Top News

මියන්මාර ප්‍රතිඅපනයනවලට කොළඹ වරායෙන් 10% ක වට්ටමක්

කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මියන්මාරයේ ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් වෙනුවෙන් අදාළ නැව්සේවා සමාගම් සඳහා 10% ක වට්ටමක් ලබා දීමට වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත. ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් විශාල වශයෙන් සිදුකරන රටක් වශයෙන් මියන්මාරය ප්‍රචලිත වී තිබේ. එම…

(0)Comments | February 23, 2016 4:05 am

අද ඉල්ලුම් කරන මානව සම්පත බොහෝ වෙනස් – ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න කියයි VIDEO

21 වන සියවසට ගැළපෙන මානව ප්‍රාග්ධනය ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අද දෙරණ Biz 24×7 සමඟ එක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 20 වන සියවසට වඩා වර්තමානයට අවශ්‍ය කරන මානව සම්පත බොහෝ සෙයින් වෙනස් වී ඇති බවයි. පහත දැක්වෙන්නේ ඒ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.

(0)Comments | February 23, 2016 3:37 am

දුම්කොළ සමාගම ආණ්ඩුවට බිලියන 91.6 ක් බදු ගෙවයි

ලංකා දුම්කොළ සමාගම 2015 මූල්‍ය වර්ෂය තුළ දී රුපියල් බිලියන 91.6 ක බදු මුදලක් රජය වෙත ගෙවා ඇති බව ප්‍රකාශ කර සිටී. සමාගම මේ බව අනාවරණය කරනුයේ 2015 වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තා එළිදක්වමිනි. මෙහිදී වැඩිදුරටත් සමාගම ප්‍රකාශ කර සිටින්නේ මෙම බදු මුදල තුළ සමාගම විසින් 2015 දෙසැම්බර් කාර්තුවේ දී ගෙවන ලද රුපියල් බිලියන 3.8…

(0)Comments | February 22, 2016 8:29 am

දෙසැම්බරයේ ලංකා IOC ආදායම අඩුවෙද්දී ලාභ වැඩි වෙලා

2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව අදාළ කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් බිලියන 18 ක් වශයෙන් වාර්තා වන අතර එය 2014 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ ආදායම වූ රුපියල් බිලියන 20 හා සැසඳීමේ දී 10% ක පහළ යාමකි. කෙසේ වෙතත්…

(0)Comments | February 22, 2016 7:50 am

සංවර්ධන බැඳුම්කර නිකුතුවේ දී 4 ගුණයක ලංසු භාර ගැනේ

පසුගිය සිකුරාදා (19) අවසන් වුණු සංවර්ධන බැඳුම්කර නිකුතුවේ දී නිකුතු කළ ප්‍රමාණය මෙන් සිව් ගුණයකට ආසන්න ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 75 කින් යුතු වූ මෙම නිකුතුව වෙනුවෙන් ලංසු භාර ගැනීමට 2016 පෙබරවාරි 15 සිට පෙබරවාරි 19 දින දක්වා කාලය තුළ විවෘතව පැවිතිණි. මෙහිදී වසර 1…

(0)Comments | February 22, 2016 7:10 am

විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවෙන් ‘විශ්වාසවන්ත‘ අනුග්‍රහයක්

එළඹෙන මාර්තු මාසයේ දී ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නිල අනුගාහකත්වය ලබා දීමට The Confident Group ඉදිරිපත් වී තිබේ. The Confident Group 10 වන සංවත්සරයට සමාගාමීව සිදුකරනු ලබන මෙම අනුගාහකත්ව ලබා දීම, ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකටම අදාළ වේ. බැංගලෝරය…

(0)Comments | February 21, 2016 7:24 am

මහ බැංකුව නිත්‍ය තැන්පතු හා නිත්‍ය ණය පොළී අනුපාතික ඉහළ දමයි

ඊයේ පැවති මහ බැංකු මුදල් මණ්ඩල හමුවේ දී 2016 පෙබරවාරි මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය එළි දක්වමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% දක්වා ඉහළ නැංවීමට තීරණය කරන ලදී. මෙහිදී තවදුරටත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% මට්ටමේ රඳවා ගැනීමට තීරණය කෙරිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වයවස්ථාපිත සංචිත අනුපාතය…

(0)Comments | February 20, 2016 5:46 am

ජපුරේ උපකුලපතිට සණසෙන් අධ්‍යක්ෂ ධූරයක්

සණස සංවර්ධන බැංකුවේ ස්වාධීන අධ්‍යක්ෂ ධූරයක් සඳහා මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම පවසන්නේ 2016 පෙබරවාරි 15 වැනි දින පටන් මෙම පත්වීම බලපැවැත්වෙන බවයි. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වර්තමානයේ ශ්‍රී ජවයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන අතර ඊට පෙර එහි කළමනාකරණ හා වාණිජ පීඨයේ…

(0)Comments | February 19, 2016 10:48 am

ලාෆ්ස් ශ්‍රී ලංකාවේ විශාලතම සූර්ය බලශක්ති බලාගාරය ඉදිකරයි

මෙරට විශාලතම සූර්ය බලශක්ති බලාගාරයේ ඉදිකිරීමේ වැඩකටයුතු සඳහා ලාෆ්ස් පවර් (පුද්) සමාගම ඊයේ දිනයේ (18) දී මුල්ගල් තබන ලදී. හම්බන්තොට ඉදිකරනු ලබන මෙම සූර්ය බලශක්ති බලාගාරය වෙනුවෙන් ලාෆ්ස් ආයෝජනය කරනු ලබන මුදල රුපියල් බිලියන 5 කි. යුරෝපීය තාක්ෂණය යටතේ විදේශීය විශේෂඥයින් විසින් ඉදිකරනු ලබන මෙම බලාගාරය මෙගාවොට් 20 ක බලශක්ති ධාරිතාවයකින් යුක්ත වන බව සඳහන්…

(0)Comments | February 19, 2016 9:58 am

කොටස් පිරිවැටුමට ටෙක්ස්චර්ට් ජර්සි වෙතින් තල්ලුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද පෙරවරු 10.45 පමණ වන විට රුපියල් බිලියන 1.1 ක් ලෙසින් වාර්තා වී තිබිණි. මේ සඳහා ප්‍රධන දායකත්වය ලබා දී ඇත්තේ ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා පීඑල්සී හි ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනුවකි (Crossing). මෙහිදී කොටස් 34,448,919 ක් රු. 30.80 බැගින් ගනුදෙනු වී තිබුණු අතර මෙම ගනුදෙනුව තුළින් පමණක් වාර්තා වී තිබුණු පිරිවැටමු…

(0)Comments | February 19, 2016 5:26 am