Top News

PAYE බද්ද වෙනස් වෙන්නේ මෙහෙමයි

ආයතනික සේවකයින් විසින් ගෙවිය යුතු උපයන විට ගෙවීමේ බද්ද (PAYE tax) ගෙවීමට ඇති ආදායම් සීමාව සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් PAYE බද්දට යටත් වූයේ රුපියල් 750,000 කට වැඩි වාර්ෂික ආදායමක් හෙවත් මාසිකව රු. 62,500 කට වැඩි ආදායමක් ලබන සේවකයින්ය. නව අයවැය යෝජනා අනුව මෙම සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ…

(0)Comments | November 24, 2015 6:59 am

සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

මෙරට ලියාපදිංචි බොහෝ සමාගම් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවත් එවැනි සමාගම් යළි ක්‍රියාකාරී කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් විසින් එකතු කරනු ලබන වාර්ෂික ගාස්තුවක් සියලුම ලියාපදිංචි සමාගම් වෙත පනවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නව රජයේ අයවැය යෝජනා තුළින් පසුගිය දා අනාවරණය කළේය. මෙහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ස්වකැමැත්තෙන් කරනු ලබන සමාගම් ඈවර කිරීම් අධෛර්යමත්…

(0)Comments | November 24, 2015 5:30 am

අයවැය සුභවාදීයී, ලිහිසි තෙල් වෙළෙඳපොළට නියාමනයක් අවශ්‍යයි – කිෂූ ගෝමස්

වර්තමානයේ දී රටේ ලිහිසි තෙල් වෙළෙඳපොළ සමාගම් අතලොස්සක් විසින් පාලනය කරනු ලබන බවත් එබැවින් ලිහිසි තෙල් වෙළෙඳපොළ විවෘත කිරීමට තම යෝජනා කරන බවත් පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය. මේ පිළිබඳව අද දෙරණ Biz , ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ කිෂූ ගෝමස් මහතාගෙන් කරුණු විමසීමක් කළ අතර…

(0)Comments | November 24, 2015 4:22 am

රාජ්‍ය ව්‍යාපාර රැසක් ගොඩගන්න කොටස් වෙළෙඳපොළට භාර දෙයි

දැනට රජය විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් කිහිපයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. පසුගියදා මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව කිරීමේ දී මේ බව අනාවරණය කළේය. වෝටර්ස් එජ්, හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් යන හෝටල් සමාගම් සහ දැනට ඉදි වෙමින් පවතින හයට් හෝටල් සංකීරණය ඒ අතර වේ. මීට අමතරව ලංකා හොස්පිට්ල්, මොබිටෙල් යන සමාගම්…

(0)Comments | November 23, 2015 8:32 am

පීපල්ස් ඉන්ෂුවරන්ස් ලැයිස්තුගත කිරීමට අනුමැතිය

පීපලස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ. මේ අනුව පීපල්ස් ඉන්ෂුවරන්ස් හි සාමාන්‍ය කොටස් මිලියන 200 ක් ඉදිරියේ දී කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිතය.

(0)Comments | November 23, 2015 8:15 am

මිලියන 25,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

හෙට දිනයේ දී රුපියල් මිලියන 25,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. එහිදී දින 182 ක හා දින 364 පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් මිලියන 9,000 හා 16,000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 15,000 ක් වටිනා බිල්පත් ඉදිරිපත් කර…

(0)Comments | November 23, 2015 8:04 am

ගෑස් බසී

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට මෙරට එල්.පී. ගෑස් අලෙවියේ නිරත සමාගම් වන ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් පියවර ගෙන තිබේ. මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 1,346 ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 572 කි. 2016 අයවැය යෝජනා අනුව කිලෝග්‍රෑම් 12.5…

(0)Comments | November 23, 2015 6:35 am

අයවැයට කොටස් වෙළෙඳපොළෙන් පැසසුම්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනය තුළ ගනුදෙනු ආරම්භ වී පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් සියලු කොටස් මිල දර්ශකය ඒකක 54 කින් ඉහළ ගොස් තිබිණි. එසේම දිනයේ පළමු මිනිත්තු 45 තුළ දී වාර්තා වී තිබුණු පිරිවැටුම රුපියල් මිලියන 500 කි. පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා හරහා කොටස් වෙළෙඳපොළ වෙත…

(0)Comments | November 23, 2015 5:59 am

අයවැය මාරයි බීලා හමාරයි

නව රජයේ අයවැය යෝජනා ප්‍රකාරව බීර සහ මත්පැන් මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. මේ අනුව බීර බෝලතයක මිල රු. 30 සිට හා මත්පැන් බෝතලයක් රු. 120 සිට මිල ගණන්වලින් ඉහළ ගොස් ඇත. මධ්‍යසාර සාන්ද්‍රණය 5% කට අඩු බීර බෝතලයක මිල රු. 30 කින් ද 5% වැඩි බීර බෝතලයක මිල රු. 70 කින් ද ඉහළ…

(0)Comments | November 23, 2015 5:57 am

වාහන මිල දැනටමත් වැඩිවෙලා

මුදල් ඇමතිවරයා 2016 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කර දිනක් ගතවීමටත් මත්තෙන් වාහන මිල වැඩි වී ඇතැයි වාර්තා වේ. දැනට වෙළෙඳපොළේ පවතින පාවිච්චි කළ මෝටර් රථ හා විකුණුම් අංගනවල තිබෙන වාහන මෙලෙස මිල ඉහළ යාමට ලක්ව ඇත. විශේෂයෙන් විද්‍යුත් මෝටර් රථවල මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව විශාල වශයෙන් මිල වැඩි වී තිබේ. මේ වන…

(0)Comments | November 23, 2015 4:25 am