October, 13, 2016
වාර්ෂිකව පැවැත්වෙන Les Journees des Entrepreneurs du Voyages (JEV) හෙවත් ප්‍රංශ සංචාරක නියෝජිත සමුළුව 2016 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 04 වැනිදා දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වේ. සෑම වසරකදීම ලොව හොඳම සංචාරක ගමනාන්තයක් තෝරාගෙන එහිදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා මෙවර ශ්‍රී ලංකාව තෝරාගැනීම ද විශේෂත්වයකි.
යුරෝ බිලියන 24කට වැඩි වාර්ෂික පිරිවැටුමක් උපයන ප්‍රංශ සංචාරක ව්‍යාපාර ආයතන 1400ක් පමණ මෙම සමුළුවට එක්වෙති. ඒ අනුව 500කට වැඩි නියෝජිතයින් පිරිසක් මෙම සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණෙති. ඔවුන්ගෙන් බහුතරය රටින් බැහැර (Out bound) සංචාරක මෙහෙයුම් සිදුකරන නියෝජිතයින් ය.
මේ වනවිට ලොව වඩාත් ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති නිසා මෙරටට පැමිණෙන ප්‍රංශ සංචාරකයන්ගේ පැමිණීම ද සියයට 13කින් වර්ධනය වී තිබේ.
මෙම ප්‍රංශ සංචාරක නියෝජිත සමුළුව විශේෂයෙන්ම රැස්වීම්, දිරි දීමනා, සමුළු හා ප්‍රදර්ශන සංචාරණය (MICE Tourism) වැනි ශ්‍රී ලංකාවේ සංචාරක නිෂ්පාදන හා සේවා පෙන්වීමට මහඟු අවස්ථාවක් වනු ඇත. එම නිසා රජය ද මෙම සමුළුව සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකාව මේ වසරේදී සපුරා ගැනීමට අපේක්ෂා කරන විදෙස් සංචාරකයින් ප්‍රමාණය මිලියන 2.5කි.
‘මෙම සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනයට උපකාරයක් වනවා සේම ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ ලැබෙන ප්‍රසිද්ධියත් සමග මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වර්ධනය කරගන්නටත් හැකි වන බව අපට විශ්වාසයි’ යනුවෙන් BMICH ආයතනයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා පැවසීය. ‘මෙම සමුළුව හා අත්වැල් බැඳගන්නට ලැබීම ගැන වගේම ඒ ඔස්සේ අවසාන වශයෙන් රටේ සමෘද්ධියට දියුණුවට දායකත්වය සපයන්න හැකි වීම ගැන අප ආයතනය ඉතා සතුටට වගේම නිහතමානී ආඩම්බරයකටත් පත්වෙනවා’ යැයි දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අතිශය සිත් ගන්නා සුලු හා වෙනස්කම් සිදුකළ හැකි ශාලා පහසුකම් සපයන BMICH ආයතනය ඕනෑම ආකාරයේ උත්සව ශාලා පහසුකමක් සම්පාදනය කිරීමට සමත් ය. සුහද රාත්‍රී ආහාර උත්සවයක සිට උත්කර්ෂවත් උත්සවයක්, ව්‍යාපාරික සමුළුවක් මෙන්ම විවාහ මංගලෝත්සවයක් කරා පැතිරුණු සේවාවක් එය සතු ය. සියලු උත්සව ශාලා නැවත නම් කරන ලදුව සැබවින්ම විශේෂ අත්දැකීමක් ලබාදෙන්නට හැකි ලෙස ඉදිරිපත් කර තිබේ.
මෙම වසරේදී ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැති Century International Quality ERA Award හිදී රන් සම්මානයක් දිනාගැනීමට පවා BMICH ආයතනය සමත්විය.
Video Story