March, 18, 2025
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන සංචාරකයින් මාර්ගගත ක්‍රමයට සිදු කරන හෝටල් කාමර වෙන් කිරීම සඳහා දැනට මෙරට තුළ පවතින එකම ආයතනය වෙනුවට නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය දා (15) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය.
අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පවසා සිටියේ එමගින් මාර්ගගත ක්‍රමයට සිදු කරන සංචාරක නවාතැන් වෙන් කිරීම සඳහා එක් ආයතනයක් වටා ඇති ඒකාධිකාරිය එමගින් බිඳ දැමිය හැකි බවයි.
"හෝටල් කාමර බුක් කිරීම online booking හරහා වෙන එක, එක ආයතනයක අධිකාරියකට යටත් වෙලා තියනවා. අපි දැන් ආරම්භ කරලා තියනවා ලංකාවේ දේශීය සමාගම් එක්ක සාකච්ඡා. අපි ඔවුන්ට කියලා තියනවා වෙනත් ආයතන කීපයක් පටන් ගමු. දැනට ක්‍රියාත්මක වෙන එකත් ලියාපදිංචි කරන්න ඕන. booking.com එක. ඇත්තටම ගත්තොත් අපිට ලබා දිය යුතු බදු මුදල් ලබා දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලෝ විශාල ලාභයක් රටෙන් අරන් යනවා. ඒක වෙනස් කළ යුතුයි. මම කියන්න සතුටුයි. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් වල ඉන්න ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඒ booking.com එක වෙනුවට තව අලුත් OTP එකක් ආරම්භ කරලා තියනවා. ඉතින් එවැනි ඒවා දැන් අපි ඉස්සරහට දියුණු කරාම ඒ promotion හරහා ඒ තියන ඒකාධිකාරිය ටිකෙන් ටික වෙනස් කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා."
Video Story