BMICH “Review Us and Win” ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන සඳහා උණුසුම් ප්‍රතිචාර

    June, 21, 2016

    මෙරට ප්‍රමුඛත ම ඉදිකිරීමක්වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), "Review Us and Win" ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ඩිජිටල් මාධ්‍යය තුළ සිය නාමය සනිටුහන් කළේය. https://www.facebook.com/bmich.colombo/ ඔස්සේ ෆේස්බුක් පිටුවට පිවිස සිය සේවාවන් පිළිබඳ සිය මතය එහි සඳහන් කිරීමේ අවස්ථාව BMICH සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දුන්නේය. මීට අමතරව, ෆේස්බුක් පිටුවට ලයික් කර එය සිය මිතුරන් අතරේ ෂෙයාර් කිරීම සඳහා ද පාරිභෝගිකයන් දිරිමත් කෙරුණු අතර වාසනාවන්ත ජයග්‍රාහකයන් හට වටිනා තෑගි පිරිනැමිණි.
    සති ගණනක් තුළ සිත්ගන්නාසුළු අදහස් විශාල ප්‍රමාණයක් ෆේස්බුක් පිටුවේ සනිටුහන් වූ බැවින් ඒ අතරින් ජයග්‍රාහකයන් තෝරා ගැනීම ඉතා අපහසු කාර්යයක් විය. එසේ පළ වූ අදහස් රැස අතරින් ශලිනි සමරනායක හට පළමු ස්ථානය හිමි වූ අතර ත්‍යාග වශයෙන් ඇයට දෙදෙනෙකු සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් බුක්ති විඳීම සඳහා වවුචරයක් හිමි විය. තවත් අගනා අදහස් දෙකක් වෙනුවෙන් දෙවන සහ තෙවන ස්ථාන හිමි විය.

    "අපගේ "Review Us and Win" ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන මගින් අපගේ පරිශ්‍ර පිළිබඳ අන්තර්ගතයන්ගේ එකතුවක් ගොඩනගා ගැනීමටත්, අපගේ පාඨකයන් සහ පාරිභෝගිකයන් සමග ඇති බැඳීම තවදුරටත් වර්ධනය කර ගැනීමටත් අපට හැකි වුණා." BMICH උළෙල සහ වෙන්කරවා ගැනීම් කළමනාකාර මහේෂ් අමරසිංහ මහතා සඳහන් කළේය.

    අදවන විට BMICH යනු හුදෙක් ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් පමණක් නොවේ. සම්මන්ත්‍රණ, රැස්වීම්, පිළිගැනීමේ උත්සව, ප්‍රිය සම්භාෂණ සහ ප්‍රදර්ශන ආදී ඕනෑම විශේෂ උත්සවයක් සඳහා එම උත්සවයේ ස්වභාවයට ගැළපෙන පරිශ්‍ර සහ පහසුකම් ලබා දීමට BMICH සමත්ව සිටී.

    සිය පාරිභෝගිකයන්, සැපයුම්කරුවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සෘජුව සම්බන්ධ වීම සඳහා අන්තර්ජාලය ඵලදායී අලෙවිකරණ සහ සන්නිවේදන මාධ්‍යයක් ලෙස වර්තමානයේ බොහෝ සමාගම් සහ සංවිධාන භාවිතා කරයි. BMICH ආයතන කළමනාකාරීත්වය ද සිය පාරිභෝගිකයන් සහ සැපයුම්කරුවන් සමග පුද්ගලිකව සම්බන්ධ වීම, පාරිභෝගිකයන්ගේ ළෙන්ගතු භාවය වර්ධනය කිරීම, කිර්තිනාමය සවිබල ගැන්වීම සහ සිය සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා ෆේස්බුක් බලවත් සහ ඵලදායී මෙවලමක් ලෙස උපයෝගී කර ගනී.

    මෙම ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන මගින්, සිය පාරිභෝගික ජනතාවගේ සැබෑ මතය විමසීමටත්, එමගින් සිය සන්නාමයේ සහ ෆේස්බුක් පිටුවේ අගය වර්ධනය කර ගැනීමටත් BMICH ආයතනයට හැකි විය.

    "අපගේ පාරිභෝගිකයන්ටත්, BMICH පරිශ්‍රය පිළිබඳ විමසන පිරිසටත් සෘජුව සම්බන්ධ විය හැකි, ආකර්ෂණීය ෆේස්බුක් පිටුවක් බවට මෙම ෆේස්බුක් පිටුව පත් කිරීම අපගේ ඉලක්කයයි. මෑතකදී නිමා වූ ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන තුළින්, අපගේ ෆේස්බුක් ලෝලීන් පිරිස වර්ධනය කර ගැනීමටත්, පාරිභෝගිකයන් ජයග්‍රාහකයන් බවට පත් කිරීමටත්, පරිශ්‍රය පිළිබඳ ජනතාවගේ දැනුම්වත් භාවය තවදුරටත් වැඩි කිරීමටත් අපට හැකි වුණා." අමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    සේයාරූ සටහන : ශලිනි සමරනායක මෙනවිය BMICH අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා වෙතින් ජයග්‍රාහී ත්‍යාගය හිමිකර ගත් මොහොත