November, 25, 2016
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙරට තිරසර ආයතනික පුරවැසියන් ඇගයීමේ සම්මාන උළෙලේ දී හේලීස් පීඑල්සී ‘Best Corporate Citizen Sustainability Award’ 2016 සහ ‘Grand Slam Award’ සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) කොළඹ දී පැවත් මෙම සම්මාන සන්ධ්‍යාවේ දී ‘Best Corporate Citizen Sustainability Award’ 2016 දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් කාග්ලිස් (සිලෝන්) පීඑල්සී හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් හිමිකර ගන්නා ලදී.
මේ අතර මෙරට ප්‍රමුඛතම ආයතනික පුරවැසියන් 10 දෙනා ලෙස මෙවර Aitken Spence PLC; Cargills (Ceylon) PLC), Ceylon Biscuits Limited, Diesel and Motor Engineering PLC, Hatton National Bank, Hayleys PLC, John Keels Holdings PLC, People’s Leasing & Finance PLC, Sampath Bank PLC and Singer (Sri Lanka) PLC සම්මානයට පාත්‍ර විය.