October, 9, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය (medically driven gym) වන Body Doc Fitness and Wellness Pavilion, සිය අට වන සංවත්සරය Montana View හිදී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. 2017 අගෝස්තු 14 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය ලෙස ආරම්භ වූ Body Doc, එතැන් සිට වෛද්‍ය විශේෂඥ දැනුම සහ නවීන යෝග්‍යතා ක්‍රමවේදයන් මුසු කළ අංගසම්පූර්ණ සෞඛ්‍ය හා සුබසාධන මධ්‍යස්ථානයක් දක්වා විකාශනය වී ඇත.
අද වන විට, වර්ග අඩි 50,000 ක භූමි ප්‍රමාණයකින් යුත් Body Doc Pavilion එක, Cybex, Hammer Strength, Life Fitness, VersaClimber, සහ Concept2 වැනි ලෝක මට්ටමේ සන්නාමයන්ගෙන් සමන්විත, එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද අති නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විතය.
Body Doc විසින් වෘත්තීය වෛද්‍ය උපදේශන, රෝග විනිශ්චය සහ රසායනාගාර සේවා, ඖෂධ ශාලාවක්, පෝෂණ හා ආහාර වැඩසටහන් සහ ජීවන රටා මග පෙන්වීම සපයනු ලබයි. මීට අමතරව, මෙම මධ්‍යස්ථානය තුළ Zumba, යෝගා, ශක්ති පුහුණුව, බර කළමනාකරණය සහ නිදන්ගත රෝග සඳහා පුනරුත්ථාපනය ඇතුළු පුද්ගලාරෝපිත වැඩසටහන් පිරිනැමේ.
වෛද්‍යවරුන්, පෝෂණවේදීන් සහ සහතිකලත් යෝග්‍යතා වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමඟින් ඔවුන්ගේ දැක්ම ප්‍රවර්ධනය කරයි. ඔවුන්ගේ දර්ශනය වන්නේ "ප්‍රතිකාරයට වඩා වැළක්වාගැනීම වැදගත්" යන්න වන අතර ව්‍යායාමය ඖෂධයක් ලෙසත්, ආහාර රටාව ප්‍රතිකාරයක් ලෙසත්, ජීවන රටාව දිගුකාලීන සුබසාධනයේ අඩිතාලම ලෙසත් ප්‍රවර්ධනය කරයි.
එක්සත් ජනපදයෙන් අධ්‍යාපනය ලැබූ සහ SLMC හි ලියාපදිංචි වෛද්‍යවරියක මෙන්ම ඇමරිකානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යාලයේ (American College of Sports Medicine) සහතිකලත් ව්‍යායාම විශේෂඥවරියක, සුබසාධන පෝෂණවේදිනියක සහ පිළිකා ව්‍යායාම විශේෂඥවරියක වන වෛද්‍ය තනුකි ඉදන්ගොඩගේ මහත්මිය ප්‍රකාශ කළේ, මෙම මධ්‍යස්ථානයේ වර්ධනයට සහ සාර්ථකත්වයට එහි සාමාජිකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලෙන සහාය හේතු වූ බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ COVID-19 අර්බුදය තිබියදීත්, ඔවුන්ගේ කැපවීම තුළින් නොනැසී පැවතීම පමණක් නොව, තවදුරටත් ව්‍යාප්ත වීමටද හැකි වී තිබේ.
සෞඛ්‍යය හා යෝග්‍යතාවයෙන් ඔබ්බට ගොස්, මෙහි සුපිරි භෝජනශාලා, මංගල උත්සව, උපන්දින සැමරුම්, ආයතනික උත්සව සහ පුද්ගලික රැස්වීම් සඳහා සුඛෝපභෝගී ඉඩකඩවල් ද ඇතුළත් කර ඇති අතර එය සුබසාධනය සහ ප්‍රජා සහභාගීත්වය සඳහා වූ බහුකාර්ය කේන්ද්‍රස්ථානයක් ලෙසද පහසුකම් සපයයි.
සිය අටවන සංවත්සර උත්සවය අතරතුර, ඡායාරූප ප්‍රදර්ශනයක් මගින් Body Doc හි ආරම්භය සහ එහි ප්‍රගතිය අත්පත් කරගැනීමේ ගමන් මඟ ප්‍රදර්ශනය කරන ලදී. සැප්තැම්බර් 19 වන දින පැවති මෙම සංවත්සර උත්සවය, මාලබේ හි පිහිටි Amaryllis by Body Doc හි Montana View හි පැවැත්විණි.
අනාගතය දෙස බලන විට, Body Doc විසින් වෛද්‍ය සහ සුබසාධන සේවා පුළුල් කිරීමට, නව විශේෂඥ වැඩසටහන් හඳුන්වා දීමට සහ ප්‍රජා සම්බන්ධතා ශක්තිමත් කිරීමට සැලසුම් කරයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සහ යෝග්‍යතාවය ඒකාබද්ධ කිරීමේ දැක්ම මඟින් මඟ පෙන්වනු ලබන Body Doc Pavilion, නවෝත්පාදනය, තිරසාරභාවය සහ ජනතාව සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් ජීවිත ගත කිරීමට සවිබල ගැන්වීම වෙනුවෙන් කැප වී සිටී.


