘජු සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැදගත් අවස්ථාවක් සපයනවා. Asiri Health විසින් ඔවුන්ගේ පරිසර පද්ධතිය නවෝත්පාදකයන්ට විවෘත කිරීම සහ ඔවුන්ට වටිනා උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් අපි Asiri Health හට අපගේ කෘතඥතාවය පළ කරනවා. 2030 වන විට USD බිලියනක 5ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ අරමුණට අප දක්වන දායකත්වය මෙම හවුල්කාරීත්වය තුළින් පිළිබිඹු වෙනවා."
"Asiri Health නිරතුරුවම රෝගීන්ගේ අත්දැකීම් සහ සෞඛ්‍යය සේවා සැපයුම තවදුරටත් උසස් කරගැනීමට හැකි ආකාරයේ නවෝත්පාදන කෙරෙහි අවධානය යොමු කරනවා. ICTA සමඟ ඇති මෙම හවුල්කාරීත්වය හරහා රටේ වඩාත්ම විශාල හැකියාවන් ඇති HealthTech නවෝත්පාදකයන් සමඟ කටයුතු කිරීමට අපට අවස්ථාව හිමි වෙනවා. ආරම්භක ව්‍යාපාර, වෛද්‍ය වෘත්තිකයන් සහ ආයතනික නායකයන් අතර ඇති වන සංවාදයන් ඉතා වටින අතර මෙම විසඳුම් Asiri Health රෝහල් ජාලය තුළ සහ ඉන් පරිබාහිරව අත්හදා බැලීමට විශාල හැකියාවක් පවතින බව අප විශවාස කරනවා." Asiri Health හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉම්රාන් ෆුර්කාන් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
Pitching වැඩසටහන මගින් ආරම්භක ව්‍යාපාර වලට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයන්, රෝහල් කළමනාකරණය සහ තාක්ෂණ විශේෂඥයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට හැකි වූ අතර, සායනික, මෙහෙයුම් සහ පාලන අවශ්‍යතා පිළිබඳ වටිනා අදහස් ලබා ගත හැකි විය. මෙම feedback-driven ප්‍රවේශය මඟින් ආරම්භක ව්‍යාපාර, විසඳුම්–වෙළඳපොළට ගැළපෙන ආකාරයට හැඩගස්වන අතර ඒවායේ දියුණුවට උපකාරී වෙයි.
අනාගතයේ දී Asiri Health සහ ICTA, මෙම HealthTech startup වැඩසටහන වාර්ෂිකව පවත්වාගෙන යාමට සැලසුම් කරන අතර එමඟින් HealthTech නවෝත්පාදනයන් හඳුනා ගැනීම, පෝෂණය කිරීම සහ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙයි. ඔවුන්ගේ දිගුකාලීන දැක්ම වන්නේ ආරම්භක ව්‍යාපාරයන්ට දේශීයව විසඳුම් අත්හදා බැලීමට ඉඩ සැලසීම සහ කලාපීය සහ ජාත්‍යන්තර ව්‍යාප්තිය සඳහා ඔවුන්ව සූදානම් කිරීමයි.
Video Story