Top News

හුළුගල්ලේ කොමර්ෂල් බැංකුවෙන් සමුගනී

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව කලක් සේවය කළ ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා කොමර්ෂල් බැංකුවේ දැරූ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ අනුව, 2015 මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත. ඔහු සතුව කොමර්ෂල් බැංකුවේ කිසිදු කොටස් අයිතියක් නොමැති බව සඳහන්ය.

(0)Comments | March 31, 2015 5:40 am

NDB අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවත් දෙදෙනෙකු ඉවත් වෙයි

ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විධායක නොවන අධ්‍යක්ෂ ධූරයක් දැරූ අනුර සිරිවර්ධන මහතා සහ විධායක නොවන අධ්‍යක්ෂ ධූරයක් දැරූ සුජීව රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී තිබේ. බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ 2015 මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදුකර තිබෙන බවයි. මීට පෙර, ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරය දැරූ…

(0)Comments | March 31, 2015 5:31 am

මෙන්න! ලංකා හොස්පිට්ල්ස් අළුත් උප සභාපති

ලංකා හොස්පිට්ල්ස් සමාගමේ උප සභාපතිවරයා ලෙස සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන තිස්ස නානායක්කාර මහතාව පත්කර තිබේ. මීට අමතරව, නානායක්කාර මහතාව ලංකා හොස්පිට්ල්ස්හි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද පත්කර තිබෙන අතර මෙම පත්වීම 2015 මාර්තු 27 වනදා සිට ක්‍රියාත්මක වේ. තිස්ස නානායක්කාර මහතා පිළිබඳව කෙටි විස්තරයක් මෙන්න

(0)Comments | March 30, 2015 9:10 am

සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කොටසක් වැසේ

කොළඹ නගරයේ තිබෙන ප්‍රමුඛතම හෝටලයක් වන සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කොටසක් හදිසි අළුත් වැඩියා කටයුතු හේතුවෙන් 2015 මාර්තු 30 වනදා සිට වසා දැමීමට තීරණය කර තිබේ. මේ අනුව, සමාගම සඳහන් කරන්නේ අළුත් වැඩියා කටයුතු නිම කිරීමෙන් පසුව නැවතත් මෙම කොටස 2015 ඔක්තෝම්බර් මාසයේදී විවෘත කරන බවයි.

(0)Comments | March 30, 2015 6:27 am

NDB සභාපතිත් ඉවතට. පුද්ගලික වාණිජ බැංකුවල තවත් පුටු පෙරලෙන ලකුණු

ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරයෙන් සුනිල් විජේසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර අස්වීමේ ලිපිය අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ලබාදීමට බලාපොරොත්තු වේ. මේ අතර, පුද්ගලික වාණිජ බැංකු කිහිපයක රජය සතු කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලද කිහිප දෙනෙකුටම ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යංශය විසින් දැනුම් දී ඇතැයි අප වෙත ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අනාවරණය වේ….

(0)Comments | March 28, 2015 11:27 am

Breaking News -ආචාර්ය රාණි ජයමහ HNB මුල් පුටුවෙන් ඉවත් වේ. බැංකුව අළුත් සභාපති කෙනෙකු යටතට

හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මිය අද පස්වරුවේ පැවති විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී දැනුම් දී ඇත්තේ ඇය එම තනතුරින් ඉවත්වී විශ්‍රාම ගන්නා බවයි. මේ අනුව, වහාම හැටන් නැෂනල් බැංකුවේ සභාපතිධූරය සඳහා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරියක වන එම්.ඒ.ආර්.සී. කුරේ මහත්මිය පත්කර තිබේ. ආචාර්ය රාණි ජයමහ මහත්මිය මාර්තු 30 වනදා පැවැත්වීමට…

(0)Comments | March 27, 2015 12:00 pm

Exclusive –සුපිරි වාසි සහ මන්දිර බද්දේ ගැසට් නිවේදන අවසන් අදියරේ

නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කළ සුපිරි වාසි බද්ද සහ මන්දිර බද්දට අදාළ ගැසට් නිවේදන සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසාන අදියරේ තිබෙන බවත් හෙට අනිද්දාම මේවා ප්‍රසිද්ධ කිරීමට නියමිත බවත් අනාවරණය වේ. ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත හෙළිවන්නේ සුපිරි වාසි බද්දට අදාළ නීති කෙටුම්පත සහ ගැසට් නිවේදනය සකස් කිරීමේ කටයුතු බොහෝ දුරට…

(0)Comments | March 26, 2015 11:29 am

රු. මිලියන 500 ක අරමුදල් සමග නව ව්‍යාපාර 15 කට මග හෙළිකළ Venture Engine වැඩසටහනේ 4 වන අදියර ඇරඹේ

‘වෙන්චර් එන්ජින්’ (Venture Engine) වැඩසටහනේ 04 වන අදියර සඳහා සියලූ කටයුතු සූදානම් බව ‘බ්ලූ ඕෂන් වෙන්චර්ස්’ (Blue Ocean Ventures) සහ ‘ඒන්ජල් නෙට්වර්ක්’ (Angel Network) පසුගියදා නිවේදනය කළේ ය. කොළඹ OZO හිදී පැවති විශේෂ උත්සවයකදී මේ බව නිවේදනය කරන ලදි. 2012 වසරේදී මෙම වැඩසටහන ආරම්භ වූයේ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර සිහින යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අත්වැලක් වනු…

(0)Comments | March 26, 2015 7:25 am

මධ්‍යසාර සමාගම් වලින් මසකට මිලියන 200 ක බදු ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

මධ්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම් වලින් මාසයකට රුපියල් මිලියන 200 ක සුරා බද්දක් අයකිරීමට නව රජය විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවීමේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරයි. මෙරට මධ්‍යසාර නිෂ්පාදකයින්ගෙන් මසකට රුපියල් මිලියන 200 ක බද්දක් අය කිරීමට නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබීම හමුවේ තම සමාගම් අප්‍රේල් මාසයේ සිට වසා දැමීමට…

(0)Comments | March 25, 2015 8:21 am

මත්ස්‍ය අපනයන ආදායම් වලට සෙනසුරු ලබයි

යුරෝපා සංගමය විසින් ලංකාවට පනවා තිබෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේ තහංචිය හමුවේ ලංකාවෙන් පිටරට යවන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (Sea Food) තුළින් ලැබන ආදායම විශාල වශයෙන් අඩුවී තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව මුහුදු මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම තුළින් පසුගිය ජනවාරි මාසයේදී ලංකාව ඉපැයූ…

(0)Comments | March 25, 2015 8:05 am