November, 4, 2025
කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (04) පෙරවරුවේ දී ඒකක 23,000 සීමාව ඉක්මවීමට සමත්විය.
දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 23,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
අද පෙරවරු 09.38ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,001.27ක් ලෙසින් සටහන්ව තිබුණි.
Video Story