BRAC ලංකා ෆිනෑන්ස් ඩොලර් මිලියන 02 ක ණයක් ගත්තේ ඇයි ?

    March, 27, 2014

    ක්ෂුද්‍ර මූල්‍යන ව්‍යාපාරික කටයුතු නැංවීම සඳහා BRAC ලංකා ෆිනෑන්ස් සමාගම විසින් BRAC ඉන්ටර්නැෂනල් සමාගමෙන් ඩොලර් මිලියන 02 ක වසර තුනක ණය මුදලක් ලබාගෙන තිබේ.

    මෙම ණය මුදල සියයට 07 ක පොලී අනුපාතයකට ලබාගෙන තිබෙන අතර BRAC ඉන්ටර්නැෂනල් යනු BRAC ලංකා ෆිනෑන්ස් සමාගමේ මව් සමාගමයි.

    මෙම ණය මුදල ලබාගැනීමෙන් පසුව BRAC ලංකා ෆිනෑන්ස් සමාගම විසින් සෙලාන් බැංකුවෙන් සියයට 9.5 ක පොලියකට රුපියල් මිලියන 100 ක මුදලක් ලබාගෙන තිබෙන්නේ මෙම ලැබුණු ඩොලර් මුදල බැංකුවේ තැන්පත් කර එය ඇපයට තබායි.

    මෙම ඩොලර් තැන්පතුව වෙනුවෙන් සෙලාන් බැංකුව විසින් BRAC ලංකා ෆිනෑන්ස් සමාගමට වාර්ෂිකව සියයට 04 ක පොලියක් ගෙවීමට එකඟ වී ඇත.