April, 28, 2016
ලොවපුරා සිටින සුවිශේෂී ව්‍යාපාර හා නායකයින් හඳුනාගෙන වසරක් පාසා ඔවුන්ව අගයන BID Century International Quality ERA (CQE) සම්මාන උළෙලේ දී රන් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගැනීමට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව (BMICH) සමත්විය.
ව්‍යාපාර හා මෙහෙයුම් කටයුතු වලදී ඉහළ ගුණාත්මක බවින් යුතුව කටයුතු කරන ආයතන හා නායකයින් BID උළෙලේදී ඇගයීමට ලක්කරයි. ව්‍යාපාරයේ සමස්ත මෙහෙයුම් කටයුතු වලදී පාරිභෝගිකයින්ට ඉහළ තෘප්තියක් හිමිවන සේවාවක් ලබාදීමට කටයුතු කරන හා අනවශ්‍ය වියදම් අවම කර පූර්ණ තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය දැක්වූ ව්‍යාපාර රාශියක් මෙවර BID උළෙලේදී සම්මානයට පාත්රවිය.
BMICH මෙරට තුළ පවතින කීර්තිමත් ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රමුඛත්වය හිමිකරගෙන සිටින බව මෙම සම්මානය තුළින් ජාත්‍යන්තරය ඉදිරියේ තවදුරටත් තහවුරු වූ අතර එහි අනාගත දියුණුව වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස ද මෙම අවස්ථාව දැක්විය හැකිය.
BID සම්මාන උළෙල ඇමතූ BMICH අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, සුනිල් දිසානායක මහතා දශක ගණනාවක ගමන්මග තුළ BMICH වෙත හිමිවූ සුවිශේෂී ඇගයීම් හා එහි ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් වූ ඉලක්ක පිළිබඳව සඳහන් කළේය.
BMICH වෙත මෙවර BID සම්මානය හිමිවූයේ ක්ෂේත්රය තුළ තරගකාරී ප්රතිලාභ සේවාදායකයින්ට ලබාදෙමින් පවතින ගෝලීය ආර්ථික ගැටළු හමුවේ වුවද ඉහළ තත්ත්ව කළමනාකරණයෙන් යුතු ආයතනයක් ලෙස කටයුතු කිරීමට මහත් වෙහෙසක් දරන නිසාවෙනි.
සේයා රූ සටහන - BID ශිල්පීය අධ්යක්ෂ මහාචාර්ය අල්ෆොන්සෝ සි කසල්, BID සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජොසේ ඊ. ප්රිටෝ, BMICH අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, සුනිල් දිසානායක, Quality Mix සහ Devin Savage සභාපති නෝමන් එන්ගල් යන මහත්වරුන් මෙම ඡායාරූපයේ වමේ සිට දකුණට සිටියි
Video Story