Top News

වාහන වෙළෙඳපොළ මන්දගාමී විය හැකියි – ෆිච් රේටිංග්ස් ලංකා

ඉදිරි 2016 වසර තුළ මෙරට රථවාහන වෙළෙඳපොළ වර්ධනය මන්දගාමී විය හැකි බව ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය සඳහන් කර සිටී. ඉහළ බදු පැනවීම, රුපියල අවප්‍රමාණය වීම යනාදී කරුණු මත මෙම තත්ත්වය ඇතිවිය හැකි බව පවසන ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය පහත කරුණු තවදුරටත් අනාවරණය කර සිටී. විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල විශාල වශයෙන් ඉහළ යාම නිසා ඉදිරියේ…

(0)Comments | November 27, 2015 7:37 am

කොළඹ කොටස් වෙළෙඳපොළ මධ්‍යම ප්‍රතිපාක්ෂික පද්ධතියක් (CCP) හඳුන්වා දෙයි

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව එහි ද්විතියික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා මධ්‍යම ප්‍රතිපාක්ෂිත ආයතනයක් (Central Counter Party) හඳුන්වා දෙන බවට නිවේදනය කර සිටියි. මෙම ආයතනය 100% කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි හිමිකාරීත්වය සහිත සමාගමක් වන අතර එමඟින් මුදල් පියවීම හා සුරැකුම්පත් හුවමාරුවීම සම්බන්ධයෙන් වගකීම දරමින් මධ්‍යම ආයතනයක කාර්යභාරය නිරූපණය කරයි. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ගනුදෙනු වන කොටස් හා…

(0)Comments | November 27, 2015 4:44 am

වන සත්ව සංචාරක කර්මාන්තයේ දී අප වඩා සූක්ෂම විය යුතුයි – චිත්‍රාල් ජයතිලක Video

වන සත්ව සංචාරක ගමන්නාන්තයක් ලෙස, ශ්‍රී ලංකාව සන්නාමකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පී, ජෝන් කීල්ස් සමූහයේ උපසභාපති චිත්‍රාල් ජයතිලක මහතා සමඟ අද දෙරණ Biz 24×7 කළ සම්මුඛ සාකච්ඡාව.

(0)Comments | November 27, 2015 4:35 am

බිල්පත් නිකුතුවට අධි ඉල්ලුමක්. දශ ලක්ෂ දොළොස් දහසක බැඳුම්කර නිකුතුවක් අද

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කිරීමට කටයුතු යොදා තිබේ. මෙහිදී 2020 වසරේ දී කල්පිරෙන රුපියල් මිලියන 2,000 ක බැඳුම්කර 9.25% පොළී අනුපාතිකය යටතේ, 2026 දී කල්පිරෙන රුපියල් මිලියන 3,000 ක වටිනාකමකින් යුත් බැඳුම්කර 11% පොළී අනුපාතිකය යටතේ සහ 2035 වසරේ දී කල්පිරෙන, රුපියල් මිලියන 7,000 ක බැඳුම්කර 11.50% පොළී…

(0)Comments | November 27, 2015 3:02 am

දුම් පරීක්ෂණ ගාස්තුව වැඩි කළේ නැහැ – ලාෆ්ස් සභාපති කියයි

අයවැය යෝජනා අනුව මෝටර් රථ වාහන සඳහා දුම් සහතික පත්‍ර ලබා ගැනීම වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 5000 ක් දක්වා වැඩි කළා යැයි කීම සාවද්‍ය ප්‍රකාශයක් බවත්, එලෙස වැඩිකර තිබෙන මුදල ගෙවිය යුත්තේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බවත් ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද දෙරණ Biz වෙත පැවසීය. එහිදී වැඩිදුරටත් ඒ මහතා…

(0)Comments | November 26, 2015 8:43 am

රවී කියන වාහන ලොවෙත් නැහැ – වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපති කියයි

මෙවර අයවැයෙන් නිෂ්පාදන බද්ද අඩුකොට ඇති වාහන වර්ග තවම ලෝකයේ කිසිදු රටක භාවිතා නොවන ඒවා බවත්, මුදල් ඇමතිවරයා අයවැය සකස් කොට ඇත්තේ 2025 වසරේ දී එළි දැකීමට තිබෙන වාහනවලට බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමසභාපති කෝකිල දීකිරිවැව මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ සූර්ය බලශක්ති, හයිඩ්‍රජන් හෝ හීලියම් භාවිතයෙන් ක්‍රියාත්මක වාහන දැනට මෙරට භාවිත…

(0)Comments | November 26, 2015 7:48 am

පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න – ඔටාරා Video

ඔඩෙල් නිර්මාතෘ සහ වර්තමානයේ එම්බාර්ක් විලාසිතා ජාලයේ අධ්‍යක්ෂ ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය සමඟ අද දෙරණ Biz 24×7 කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාව.

(0)Comments | November 26, 2015 7:00 am

රුපියල 8.1% කින් බාල්දු වෙලා. නිල සංචිත ඩොලර් බිලියන 8 දක්වා වැඩි වෙලා – මහබැංකුව කියයි

පසුගිය සැප්තැම්බර් මස අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.8 ක් ලෙසින් වාර්තා කළ දළ නිල සංචිත ප්‍රමාණය 2015 නොවැම්බර් 03 වැනි දින වන විට ඩොලර් බිලියන 8 දක් වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. 2015 නොවැම්බර් මස මුදල් ප්‍රතිපත්ති විවරණය එළිදක්වමින් මහ බැංකුව මේ බව අනාවරණය කර ඇත. මෙහිදී…

(0)Comments | November 26, 2015 2:23 am

සුපිරියට බදු ගෙවන්නන්ට ආණ්ඩුවෙන් ගරු සැලකිලි

වසරකට රුපියල් මිලියන 25 කට වඩා ආදායම් බදු ගෙවන පුද්ගලික බදු ගෙවන්නන් හට මෙවර අයවැයෙන් විශේෂ වරප්‍රසාද කිහිපයක්ම ලබාදීමට මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබේ. ගුවන්තොටුපල තුල දී VIP පහසුකම් ලබාදීම, රජයේ රෝහල් හා ආයතන තුල දී ප්‍රමුඛතාවය ලබා දීම ඒ අතර වේ. මීට අමතරව රජයේ උත්සව අවස්ථාවලදී විශේෂයෙන් ආරාධනා කිරීම, වසරකට වරක් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන්…

(0)Comments | November 25, 2015 5:03 am

PAYE බද්ද වෙනස් වෙන්නේ මෙහෙමයි

ආයතනික සේවකයින් විසින් ගෙවිය යුතු උපයන විට ගෙවීමේ බද්ද (PAYE tax) ගෙවීමට ඇති ආදායම් සීමාව සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් PAYE බද්දට යටත් වූයේ රුපියල් 750,000 කට වැඩි වාර්ෂික ආදායමක් හෙවත් මාසිකව රු. 62,500 කට වැඩි ආදායමක් ලබන සේවකයින්ය. නව අයවැය යෝජනා අනුව මෙම සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ…

(0)Comments | November 24, 2015 6:59 am