BOI ව්‍යාපෘතියකට Storight Logistics සමාගමට අක්කර දෙකක්

    July, 16, 2024

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය මත සැපයුම් සේවා හා ගබඩා පහසුකම් වෙනුවෙන් කොළඹ වරායට ආසන්නයේ පිහිටා ඇති ඉඩම් කොටසක් ලබා දෙන ලෙස Bitsuthra IT (Pvt) Ltd විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

    එකී සමාගම විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව අදාළ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බැවින්, ආයෝජන මණ්ඩලයේ විධිවිධාන අනුව, Storight Logistics (Pvt) Ltd නමින් නව සමාගමක් ස්ථාපිත කර තිබේ.

    කැලණිය, මුදුන් ඇල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු අක්කර 02 පර්චස් 1.08ක ඉඩම් කොටසක් එකී ව්‍යාපෘතිය සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, එකී ඉඩම් කොටස රජයේ ප්‍රධාන තක්සේකරුගේ තක්සේරුව මත පදනම්ව Storight Logistics (Pvt) Ltd වෙත වසර 30ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.