Capitol Developers ගුවන අරා නැගෙන මහල් 50කින් කොළඹ නගරය සළකුණු කරයි

    November, 12, 2016

    සන්කෙන් සමූහයට අයත් සීමාසහිත Capitol Developers සමාගම 2016 නොවැම්බර් 12 වෙනිදා කොළඹ 02, ස්ටේපල් වීදියේ අංක 24 දරන තැන ක‍්‍රමෝපායිකව වැදගත් ස්ථානයෙහි සිය ඒකක 470 ක අනුනිවාස සංකීර්ණයකින් යුතු Capitol Twin Peaks නම් වූ ද්විත්ව කුළුණු ව්‍යාපෘතිය සුවිශේෂී උත්සවාකාරයෙන් ආරම්භ කළේය. මහ නගර සහ බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රධාන අරාධිතයා ලෙස සහභාගීවූ එම උත්සවයට ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ රජයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ. උදෑසන 7.15ට යෙදුණු සුබ නැකතේදී බහු ආගමික ආශිර්වාද මැද ව්‍යාපෘතිය ඇරඹිණ.

    වසර 2020 අගදී නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය නගරය තුළ වඩා වැදගත් කේන්ද‍්‍රස්ථානයක පිහිටි අධි සුඛෝපභෝගී දේපළ ව්‍යාපෘතියක් මෙන් ම අලංකාර මහ නගරයක් පිළිබඳ රජයේ දැක්ම තුළ ගොඩනැගුණු ප‍්‍රධාන ව්‍යාපෘතියක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උසස් පන්තියේ නේවාසික ප‍්‍රදේශයක් තුළ නගර මධ්‍යයේ පිහිටි මෙම ස්ථානයට ඉතා සමීපව නම් දැරූ සාප්පු සංකීර්ණ මෙන් ම අනෙකුත් පහසුකම් ද ඇති අතර බේරේ වැවට මුහුණ ලා පිහිටි අලංකාර ප‍්‍රවේශ ස්ථානයක් ද වේ. සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර නිර්මාණ ආයතනයක් වන P&T Group හි ගෘහනිර්මාණයෙන් එළිදකින Capitol Twin Peaks නම් වූ දැවැන්ත මහල් ගොඩනැගිල්ල ඉදිකරනු ලබන්නේ ප‍්‍රකට සන්කෙන් සමූහයට අයත් කැපිටල් ඩිවෙලොපර්ස් හා සන්කෙන් කන්ස්ට‍්‍රක්ෂන් එක්බද්ධව ය. Capitol Twin Peaks නිවාස මිලදීගනු ලබන ආයෝජකයින්ට අත්වන වාසි රැුසකි. කැපිටොල් ඩිවෙලොපර්ස්හි සියලූ ඉදිකිරීම් පවරනුයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වඩා විශ්වසනීය නාමය රඳවමින් සන්කෙන් විශිෂ්ට ඉදිකිරීම් තත්ත්වය සහිතව නියමිත වේලාවට ගැනුම්කරුවන් වෙත සැපයීම සහතික කරන සීමාසහිත සන්කෙන් කන්ස්ට‍්‍රක්ෂන් (පුද්ගලික) සමාගම වෙතය. එහි මුල් ජපානයේ මිට්සුයි කන්ස්ට‍්‍රක්ෂන් සමාගම කරා දිවෙන අතර පරිපූර්ණත්වය හා නිශ්චිත කාලයට අනුගතවීම සඳහා ජපානයේ ඇති ළැදියාව පිළිබඳ සාක්ෂි එහි සෑම ව්‍යාපෘතියකින් ම දැකිය හැකි වේ. මීට අමතරව, කැපිටොල් ඩිවෙලොපර්ස් සමාගම හා ප‍්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අතර ඇති සබඳතාව හේතුවෙන් ආකර්ෂණීය ණය පහසුකම් ලබාගත හැකි අතරම සාර්ථක ගැනුම්කරුවන් සඳහා දිගු කාලීන ආපසු ගෙවීමේ සැලසුම් ද ලබාගත හැකිය.

    මෙම උසස් පන්තියේ සංවර්ධන ව්‍යාපෘතිය විසින් අලංකාර මෙන් ම ව්‍යාප්තවන කොළඹ නගරයේ ඇති ඉල්ලූම සපුරාලනු ලබන අතර බස්නාහිර පළාතේ වැඩි ප‍්‍රමාණය එක්කරමින් මහා නගරයක් ගොඩනැගීමේ රජයේ සැලසුම්වලට ද සහය වේ. මහා නගරයක් පිළිබඳ රජයේ දැක්ම සමග මෙම ව්‍යාපෘතිය සමපාතවන්නේ කෙසේදැයි ප‍්‍රධාන ආරාධිතයා වූ මහ නගර සහ බස්නාහිර සංවර්ධනය පිළිබඳ ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් පැහැදිලි කරන ලදී. සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාසවල දිවි ගෙවීම සඳහා තරුණ යුවල මෙන් ම විදේශිකයන් අතර ද ඇති අලූත් ආකාරයේ ජීවන රටා ප‍්‍රවණතාවට ද මෙම ව්‍යාපෘතිය ගැලපේ.

    පර්චස් 214ක භූමියක ගොඩනැගෙන මෙම ව්‍යාපෘතියට මහල් 50ක පිහිටි අනුනිවාස ඒකක 470 අයත්වන අතර පතුල් මහල් 2ක්, මහල් 6 ක රථගාලක් මෙන්ම පියස මත ටෙරසයකින් ද සමන්විතය. සියලූ නේවාසිකයින්ට හාත්පස සිසාර පැතිර යන අලංකාර දර්ශනයක පහස හිමිකරදෙන අතර ම Sunset Bar, Sky Lounge සහ Sky Garden යන විවේකි පහසුකම්වලින් ද යුක්ත වේ. Capitol Twin Peaks, ඉහළ බලතල හොබවන විධායකයින්ට මෙන් ම කාර්ය බහුල වෘත්තිකයින්ගේ ජීවිතයට ශාන්තබව ගෙන දෙන ක්ෂේමභූමියක් වනු ඇත.

    මෙහි බිම් මහල ලොබියකින්, Coffee Shop, සැලෝන් සහ ස්පා මෙන් ම ඖෂධහලක් සහ ලොන්ඩි‍්‍ර එක්රුස් කිරීමේ ස්ථානයක් සහිත කුඩා සාප්පු සංකීර්ණයකින් ද සමන්විතය. දිගු පිහිනුම් තටාකයක්, ළමා පිහිනුම් තටාකයක්, ජකුසි, ළමා ක‍්‍රීඩා කුටියක්, උත්සව කුටියක්, සාද ශාලාවක්, එළිමහන් විවේකි ස්ථානයක්, ව්‍යාපාරික මධ්‍යස්ථානයක්, යෝග සහ ඇරොබික් ව්‍යායාම්හලක්, වාෂ්ප කුටියක්, කියවීම් ස්ථානයක්, උද්‍යානයක් මෙන් ම පරිපූර්ණ ශාරීරික ව්‍යායාම් ස්ථානයක් යන අනෙකුත් සුවිශේෂි පහසුකම් ද මෙහි වේ.

    නිර්මාණ හා ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවකු වන සන්කෙන් කන්ස්ට‍්‍රක්ෂන් විසින් සාර්ථකව නිමකරන ලද ව්‍යාපෘති අතර Trillium Residencies, Empire City, Emperor, OnThree20, 7th sense on Gregory’s Road මෙන් ම කොළඹ නගරයේ තවත් දැවැන්ත මහල් ව්‍යාපෘති රැුසකි.

    කැපිටොල් ඩිවෙලොපර්ස් විසින් ක‍්‍රියාත්මක කරන ලද සාර්ථක ව්‍යාපෘති අතරට ධර්මපාල මාවතේ පිහිටි Capitol Residencies, හැව්ලොක් මාර්ගයේ පිහිටි HR Residencies, යාපනයේ Tulasi Mahal Apartments, රොස්මීඞ් පෙදෙසේ Capitol 7, හෝර්ටන් පෙදෙසේ Capitol Elite මෙන් ම ව්‍යාපාරික නගර හෝටලයක් වන Cinnamon Red ද අයත් ය. එහි නවතම සුඛෝපභෝගී අනුනිවාස ව්‍යාපෘතිය වන Capitol Twin Peaks ගුවන් විවේකී ස්ථානයක් මෙන් ම කොළඹ නගරය, බේරේ වැව මෙන් ම වෙරළ තීරය හා වරාය දිස්වන මනරම් දර්ශනයක් ද සපයයි.