BOI වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන

    April, 8, 2026

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපතිවරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කර තිබේ.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 23කට අධික විශිෂ්ඨ සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ආචාර්ය ජයවර්ධන මහතා, රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකි.

    ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩ ආරම්භ කිරීම කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දී අද (08) සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය ඇතුළු ඉහල නිළධාරීන් පිරිසක් එක් වූහ.