Blue Ocean Securities ගැන සුරැකුම්පත් කොමිසමෙන් නිවේදනයක්

    November, 26, 2025

    Blue Ocean Securities Ltd ආයතනයට, ආයෝජකයින් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත් වෙළෙඳාම් කිරීමට කිසිදු බලපත්‍රයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසයි.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසන්නේ එහි ප්‍රධාන විශ්ලේෂක සහ ඔහුගේ සහකරු ලියාපදිංචි ආයෝජන උපදේශකයන් නොවන බවයි.

    FCA මූල්‍ය සේවා ලේඛනයට අනුව, Blue Ocean Securities Ltd ආයතනයට එක්සත් රාජධානියේ මූල්‍ය මෙහෙයුම් අධිකාරිය (FCA) විසින් බලපත්‍ර ලබා දී හෝ අවසර දී නොමැති බව ද ඔවුන් පවසා සිටියි.

    මෙම ආයතනයට එරෙහිව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ අනෙකුත් නීති බලාත්මක කිරීමේ අධිකාරීන් විසින් දැනට නියාමන පියවර ගනිමින් සිටින බව ද වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වැඩි දුරටත් පවසන්නේ,

    • මෙම සමාගම සමඟ කිසිදු ගනුදෙනුවක නිරත නොවන්න,
    • සුරැකුම්පත් ගණුදෙනු සඳහා ඔවුන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් නොකරන්න,
    • මෙම සමාගම හා සම්බන්ධ කිසිදු WhatsApp කණ්ඩායම් හෝ වෙනත් සන්නිවේදන නාලිකාවකට සම්බන්ධ නොවන්න ලෙසයි.