November, 10, 2016
කාර්යාල පරිශ්‍ර සැපයුම්කරුවෙකු ලෙස BMICH හි විශිෂ්ටත්වය තව තවත් තහවුරු කරමින් එහි කාර්යාල පරිශ්‍ර ප්‍රමාණය මේ වනවිට මුළුමනින්ම භාවිතයට ගෙන තිබෙන බව BMICH ආයතනය සතුටින් නිවේදනය කර සිටී. අනු පරිශ්‍ර පහක පිහිටා ඇති BMICH හි කාර්යාල 171ක් ඒ අනුව මේ වනවිට මෙරට ඉදිරිපෙළ ආයතන රැසක් විසින් තම කාර්යාල පරිශ්‍රය ලෙස තෝරාගෙන තිබේ.
“BMICH කාර්යාලීය ඉඩ සම්පූර්ණ වීමත් සමග ශ්‍රී ලංකාවේ කාර්යාලයීය පරිශ්‍ර සැපයීමේ ප්‍රමුඛයෙකු ලෙස අප ආයතනය සතු විශිෂ්ටභාවය පිළිබිඹු කර තිබෙනවා. ඒ වාගේම කොළඹ අගනගරයේ හදවත බඳු අගනාම භූමියක තමන්ගේ කාර්යාලය පිහිටුවාගැනීමට එම ව්‍යාපාර ආයතනවලට ලැබී ඇත්තේත් සමකළ නොහැකි අවස්ථාවක්” යැයි BMICH හි අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා පැවසීය.
සුන්දරත්වය තවතවත් වැඩිදියුණු වන ලෙස නඩත්තු කරන උද්‍යාන මෙන්ම නවීන තාක්ෂණය කැටිකර ගත් සමුළු, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථාන වලින් හෙබි BMICH භූමිය අක්කර 42ක විශාලත්වයකින් යුතු ය. මේ පසුබිම තුළ BMICH පරිශ්‍රයේ තම කාර්යාලය පවත්වාගෙන යන ආයතනවලට තම ආයතනයට සම්බන්ධ විශේෂ හමුවීම් සහ උත්සව ආදිය එහි පවතින විවිධ වූ ශාලා පහසුකම් හරහා සරලත්වයේ සිට විචිත්‍රත්වය දක්වා පුළුල් පරාසයකින් යුතුව පැවැත්වීමේ හැකියාව උදාවේ. එහි ශාලා ගොඩනැගිලි පිහිටා ඇති ආකාරය නිසාවෙන්ම 2500කට වැඩි වාහන සංඛ්‍යාවක් එකවර ගාල් කිරීමේ හැකියාව ද මෙම කාර්යාල භාවිතා කරන්නන්ට සැලසෙන සුවිශේෂ වාසියකි.
Video Story