December, 10, 2025
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී.
මෙම නවතම රථ වාහන මාදිලි දෙක පසුගිය නොවැම්බර් 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෝටර් රථ ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට මහජනතාවට දැක බලා ගැනීමට හැකි විය. ඒ අනුව BYD හි නව බලශාක්ති වාහන මාදිලි අතරට මෙම නවතම මාදිලි එකතු වනු ඇත.
සම්පූර්ණ විදුලියෙන් ක්‍රියා කරන හැච්බැක් මෝටර් රථයක් වන BYD ATTO 1, BYD හි බ්ලේඩ් බැටරියකින් සහ 8-in-1 විදුලි මෝටර් පද්ධතයකින් සමන්විත වන අතර ඒ තුලින් මෝටර් රථයේ කාර්යක්ෂමතාව, පහසුවෙන් ධාවනය කිරීමට ඇති හැකියාව සහ දිගු කාලීන පැවැත්ම තහවුරු කරනු ලබයි. මෝටර් රථයේ ප්‍රමාණය සහ සරල නිමාව හේතුවෙන් නාගරික ගමනාගමනයේදී ඉමහත් පහසුවක් අත්කර දෙනු ඇත්තේ එක් ආරෝපණයකින් කි.මී 300ක ධාවන දුරක් සඳහා පහසුකම් සලසමිනි. අඟල් 10.1 ක touchscreen, Apple CarPlay සහ Android Auto support, wireless charging සහ airbag 6 ක ආරක්ෂාව සහතික කර ඇති මෙම මෝටර් රථ මාදිලි BYD හි උසස් තාක්ෂණය එදිනෙදා භාවිතයට ගෙන ඒමට කටයුතු කර ඇත.
එසේම මේ ආකාරයෙන්ම SUV BYD ATTO 2 නිර්මාණය කර ඇති BYD සිය CTB (Cell-to-Body) තාක්ෂණය ඊට හඳුන්වා දී ඇත. බැටරිය ඍජුවම වාහන ව්‍යුහයට එක් කරන මෙම තාක්ෂණය හේතුවෙන් වැඩි දියුණු කළ හැකියාවක්, ආරක්ෂාවක් මෙන්ම හැසිරවීමක් සලසා ගැනීමට හැකි වේ.
මෙම SUV BYD ATTO 2 අඟල් 12.8ක touchscreen, voice assistant, ventilated front seats ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත වේ. අංශක 360ක කැමරාව, ස්මාර්ට් රිය පැදවීමේ විශේෂාංගයක් වන cruise control සහ lane-keeping සහාය වැනි විශේෂාංග තුලින් දිගු ගමන්බිමන් සඳහා වැඩි විශ්වාසයක් ලබා දීමට මෙම වාහන මාදිලිය තුලින් BYD කටයුතු කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ නිවැරදි හා පරිශීලක කේන්ද්‍රීය තාක්ෂණයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ “පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලන උසස් තත්ත්වයේ NEV මාදිලි රැසක් විවිධ මිල ගණන් යටතේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත ලබා දීමට අපි කැපවී සිටිනවා. BYD හි සුවිශේෂී තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම වාහන මාදිලි ඉතා විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමේ හැකියාව ඔවුන් වෙත ලබා දෙනවා. විදුලි බලයෙන් ධාවනය වන මනා ගමනාගමන අත්දැකීමක් මෙම මාදිලි තුලින් ලබා දෙනු ඇති බව විශ්වාසයෙන් සඳහන් කළ හැකියි.’’ යනුවෙනි.
BYD ATTO 1 සහ BYD ATTO 2 වෙළෙඳපොලට පැමිණීමත් සමඟ ශ්‍රී ලාංකිකයින් වෙත තමන් බලාපොරොත්තු වූ ආකාරයේ නව බලශක්ති මෝටර් රථයක් තෝරා ගැනීමේ හැකියාව උදා වේ. අනාගතය සඳහා වඩාත් ගැලපෙන නව බලශක්ති රථ වාහන වෙළෙඳපොලට හඳුන්වා දීම තුලින් පිළිබිඹු කරනුයේ BYD සහ John Keells CG Auto හි අඛණ්ඩ කැපවීමයි. මෙම රථ වාහන මාදිලි 2කම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට දැන් වෙන් කර ගත හැකියි.