Top News

අක්‍රීය කුඩා ජලවිදුලි බලාගාරවල බලපත්‍ර අහෝසි කිරීමේ සූදානමක්

වසරක 2 කට වැඩි කාලයක් පුරාවට අක්‍රීයව පවතින කුඩා ජලවිදුලි බලාගාරවල බලපත්‍ර වහාම අහෝසි කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. “රටම එළියයි – අඳුර දුරලයි” වැඩසටහනේ මහනුවර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ඊයේ (04) මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කුඩා ජලවිදුලි බලාගාරවල…

(0)Comments | March 5, 2016 7:17 am

දුම් සහතිකයට ටෙන්ඩර් කැඳවයි

වායු විමෝචන සහතික හෙවත් වාහනවල දුම් පරීක්ෂණ සිදුකිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගතව සිටින සමාගම් දෙකෙහි කොන්ත්‍රාත් කාලය2016 ජූලි 01 වනදායින් අවසන් වන බව රජය නිවේදනය කර සිටී. මේ අනුව ඉදිරි වසර 05 ක කාලය සඳහා වායු විමෝචන සහතික නිකුත් කිරීම පිණිස පෞද්ගලික අංශයේ සමාගම් කිහිපයක් තෝරා ගැනීම සඳහා මේ වන විට ටෙන්ඩර්…

(0)Comments | March 4, 2016 11:44 am

වීසා නැතුව යනවා නම් මෙන්න රටවල්

නවසීලන්තයේ Henley & Partners ආයතනය විසින් ලොව පුරා රාජ්‍යයන් හි ගමන් බලපත්‍ර ඇසුරින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල පසුගියදා එළිදක්වන ලදී. වීසා ලබා ගැනීමකින් තොරව හෝ පැමිණීමේ දී වීසා (Visa on arrival) ලබා ගැනීමේ පහසුව මත මෙම වර්ගීකරණය සිදුකර තිබිණි. එම වර්ගීකරණයේ අවසාන තැන සිට 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබූ අතර එහි කියැවුණේ ශ්‍රී…

(0)Comments | March 4, 2016 9:06 am

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඩොක්යාර්ඩ් අර්බුදයක

ඛනිජ තෙල් මිල පහත වැටීම හමුවේ ඇති වී තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය, තමන්ට ද බලපා ඇතැයි කළම්බු ඩොක්යාර්ඩ් සමාගම ප්‍රකාශ කර සිටී. එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සමාගම් ලේකම්වරිය කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කර ඇති දැනුම් දීමකින් සඳහන් කර සිටින්නේ ගනුදෙනුකරුවන් විසින් පූර්ව ගිවිසා ගත් පරිදි ඇතැම් ඇණවුම් සම්පූර්ණ කිරීමට හැකියාවක් නැති බව කියා සිටින බවයි….

(0)Comments | March 4, 2016 7:21 am

කර්මාන්ත පිහිටුවීමට ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගත් ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. මෙම වැඩසටහන යටතේ අමාත්‍යාංශයේ ව්‍යාපෘති ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි සහ නියමිත සුදුසුකම් සපයා ඇති යෝග්‍ය ආයෝජකයින්/ ආයතනවලට අදාළ කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන්කර දීමට මෙවර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

(0)Comments | March 4, 2016 6:22 am

යුරෝපා සංගමයේ සහයෝගයෙන් යුතුව UNDP මෙරට තරුණ නායකත්වය සවිබල ගන්වයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යුරෝපා සංගමය සමග අත්වැල් බැඳ ගනිමින්, යාපනය විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද යොවුන් නායකත්වය සංවර්ධන වැඩසටහන (YLDP) යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ තරුණ-තරුණියන් 117 කට පුහුණුව ලබා දීමට කටයුතු කළේය. පුහුණුව සාර්ථකව නිම කළ තරුණ-තරුණියන් හට සහතිකපත් බෙදා දීමේ උළෙල යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨයේදී පසුගියදා පැවැත්විණි. මන්නාරම ප්‍රාදේශීය ලේකම් එම්.වයි.එස්….

(0)Comments | March 4, 2016 6:21 am

CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදෙයි

ප්‍රාග්ධන වෙළෙදපොල සම්බන්ධ අධ්‍යාපනික හා පුහුණු අන්තර්ගතයන් www.cse.edu.lk වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කළ හැකිය වර්ධනය වන මහජන අවශ්‍යතා සපුරාලීම සදහා ඔවුන්ගේ ප්‍රාග්ධන වෙළෙදපොල ආශ්‍රිත දැනුම හා ශක්‍යතා වර්ධනයට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සහ thinkCube පෞද්ගලික සමාගම, CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදීම නිල වශයෙන් අද (03) දින සිදු කරන ලදී. මෙම වෙබ් ප්‍රවේශය හරහා ඉංග්‍රීසි, සිංහල…

(0)Comments | March 3, 2016 11:32 am

ජනපති ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලෙස ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡාවක්

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා සිදුකළ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල කඩිනමින් ලැබෙමින් පවතින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කරන ලෙස කළ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාර සුවිශේෂී බවයි. මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජර්මානු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිනී Dagmar Gabriele Wöhrlමහත්මිය…

(0)Comments | March 3, 2016 11:20 am

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රියාව අතර ගුවන්සේවා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රියාව අතර ද්විපාර්ශ්වික නව ගුවන් සේවා ගිවිසුම ශ්‍රී ලංකා රජයේ බලයලත් නියෝජිතයකු මඟින් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව එම ගිවිසුම ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා යෝග්‍ය පියවර ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රියාව අතර ද්විපාර්ශ්වික නව ගුවන් සේවා ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ සාකච්ඡාවන් දෙරටෙහි ගඟන නාවික බලධාරින්ගේ සහභාගිත්වයෙන් 2015…

(0)Comments | March 3, 2016 10:30 am

ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී ආසියානු කලාපයේ බලශක්ති කර්මාන්තයට ඇතුල් වීම තවදුරටත් ව්‍යාප්ත කරලීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ලාෆ්ස් ගෑස් පීඑල්සී පූර්ණ අනුබද්ධිත සමාගමක් ආරම්භ කර තිබේ. SLOGAL ENERGY DMCC ලෙසින් මෙම සමාගම නම් කර ඇත. මෙම සමාගම 2015 නොවැම්බර් 15 වන දින සංස්ථාපනය කරනු ලැබූ අතර මේ…

(0)Comments | March 3, 2016 6:12 am