‘AVIAREPS India’ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට

    March, 21, 2024

    'AVIAREPS India' සමාගම 2024 වර්ෂය සඳහා සිය ආයතනයේ විනෝදාස්වාද ගමනාන්තය (offsite trip) ලෙස මෙවර ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා. ඒ අනුව තෙදින සංචාරයක් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණි මොවුන් ශ්‍රීලංකික සම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන, දේශීය ආහාරපාන, සුන්දර වෙරළ තීරයන්, ස්වාභාවික මං පෙත් සහ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද අංගයන් අත්විඳිනු ලැබීය.

    'AVIAREPS India' සමාගම ලොව පුරා රටවල් 60ක් පුරා විහිදිනු සිය ශාඛා 70 ක් සමඟින් සේවාදායකයින් 250කට අධික සංඛ්‍යාවකට සේවා සපයන ප්‍රමුඛතම ගුවන් සේවා සහ සංචාරක නියෝජිතායතනයකි. එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉන්දියාවේ මහජන සම්බන්ධතා නියෝජිත ආයතනය ලෙස ද 'AVIAREPS India' ආයතනය කටයුතු කරයි.