November, 5, 2014
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පිරිසක් විසින් මේ වනවිට ආරම්භ කර තිබෙන වර්ජනය හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා ඇතිව තිබෙන බව අනාවරණය වේ.
ගුවන් තොටුපොළේ සිටින අපගේ වාර්තාකරුවන් දැනුම් දුන්නේ ලංකාවෙන් පිටතට පියාසර කරන ගුවන් ගමන් වලට වැඩි බාධාවක් ඇතිව තිබෙන නමුත් ලංකාවට පැමිණෙන ගුවන් යානා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි.
කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
අද උදෑසන 09.00 ට මෙම වර්ජනය ආරම්භ කළ බව ගුවන්තොටුපල නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පැවසුවේය.
ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් මොවුන් මෙලෙස වර්ජනය ආරම්භ කර තිබේ.
රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීම, වෛද්‍ය රක්ෂණාවරණය ක්‍රමවත් කිරීම, සේවක ණය මුදල් ලබාදීම , ගුවන්තොටුපළ ආරක්ෂක ප්‍රධානියා ඉවත් කිරීම සහ සේවකයින්ට විවේකාගාර ලබාදීම මොවුන්ගේ ඉල්ලීම් වේ.
ගැටලු විසඳා ගැනීමට බලධාරීන් සමග පැවති සාකච්ජා අසාර්ථක වීම නිසා වර්ජනය ආරම්භ කළ බව ගුවන්තොටුපළ නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පැවසුවේය.
Video Story