ASUS Gaming V16 දැන් ශ්‍රී ලංකාවේ : පරිගණක ක්‍රීඩා සහ නිර්මාණ ශිල්පීන් සඳහා හොඳම තේරීමක්

    September, 17, 2025

    ලොව ප්‍රමුඛතම පරිගණ ඉලෙක්ට්‍රොනික සන්නාමයක් වන ASUS  ලැප්ටොප් මාදිලි එකතුවට අලුතින්ම එක් වූ ASUS Gaming V16 (V3607) ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව දැන් උදා වී ඇත. පරිගණක ක්‍රීඩාවලට උනන්දුවක් ඇති අයට මෙන්ම, නිර්මාණ ශිල්පීන්ට, සිසුන්ට සහ වෘත්තිකයන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති ASUS Gaming V16, අති නවීන තාක්‍ෂණය, මෘදු සහ සැහැල්ලු සිත්ගන්නා නිමාවකින් සමන්විතය. ඉතා වේගවත් refresh rate සහිත display එකක් සහ ප්‍රබල විශේෂාංග රැසකින් යුතු මෙම මාදිලිය මෙරටට හඳුන්වා දීම සිදු කෙරුණේ Singer Sri Lanka PLC සමාගමේ සහයෝගීතාවයෙනි. 

    ASUS Gaming V16 හි ඇති විශේෂම ලක්ෂණය වන්නේ එහි ඇති සැහැල්ලු හා සිහින් නිමාවයි (1.95kg, 1.8mm සිහින්). මෙය පරිගණක ක්‍රීඩාවලට කැමති අය සහ නිර්මාණකරුවන් සඳහා විශේෂිත ලැප්ටොප් පරිගණකයක් වන අතර, පහසුවෙන් ගෙන යාමේ හැකියාව සහ කාර්යක්ෂමතාව මෙන්ම අඟල් 16ක FHD+ 144Hz Display එකක්, NVIDIA® GeForce RTX™ GPU 5050 දක්වා සහ dual-fan cooling system එකක් ද මීට ඇතුළත් වේ. එහි මෘදු matte කළු නිමාව සහ ආලෝක රටා සහිත turbo blue යතුරුපුවරුව පරිගණක ක්‍රීඩාවන්ට උනන්දු අයට හා නිර්මාණකරුවන්ට හොඳින්ම ගැළපෙන, වඩාත් සිත්ගන්නා අයුරින් නිර්මාණය වී ඇත.‍

    “ASUS සමාගමේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ Gaming සහ Creator ලැප්ටොප් පරිගණක සඳහා හොඳම විශේෂාංග නිරන්තරයෙන් හඳුන්වා දීමයි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්‌ගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන අයුරින් එහි කාර්යක්ෂමතාව, නිමාව සහ AI තාක්ෂණය යන සියල්ල එක් කළ මාදිලියක් ලෙස ASUS Gaming V16 (V3607) හඳුන්වා දීමට පුළුවන්. වේගවත්, නම්‍යශීලී සහ අනාගතයට ගැළපෙන පරිගණකයක් ලෙස Gaming හා නිර්මාණ කටයුතු සඳහා විශේෂ මාදිලියක් වූ මෙම නව පරිගණකය, අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීම සඳහා Singer Sri Lanka සමාගම සමඟ අත්වැල් බැඳගන්නට ලැබීම ගැනත් අපි ඉතා සතුටට පත් වෙනවා. ඒ වගේම මෙම නව මාදිලිය Gaming සහ නිර්මාණශීලී කටයුතුවලට අලුත් පියවරක් තබනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් ASUS දකුණු ආසියා කලාපීය ප්‍රධානී  Eric Ou සඳහන් කළේය.

    ASUS Gaming V16 පරිගණකය Intel® Core Processor (Series 2) සහ RTX 5000 series GPU මඟින් බලගැන්වෙන අතර, 16GB DDR5 RAM (32GB දක්වා පුළුල් කළ හැකි) සහ 512GB M.2 NVMe PCIe 4.0 SSD සමඟ සම්බන්ධ කර ඇත. මේ නිසා බාධාවකින් තොරව කාර්යයන් කිහිපයක් වුවත් ඉහළ කාර්යක්ෂමතාවකින් එකවර සිදු කිරීමේ හැකියාව ඇත. වැඩි දියුණු කළ I/O Port Options අතර PD සහ DP support සහිත USB-C, HDMI 2.1 සහ Wi-Fi 6 ඇතුළත් නිසා නොනවතින වැඩ ගොන්නක් සහ Games සඳහා ද හොඳ සහයක් මින් ලබා දෙයි. එමෙන්ම, මෙහි ඇති 63Wh බැටරිය ද කාර්යබහුල පරිසරයකට හොඳින්ම ගැළපෙන්නකි.

    “ASUS Gaming V16 හඳුන්වාදීම තුළින් ASUS සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කිරීමට අවස්ථාව ලැබීම ගැන Singer Sri Lanka හැටියට අපි ඉතාමත් ආඩම්බර වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ අපි ජාත්‍යන්තර මට්ටමේ තාක්‍ෂණය ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට සමීප කරන්නට කටයුතු කරමින් සිටිනවා. මෙම හඳුන්වා දීම, ඒ උත්සාහයේම තවත් එක් පියවරක්. ASUS Gaming V16 සිසුන්ට සහ තරුණ වෘත්තිකයන්‌ගේ වැඩකටයුතුවලට වඩාත් ගැළපෙන අයුරින්, සිහින් හා මෘදු නිමාවකින් නිර්මාණය වී තිබෙනවා. Gaming සහ නිර්මාණ කටයුතුවල නියැලෙන පිරිසගේ මූලික අපේක්ෂාව වන ඉහළ කාර්යක්ෂමතාවකින් මෙය සමන්විතයි. දිවයින පුරා විහිදුණු ශාඛා සහ අලෙවියෙන් පසු සේවා ජාලයේ සහය ද ලබමින් ASUS සමඟ එක්ව මෙම මාදිලිය ශ්‍රී ලංකාවේ පහසුවෙන්ම මිලදී ගත හැකි උපාංගයක් බවට පත් කරන්නට හැකි වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් Singer සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.

    ASUS යනු, Motherboard, Graphic card, ලැප්ටොප් සහ Gaming solutions සඳහා ලොව ප්‍රමුඛතම සන්නාමයක් ලෙස පිළිගැනීමට ලක්වූ සමාගමකි. ASUS Gaming V16 හඳුන්වාදීම ඒ අභිමානය තවත් වර්ධනය කරන්නට හේතු වී ඇත. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට පරිගණක කටයුතු සහ Gaming යන අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු, අනාගතයට ඔබින උපාංගයක් අත්විඳීමට ද මේ තුළින් අවස්ථාව හිමි වී තිබේ. එමෙන්ම, මෙරට පරිගණක ඉල්ලුම සඳහා ලොව නවීන නිපැයුම් හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාව තුළ Gaming සහ පරිගණක නිර්මාණ ක්ෂේත්‍රය  ඉහළ නංවන්නට ASUS ගෙනයන මෙහෙවරේ තවත් ඉදිරි පියවරක් ද මෙමඟින් සනිටුහන් කර ඇත.

    මිල ගණන් සහ මිලදී ගත හැකි ස්ථාන : ASUS Gaming V16 දිවයින පුරා පිහිටි Singer Mega සහ Singer Plus වෙළඳසැල් හරහා මෙන්ම Singer.lk වෙබ් අඩවිය ඔස්සේ ද Online හරහා ලබා ගත හැකිය. මිල රු. 389,990 සිට මෙම ලැප්ටොප් පරිගණකය මිලදී ගත හැකි අතර, පාරිභෝගිකයින්ට නම්‍යශීලී පහසු ගෙවීමේ ක‍්‍රම මඟින් ලබා ගැනීමෙ අවස්ථාව ද Singer සමාගම වෙතින් උදා කර දී ඇත.