Axionent වෙතින් Ninewells mobile healthcare අංශයට අද්විතීය නව්‍යකරණයක්

    December, 13, 2019

    Ninewells රෝහලේ සේවය ලබාගන්නා රෝගීන්ට වඩාත් විශ්වාසවන්ත සහ පහසු healthcare සේවාවක්

    ප‍්‍රමුඛතම ව්‍යාපාරික මෘදුකාංග විස`දුම් සැපයුම්කරුවෙක හා මෙන්ම Access සමාගම් සමූහයේ උප සමාගමක් වන Axionent සිය සේවා ලබාගන්නා භසබැඇකකි රෝහලේ mobile healthcare මෘදුකාංගය වැඩි පහසුකම් සහිතව නවෝත්පාදන්යට ලක්කර තිබේ.

    iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම මෙම මෘදුකාංගය භාගත කරගත හැකි අතර, Ninewells රෝහල වෙත ප‍්‍රතිකාර ස`දහා පැමිණෙන්නන්ගේ පහසුව ඉහළ නැංවීම එහි ප‍්‍රධානම ඉලක්කයකි. සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම වඩාත් පහසුකරමින් විශේෂයෙන්ම ගර්භනී මව්වරුන්ට ගර්භනී සමය තුළ මෙන්ම ඉන් පසුවද අවශ්‍ය සහයෝගය ලබාදීම මේ හරහා සිදු වේ.

    ”යහපත් සෞඛ්‍යයක් පවත්වාගැනීම අප සැමගේම පැතුමයි. ඩිජිටල් healthcare සේවාවන්හි දියුණුවත් සමග රෝගීන්ගේ දනුම්වත්භාවය ඉහළ නැංවීමේ අවස්ථා වෙන කවදාටත් වඩා නිර්මාණයවී තිබෙනවා. අසීරු සෞඛ්‍ය ගැටළු තත්ත්වයන්හිදී අවශ්‍ය තොරතුරු හා සිහිකැ`දවීම් ^reminders& ලබාදෙමින්, ඔවුන්ගේ වෛද්‍ය සේවා අවශ්‍යතා පහසු සරල ක‍්‍රමවේදයක් හරහා ලබාගැනීමට අවස්ථාව දැන් තිබෙනවා. Ninewells රෝහලේ සේවාව ලබන රෝගීන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම ස`දහා අපට අර්ථවත් දායකත්වයක් ලබා දිය හැකි බව අපගේ විශ්වාසයයි. අපගේ මෘදුකාංග සේවා පද්ධතිය විශේෂයෙන්ම නිර්මාණයකර තිබෙන්නේ ගර්භනී මව්වරුන් වෙනුවෙනුයි. සෞඛ්‍ය සේවාවන් මේ නිසා වඩාත් පහසු, සරල හා දැරිය හැකි මිලකට ලබාගැනීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනවා.” යනුවෙන් Axionent සමාගමේ ඉංජිනේරු කළමනාකරු, චමින්ද්‍ර දුල්ශාන් පවසා සිටී.

    නවෝත්පාදනයට ලක්කරන ලද මෙම ජංගම මෘදුකාංගයෙහි සේවාව හා පහසුකම් අනිකුත් රෝගීන්ටද ලබාගැනීමට අවස්ථාව තිබේ. cloud තාක්ෂණය භාවිතා කෙරෙන මෙමගින් ආරක්ෂිතව වෛද්‍යවරුන් සමග ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා තැන්පත්කර තබාගැනීම සහ ලබාදීමද සිදු වේ.

    ඊට අමතරව Ninewells රෝහලේ විශේෂඥ වෛද්‍ය හමුවීම් කලින් වෙන්කර ගැනීමේ හැකියාව මෙන්ම දන්ත වෛද්‍ය සේවා, රේඩියෝලොජි සහ සාඵල්‍යතා සේවා වැනි රෝහලෙන් ලබාගත හැකි පුළුල් පරාසයක වෛද්‍ය සේවා පිළිබ`ද සිදුකරන දැනුම්වත්් කිරීම්වලින්ද මෙම Ninewells mobile healthcare සේවාව අංගසම්පූර්ණ වේ.

    ක‍්‍රියාත්මක කිරීමේ හා මතක තබා ගැනීමේ පහසුව සහිත මෙම මෘදුකාංගය මව්වරුන්ගේ පශ්චාත් ප‍්‍රසූති ආරක්ෂණ අත්දැකීම් පහසුකරදීම සහ වයස අවුරුදු එකට අඩු දරුවන් වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම සිය මූලික කාර්යභාරයක් බවට පත්කර තිබේ. මෙම Ninewells mobile healthcare මෘදුකාංගය භාවිතයෙන් තම ගර්භනී සමයෙහි වැදගත් අවස්ථා වාර්තා තබාගැනීමටත් වැදගත් ආහාර, ව්‍යායාම සහ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබ`ද සිහිකැ`දවීම් කිරීමද සිදු කෙරේ.

    තම දරුවන්ගේ වර්ධනය පිළිබ`දව සහ අවශ්‍යතා පිළිබ`දව පුළුල් අවබෝධයක් මෙම මෘදුකාංගය ලබා දෙන අතර, වර්ණවත් අලංකාර කැලැන්ඩර පහසුකමකින්ද සමන්විත වේ. ශ‍්‍රී ලාංකික මව්වරුන්ගේ සංස්කෘතික සහ ආහාර සංවේදීතාවයන්ට අනුකූලව තොරතුරු ලබාදීම සිදුකෙරන අතර, තේරුම් ගැනීමට සහ ක‍්‍රියාත්මක කිරීමට පහසු ආකාරයට අදාල දැනුම් දීම් සිදු කෙරේ.

    සුරක්ෂිත ගර්භනී සමයක් සහතික කිරීම ස`දහා විශේෂයෙන්ම මෙම නවෝත්පාදනයට ලක්කරන ලද මෘදුකාංගයට විශේෂ පහසුකම් දෙකක් අන්තර්ගත කර තිබේ. කුස තුළ සිටින දරුවා චලනය වන වාර ගණන ගණනය කිරීමේ kick counter මෙවලම හා පූර්ව ප‍්‍රසව සංකෝචන වාර්තා තබා ගැනීමේ contraction timer මෙවලම එම පහසුකම් වේ.

    දරු උපතින් පසුව ගෙවෙන වැදගත් කාලසීමාව තුළ මෙම මෘදුකාංගය භාවිතයෙන් මව්වරුන්ට සිය දරුවන්ගේ ශාරීරික, සමාජීය හා මානසින සංවර්ධනය ස`දහා අදාල දැනුවත්භාවය ලබාගත හැකිය. ප‍්‍රතිශක්තිකරණයන් ලබාදීම, මව්කිරි ලබා දීමේ උපදෙස්, ආහාර නිර්දේශකරණයන්, දෙමාපිය කාර්භාරයන් සහ පශ්චාත් ප‍්‍රසව සමයේ ශාරීරික හා මානසික වශයෙන් සුරක්ෂිතව සිටීමේ වැදගත්කම ආදී කරුණු ඊට අයත් වේ.

    එමෙන්ම ගිලන් රථයක් ගෙන්වා ගැනීමේ පහසුකම මෙන්ම හදිසි ප‍්‍රතිකාර සේවා ලබා ගැනීමට මෘදුකාංගය විසින් හැකියාව ලබා දෙන අතර, ඉදිරියේදී රෝහල් ගාස්තු ගෙවීම ස`දහා විශේෂ ලෝයල්ටි වැඩසටහනක් හරහා ලකුණු ලබාදීම දක්වා මෘදුකාංගය සංවර්ධනය කිරීමට Axionent සමාගම අපේක්ෂාවෙන් සිටී.

    මෙම මෘදුකාංගයෙහි වැඩි දුර සංවර්ධනය පිළිබ`දව අදහස් දක්වන දුල්ශාන් මහතා ”මෙම නව අගය එක් කිරීම් නිසා රෝගීන් හා Ninewells රෝහල අතර සන්නිවේදන කටයුතු සිදුකිරීම ශක්තිමත් වෙනවා. ඇත්තටම වර්තමානයේදී අපට සාමාන්‍ය වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් රෝහලට යාම කාර්යබහුලත්වය නිසා අපහසුවී තිබෙනවා. මේ බව අපි තරයේ සිතට ගනිමින් මෘදුකාංගයෙහි සංවර්ධන කටයුතු සිදුකරන ලද අතර, රෝහල වෙත ගොස් ලබා ගත යුතුව තිබූ සේවාවන් ඇ`ගිලි තුඩක එහා මෙහා කිරීමකින් ලබාගැනීමට දැන් රෝගීන්ට පුළුවන්.” යනුවෙන් පවසා සිටී.

    Access සමූහයට අයත් Axionent සමාගම healthcare" ticketing, ක්ෂුද්‍ර මුල්‍ය සහ ආරක්ෂක සේවා වැනි අංශයන් වෙත අවශ්‍ය නව්‍ය හා සංකීර්ණ මෘදුකාංග විස`දුම් සපයන අතර ඒවායෙහි සංවර්ධන හා ස්වයංක‍්‍රීයකරණ ක‍්‍රියාවලීන් ස`දහාද දායක වෙයි. අවන්හල් හා සංචාරක හෝටල් ස`දහා ලෝයල්ටි පද්ධති නිර්මාණය කිරීම, SLTB සහ මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් නිර්මාණය කළ පෙරගෙවුම්/ NFC ප‍්‍රවාහන ප‍්‍රවේශපත් නිකුත් කිරීමේ පද්ධතීන්, විද්‍යුත් ප‍්‍රවේශපත් නිකුත් කිරීමේ පද්ධති සහ මහජන බැංකුව සහ තවත් මුල්‍ය ආයතන ස`දහා නිර්මාණය කළ ශාඛා රහිත බැංකුකරණ සේවා පද්ධතීන් වැනි අද්විතීය මෘදුකාංග විස`දුම් ඔවුන්ගේ නම ඉදිරියේ ලියවී තිබේ. විවිධ ක්ෂේත‍්‍රයන්හි මිලියන සංඛ්‍යාත ගනුදෙනු සිදුකිරීම ස`දහා සමාගමේ මෘදුකාංග විස`දුම් දෛනිකව දායකත්වය ලබා දෙයි.