July, 2, 2019
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සහ සුවතා යෙදුම ^app& වන AYUBO.LIFE සුව ජීවන රටාවක් ප‍්‍රවර්ධනය කිරීමේ මෙහයුමේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් නවතම zz2 Colombo step challenge˜ ඩිජිටල් සුවතා වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට තෑගි පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.
මෙම zz2 Colombo step challenge" මාර්තු 18 වනදා සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා පැවති අතර තරඟයට සහභාගී වුවන් පියවර 175000 කට වැඩි ප‍්‍රමාණයක් ගමන් කරමින් මෙම අභියෝගය ජයගනු ලැබීය. AYUBO.LIFE ජංගම දුරකථන යෙදුම ^app& හරහා සහභාගී වුවන්ගේ ප‍්‍රගතිය පිලිබඳ සජීවී දත්ත වාර්තාවක් සපයමින් ඔව්න් තවදුරටත් දිරිමත් කල අතර එමගින් නුවර සිට කොළඹට ඔව්න් කෙතරම් දුරක් පා ගමනින් පැමිණියේද යන්න පිලිබඳ ප‍්‍රගතිය තමාටම නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබිණි.
මෙහිදී තරඟකරුවන්ට සතිපතා රුපියල් 50000 බැගින් ත්‍යාග ද , අතිරේඛව AYUBO.LIFE ලෝයල්ටි ලකුණු වන AYUBO.LIFE ලකුණු සහ සෙසු ත්‍යාගද පිරිනැමිණි.
මේ සම්බන්ධව අදහස් දක්වන AYUBO.LIFE හී අධ්‍යක්ෂ ප‍්‍රධාන මෙහයුම් නිලධාරිණි වෛද්‍ය චමිලා ආරියනන්ද මහත්මිය, zzBack 2 ColomboZZ අභියෝගය පැවැත් වූ කාල සීමාවේදී ජනතාව ඒ පිලිබඳ දැක්වූ උනන්දුව පිලිබඳ අප සතුටටත් උද්දාමයටත් පත් වෙනවා.මිනිසුන් සවිඥානිකව පියවර තැබීමට දිරි ගැන්වීම තුළින් ඔව්න් වඩාත් නීරෝගී බවට පත්වෙනවා සේම ජීවිතය සතුටින් ගෙන යාමටත් එය උදව් වෙනවා.යැයි පැවසීය.
zzBack 2 Colombo˜ තරඟය සඳහා සිනමන් එයාර්,ජාතික ඉතිරිකිරීමේ බැංකුව, හෙල්ත් නෙට් බයි,ඇන්කර්, ෂේප් අප්, සබ්වේ, විෂන් කෙයා, VLCC, හැටන් නැෂනල් බැංකුව, Trackiex, හේමාස් රෝහල,කොමර්ෂල් බැංකුව,අනන්ත්රා කළුතර රිසොර්ට්,පිනක් ෆොක්ස් රිසොර්ට්,ෆොක්ස් රිසොර්ට් සහ ටෙක්ස්ට‍්‍රචේ යන ආයතන අනුග‍්‍රාහකත්වය දැක්වූ අතර දැන්වීම් සහකරුවන් ලෙස යස් එෆ් එම්,ස්ටෝම් මීඩියා,මීඩියා සොෆ්ට්,සහ ඇටම් මීඩියා යන ආයතන සහයෝගය දැක්වීය.
තරඟයේ ජයග‍්‍රාහකයන් අතර කුෂාන්ත පෙරේරා මහතා සිනමන් එයාර් ගුවන් ප‍්‍රවේශපත‍්‍ර දිනා ගත් අතර ,නොයෙල් පෙරේරා මහතා කළුතර අන්නත්රා හී සියලූ පහසුකම් සමග රාත‍්‍රියක් ගත කිරීම සඳහා අවස්ථාව හිමි විය. එසේම රවිරාජන් ඉන්දිරරජා මහතාට පින්ක් ෆොක්ස් රිසොර්ට් හී සියලූ පහසුකම් සහිතව රාත‍්‍රී දෙකක් ගත කිරීමටත්,ක්ලයිව් ප‍්‍රනාන්දු මහතාට යාපනයේ ෆොක්ස් රිසොර්ට් හී සියලූ පහසුකම් සහිතව රාත‍්‍රී දෙකක් ගත කිරීමටත් අවස්ථාව උදා විය.
මේ අතර අනෝජ් ද සිල්වා,මොහමඞ් අෆ්රින්,උසාමා අසාර්,සලාම් සිල්මි,සහ කාවින්ද රණසිංහ,යන තරඟකරුවන්ට විෂන් කෙයා මගින් පෝලර් අව් කණ්නාඩි පිරිනැමිණි.
එසේම සංජීව ද සිල්වා,සජීව් රණතුංග,සුභාෂ් ප‍්‍රනාන්දු,සහ ලසිත ගුණසේකර ්ශඹඊධගඛෂත්‍ෑ විසින් සතිපතා පිරිනමනු ලැබූ රුපියල් 50000 මුදල් ත්‍යාග හිමිකරගැනීමට සමත් වූ අතර මයිකල් තිලිප්,ශානි සේනාසිංහ,අජිත් පරාක‍්‍රම,අංජන ශාමේන්ද්‍ර සිල්වා,සහ ගිශාන් මෙන්ඩිස්,ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පිරිනමනු ලැබූ රුපියල් 10000,මුදල් ත්‍යාග දිනා ගැනීමට සමත් විය.
මීට අතිරේඛව තවත් 25 දෙනකුට සබ්වේ තෑගි වව්චර ද,පස් දෙනෙකු ට ටෙක්ස්ට්‍රෙච් ෆිට්නස් පැක් ද සහ තවත් පස් දෙනකුට ඇන්කර් ෂේප් අප් තෑගි පාර්සල්ද ලැබිණි.
AYUBO.LIFE යනු ජීවන රටාවන් ,සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාවයන් පිලිබඳ දැනුවත් කරනු ලබන යෙදවුමකි ^app&' මෙම ඇප් එක භාවිතයෙන් විවිධ සෞඛ්‍ය සේවාවන් සමග සම්බන්ධ වීම,පවුලේ වෛද්‍ය වාර්තා ගබඩා කර තබා ගැනීම, වීඩියෝ පහසුකම් මගින් වෛද්‍යවරුන් සමග සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර ව්‍යායාම පිලිබඳ වාර්තා තබා ගැනීම සහ ශාරීරික සුවතා ආයතනයන් සමග සම්බන්ධ වෙමින් ශාරීරික සුවතා පිලිබඳ ඔන් ලයින් පහසුකම් ලබා දීමද සිදු කරයි. AYUBO.LIFE යනු ඩිජිටල් හෙල්ත් කෙයා පුද්ගලික සමාගම මගින් ක‍්‍රියාත්මක සහ එකී ආයතනය සතු ඇප් එකකි. මෙම ආයතනය සදහා හේමාස් හෝල්ඩින්ග්ස් සමුහය ප‍්‍රතිපාදන සහ පහසුකම් සපයනු ලබයි.
Video Story