අද උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු වඩාත් සක්‍රීය අයුරින් සිදු වෙමින් පැවති අතර පෙරවරු 10.50 වන විට ඒකක 52 කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගොස් තිබිණ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,069.96 ක් ලෙසින් වාර්තා විය. එසේම මිලියන 500 ක් ඉක්මවූ පිරිවැටුමක් ගනුදෙනු සිදු වූ මුල් පැය එකහමාරක…
අද වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දිනකට වියදම් කරනුයේ ඇමරිකානු ඩොලර් 40-50 ක් වැනි සුළු මුදලක් බවත්, ඒ වෙනුවට ඩොලර් 150-250 ක් පමණ වැය කළ හැකි සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද දින පාර්ලිමේන්තුවේ දී නව රජයේ මධ්‍යකාලීන ආර්ථික සැලසුම් පිළිබදව විශේෂ ප්‍රකාශයක් කරමින්…
අද දින පාර්ලිමේන්තුවේදී නව රජයේ මධ්‍ය කාලීන ආර්ථික සැලසුම් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඕනෑම පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගෙන යා යුතු බවත් එසේම එම ව්‍යවසායන් වාණිජ ව්‍යාපාරයන් ලෙස සාර්ථක තලයකට ඔසවා තැබිය යුතු බවත් පැවසීය. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමාසහිත…
මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය මගින්, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක් දක්වා අඩුකරලීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. නව රජයේ මධ්‍ය කාලීන සංවර්ධන වැඩසටහනට අනුව යමින් මෙම ඉලක්කය වසර 2020 වන විට සාක්ෂාත් කර ගැනීමට බලාපොරාත්තු වන බව එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා…
2014 වසරේ ඔක්තෝබර් මාසය හා සන්සන්දනය කිරීමේ දී පසුගිය මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව පසුගිය මාසයේ දී සංචාරකයින් 132,280 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එහිදී 2014 ඔක්තෝබරයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 121,576 කි. වසරේ පළමු මාස 10 තුළ දී ශ්‍රී…
ලන්ඩන් නුවර Legatum ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන සෞභාග්‍යතා දර්ශකයට අනුව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලොව පුරා රටවල් 142 ක් ඇසුරින් සකස් කරන ලද මෙම දර්ශකයට අනුව 61 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වෙද්දී, නේපාලය – 89, ඉන්දියාව – 99, බංග්ලාදේශය – 103, පකිස්ථානය – 130 සහ ඇෆ්ගනිස්ථානය –…
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවත්නා ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කරලීමේ අරමුණින් යුතුව, නවසීලන්ත ව්‍යාපාරික දූත කණ්ඩායමක් නොබෝදා මෙරට සංචාරයක නිරත විය. මෙම කණ්ඩායම සඳහා නායකත්වය දෙනු ලැබුවේ නවසීලන්තයේ හිටපු උප අගමැති ශ්‍රීමත් ඩොන් මැකිනන් විසිනි. මෙම කණ්ඩායම හා මෙරට ආයතනික ප්‍රධානීන් අතර හමුවක් ඊයේ දිනයේ පැවති අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා නේපාලය සඳහා…
කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් අද දිනය ආරම්භයේ දී සෘණාත්මක ස්වභාවයක් වාර්තා කළද, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 3.16 ක ඉහළ යාමක් වාර්තා කරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,003.57 ක් ලෙසින් දැක්වුණු අතර එය 0.05% ක වර්ධනයකි. කෙසේ වෙතත් S&P SL20 මිල දර්ශකය, පෙර දිනයට…
රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 70 ක් නිකුත් කිරීමට සූදානම් බව සම්පත් බැංකුව ප්‍රකාශ කර සිටී. මෙහිදී පළමු අදියරේ දී අනාරක්ෂිත, යටත් කළ හැකි, නිදහස් කළ හැකි ණයකර මිලියන 50 ක් නිකුත් කරනු ඇත. ඒ සඳහා අධි ඉල්ලුමක් පැවතියහොත් තවත් මිලියන 20 ක ණයකර නිකුතු කිරීමට බැංකුව සැලසුම් කර ඇත. මේ අනුව සමස්ත ණයකර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වා ගෙන යනු ලබන විශේෂ දත්ත ප්‍රචාරණ සම්මතයන් (Special Data Dissemination Standard – SDDS) සඳහා ශ්‍රී ලංකාව එක්කර ගනු ලැබීම ඊයේ සිදුවිය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාන්‍ය දත්ත ප්‍රචාරණ සම්මතයන්ගේ සිට මෙවැනි උසස් වීමක් ලද 15 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. එසේම ආසියානු ශාන්තිකර කලාපයේ, විශේෂ දත්ත ප්‍රචාරණ…
Video Story