Top News

ආසිරි ගනුදෙනුවෙන් කොටස් වෙළෙඳපොළට දිගාසිරි. පිරිවැටුම බිලියන 8 ඉක්මවයි.

ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් හි දෙවන විශාලතම කොටස්කරුවා වන Actis Investment Holdings SL Limited අද දිනයේ දී සිය හිමිකාරීත්වය විකුණා දමන ලදී. රුපියල් 24.00 බැගින් ආසිරි හෝල්ඩිංග්ස් හි කොටස් 371,085,695 ක් මෙහිදී ගනුදෙනු වූ අතර මෙය මිල දී ගනු ලැබූයේ Merrill Lynch Pierce Fenner & Smith TPG Growth III SF pte LTd විසිනි. මෙම දෙපාර්ශවයම විදෙස්…

(0)Comments | December 10, 2015 9:40 am

අපේ සමාගම් වලටත් GICS

කොළඹ කොටස් හුවමාරුව, එහි ලැයිස්තුගත සමාගම් වර්ගීකරණය සඳහා S&P/CSE ද්විත්ව සන්නාම සහිත කේෂ්ත්‍ර දර්ශකද සහිතව Global Industry Classification Standard (GICS) භාවිතයට ගැනීම ආරම්භ කොට තිබේ. කොළඹ කොටස් හුවමාරුවෙහි 30 වන සංවත්සරය සැමරීමට 2015 දෙසැම්බර් 02 දින පැවති සංවත්සර උත්සවයේදී මෙම නව වර්ගීකරණය දියත් කෙරිණ. පහත පළවනුයේ මෙම නවාංගය පිලිබදව කොළඹ කොටස් හුවමාරුවෙහි පර්යේෂණ හා නව…

(0)Comments | December 10, 2015 9:32 am

ඊයේ වෙන්දේසියේ දී පොළී නගී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය සතියට සාපේක්ෂව පොළී අනුපාතිකයන් හි සුළු වැඩිවීමක් සිදුව තිබේ. මෙහිදී දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් පොළිය 6.06% සිට 6.10% දක්වා ද, දින 182 පරිණත කාලයෙනු යුතු බිල්පත් පොළිය 6.30% සිට 6.35% දක්වා ද, දින 364 පරිණත කාලයෙන් යුතු බිල්පත්…

(0)Comments | December 10, 2015 8:04 am

සන්නිවේදන කුළුණු ගාස්තුවෙන් බලපෑමක් නැහැ – ඩයලොග් හාන්ස් කියයි

සන්නිවේදන කුළුණක් සඳහා අයකරන ගාස්තුව මෙවර අයවැය යෝජනා තුළින් ඉහළ දැමීම නිසා කර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් එල්ල වන්නේ නැති බව ඩයලොග් ආසියාටා අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹ ඩයලොග් ප්‍රධාන මූලස්ථානයේ දී පැවති උත්සවයක් අතුරතුර අද දෙරණ Biz කළ විමසීමකදී ය. පරිසරයට ඇති සෘණාත්මක…

(0)Comments | December 10, 2015 3:16 am

රේණුකාගේ කොටසක් ෆීජි හා හොංකොං දේශයට

රේණුකා ෆුඩ්ස් පීඑල්සී, පුද්ගලික නිකුතුවක් හා කොටස් හුවමාරුවක් හරහා ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 28,188,306 ක් එකක් රු. 30.45 බැගින් නිකුත් කිරීමට තීරණය කර තිබේ. සමාගම විසින් මෙම කොටස් නිකුතුව හා හුවමාරුව සිදුකරන්නේ ෆීජී හි සී.ජේ. පටෙල් ඇන්ඩ් කම්පැනි වෙත හා හොංකොං හි ඊගල් වීව් මැනේජ්මන්ට් ලිමිටඩ් වෙතයි. නිකුතුව සඳහා අවශ්‍ය කොළඹ කොටස් වෙළෙඳපොළ හා…

(0)Comments | December 9, 2015 8:54 am

සීපා වෙනුවට ආර්ථික හා තාක්ෂණික ගිවිසුමක් – අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ සීපා ගිවිසුම වෙනුවට ආර්ථික හා තාක්ෂණික ගිවිසුමක් අත්සන් කළ යුතු බවට තීරණය කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (9) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ගිවිසුම භාණ්ඩ හා තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා පමණක් වලංගු වන බවත් වෘත්තීය සේවාවන් සඳහා එය වලංගු නොවන…

(0)Comments | December 9, 2015 6:59 am

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ EU-SDDP සහයෙන් මඩකලපුව දිස්ත‍්‍රික්කයට මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයක්

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඉදිකිරීමට නියමිත කරදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වලට අදාළව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හා Finite Lanka (ෆිනයිට් ලංකා) ඉදිකිරීම් සමාගම පසුගියදා ගිවිසුමකට එළඹුණහ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යුරෝපා සංගමය සහය දෙන දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) මගින් ලබාදෙන අරමුදල් දායකත්වයෙන් මඩකලපුව ධර්මපුරම් ප‍්‍රදේශයේදී මෙම කරදිය මත්ස්‍යය අභිජනන…

(0)Comments | December 9, 2015 6:25 am

කොමර්ෂල් බැංකුව ඉතාලි යයි

සිය පරිපාලිත සමාගමක් වන ඉතාලියේ සංස්ථාපනය කරන ලද කොමෙක්ස් ශ්‍රී ලංකා (Commex Sri Lanka)හරහා පරිපූර්ණ මුදල් හුවමාරු මෙහෙයුම් දියත් කිරීමට කොමර්ෂල් බැංකුව සැලසුම් කර ඇත. මෙය ඉතාලි බැංකුවේ අධීක්ෂණය හා බලපත්‍ර හිමි සමාගමකි. මෙහිදී වැඩිදුරටත් බැංකුව කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ සහ ඉතාලියේ යන රටවල් දෙකේම අදාළ නියාමන අධිකාරීන්ගේ අවශ්‍ය අනුමැතිය මේ වන විට මෙම කටයුත්ත…

(0)Comments | December 9, 2015 4:57 am

ලිට්රෝ ගෑස් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි

මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් (LPG) ආනයනකරු මෙන්ම, වෙළඳපල ප්‍රමුඛයා ද වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මේ වසරේ පළමු මාස දහය තුළදී ගෘහස්ත ගෑස් අලෙවියේ 30% ක වර්ධනයක් අත් කර ගැනීමට සමත් වෙයි. නව රජය ගෑස් මිල අඩු කිරීමට ගත් පියවර හේතුවෙන් මෙම කැපී පෙනෙන වර්ධනය ළඟා කර ගැනීමට හැකි වූ බව සමාගම පවසයි. කිලෝ ග්‍රෑම්…

(0)Comments | December 9, 2015 4:55 am

මාස්ටර්ස් චැම්පියන්ස් ලීගයට ලංකාවෙන් 5 ක්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී ඇති ක්‍රීඩකයින්ගෙන් සමන්විත මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජනවාරි 28 වන දින සිට පෙබරවාරි 14 දක්වා ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු තිබේ. මේ සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ ඩුබායි හිදී පැවති අතර කණ්ඩායමකට 15 බැගින් කණ්ඩායම් 6 ක් සඳහා ක්‍රීඩකයින් 90 දෙනෙකු තෝරා ගැනීමට මෙහිදී නියමිතව තිබිණි….

(0)Comments | December 8, 2015 9:13 am