June, 30, 2025
ඉතිහාසයේ ප්රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 18,000 සීමාව ඉක්මවීමට සමත් විය.
ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.98 කින් ඉහළ ගොස් ඒකක 18,014.86ක් ලෙසින් දැක්වුණි.
එහි දී සෙන්ට්රල් ෆයිනෑන්ස් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ බුකිට් ඩාරා යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණු අතර අද දින සමාගම් 126ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණි.
මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 62.74 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,345.80 ක් ලෙසින් සටහන් වුණි.
අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 6.38ක් ලෙසයි.
Video Story