BYD වාහන ආනයනය ගැන John Keells CG Auto වෙතින් නිවේදනයක්

    July, 30, 2025

    ඇතැම් BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළ වන පුවත් සම්බන්ධයෙන් BYD රථ වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto පහත නිවේදනය නිකුත් කර ඇත.

    මීට අදාල වාහන පිළිබඳ මතුව ඇති කාරණා කිහිපයක් නිරාකරණය කිරීම සඳහා අපි දැනටමත් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා අවශ්‍ය සියලු ලියකියවිලි ලබා දීමට කටයුතු කරමින් පවතී.

    රටේ ප්‍රධාන මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යවල පළ වන ප්‍රකාශවලට පරස්පරව, චීනයේ BYD වෙතින් ආනයනය කරන ලද අදාළ වාහන 100 kW මාදිලි බව මහජනතාවට සහතික කිරීමට අපි කැමැත්තෙමු. මෙම වාහන සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල අලෙවි වන වාහන මාදිලි වේ.

    මෙම වාහනවල motor power චීනයේ BYD හි පරීක්ෂණ වාර්තා මගින් තහවුරු කර ඇති අතර ස්වාධීන පරීක්ෂණ ආයතනයක් විසින් එය වැඩිදුරටත් සහතික කර ඇත.

    මෙරට වගකිවයුතු සමාගමක් ලෙස John Keells CG Auto, ආනයනය කරනු ලබන සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල බවට සහතික කරමු.

    අප සැමවිටම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට කැපවී සිටින අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පැහැදිලි කිරීම් ලබා දීමට අදාල බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු.

    ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පාරිභෝගිකයින් වෙත දැනුම් දීමට John Keells CG Auto අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.