British Airways 2026 ශීත සෘතුවේ සිට ලන්ඩන් – කොළඹ නව ගුවන් ගමන් අරඹයි

    March, 18, 2026

    බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම ගුවන් සේවා සමාගමක් වන British Airways ගුවන් සේවය 2026 වසරේ ශීත ඍතුව සඳහා තම ගුවන් සේවා ජාලය තව දුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් සිය නව ගමනාන්ත ලෙස නම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ශ්‍රී ලංකාවේ කොළඹ යි.

    ඒ අනුව මෙම British Airways ගුවන් යානා ඔක්තෝබර් 23 වන දා සිට London Gatwick Airport සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා සතියකට ගමන් වාර තුනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    මෙම ගුවන් සේවාව ශීත ඍතුව සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන්, වනාන්තර, සංස්කෘතිය සහ ආහාර පාන වල මිහිර විදීමට සංචාරකයින් හට සෘජු ප්‍රවේශයක් ලබාදෙයි.