Top News

මාස 20කට පසු කොටස් වෙළෙඳපොළේ අඩුම පිරිවැටුම අදයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඇල්මැරුණු ස්වභාවය තවත් තීව්‍ර කරමින් 2014 මාර්තු මාසයෙන් පසු වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම අද දිනයේ දී වාර්තා විය. දිනය තුළ පිරිවැටුම රුපියල් මිලියන 263.3 ක් වූ අතර පසුගිය මාස 20 තුළ වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම් අගය ලෙසින් එය වාර්තා වේ. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 27.18 කින්…

(0)Comments | December 22, 2015 12:06 pm

බිල් වෙන්දේසියේ පොළී නගී. මිලියන දසදහසක බැඳුම්කර වෙන්දේසියක් හෙට.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ (21) දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික යළිත් වරක් ඉහළ ගොස් තිබේ. මෙලසින් බිල්පත් පොළිය අඛණ්ඩව ඉහළ ගිය තෙවැනි වෙන්දේසිය මෙයයි. මෙහිදී දින 91 – 6.28% සිට 6.38% දක්වා ද, දින 182 – 6.54% සිට 6.69% දක්වා ද, දින 364 – 7.01% සිට 7.11% දක්වා…

(0)Comments | December 22, 2015 8:01 am

නොවැම්බරයේ දී උද්ධමනය වැඩිවෙයි

උද්ධමනය ගණනය කෙරෙනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය නොවැම්බර් මාසය තුළ දී 2.6% කින් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටී. ඔක්තෝබර් මාසයේ දී 0.7% ක්ව පැවති මෙම අගය මෙලෙස 2.6% ක් දක්වා ඉහළ යාම කෙරෙහි අංශ කිහිපයකම මිල ඉහළයාම් බලපා තිබේ. ආහාර හා මධ්‍යසාර නොවන කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ඉහළ…

(0)Comments | December 22, 2015 6:42 am

ටොයෝටා Prius ට සමාන රියක් හුන්ඩායි එළිදක්වයි

ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ලොව පුරා වඩා ජනප්‍රියත්වයට පත්ව ඇති ටොයෝටා Prius රථයට සම්පූර්ණයෙන්ම පාහේ සමාන මෝටර් රථයක් එළිදැක්වීමට කොරියාවේ හුන්ඩායි සමාගම කටයුතු කර ඇත. Ioniq යනුවෙන් නම් කර ඇති මෙම මෝටර් රථය ලබන මාසයේ දී නිල වශයෙන් වෙළෙඳ පොළට හඳුන්වා දෙන බව සමාගම නිවේදනය කර තිබේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ Ioniq රථය එළිදැක්වීම වෙනුවෙන් කරන ලැබූ වීඩියෝ…

(0)Comments | December 22, 2015 5:49 am

රජයේ සමාගම් පුද්ගලීකරණය කිරීමේ වැදගත්කම ගැන මාක් මෝබියස් මෙසේ කියයි

Franklin Templeton Investments හි අරමුදල් කළමනාකර මාර්ක් මෝබියස් මහතා පසුගියදා මෙරට සංචාරයක යෙදුනේය. සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කිරීමට ඔහු වග බලා ගත්තේය. එසේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද ඔහුට සිය සංචාරයේ දී අවස්ථාව උදා වුණි. තම සංචාරය පිළිබඳව සටහනක් තබමින් මාර්ක් මෝබියස් මහතා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා…

(0)Comments | December 21, 2015 8:52 am

සණසෙන් බිලියන 4 ක ණයකර නිකුතුවක්

සණස සංවර්ධන බැංකුව රුපියල් බිලියන 2 ක් ණයකර නිකුතුවක් සිදුකරන බව අද දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙහිදී රුපියල් 100 බැගින් වූ ශ්‍රේණිගත, සහතික කළ, නිදහස් කළ හැකි ණයකර මිලියන 20 ක් පළමු අදියරේ දී නිකුත් කෙරේ. ඒ සඳහා පවතින ඉල්ලුම සලකා බලා තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට බැංකුව සැලසුම් කර ඇත. මහජනතාවට…

(0)Comments | December 21, 2015 8:50 am

මුං ඇට නිෂ්පාදනයට තරගකාරී මිලක් ගේන්න රජය මැදිහත්වෙයි

ගෝවීන් දිරිගැන්වීමේ අරමුණින් මුංඇට කිලෝවක් රුපියල් 180.00 බැගින් මිල දී ගැනීම පිණිස රුපියල් මිලියන 50 ක උපරිමයකට යටත්ව අවශ්‍ය ප්‍රතිපාදන අත්තිකාරමක් වශයෙන් ගොවි භාරකාර අරමුදල මඟින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට රජය කටයුතු කර තිබේ. මෙරට වාර්ෂික දේශීය මුං ඇට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 26,000 ක් පමණ වන අතර මුං ඇට ආනයනය සඳහා වාර්ෂිකව වැයවන…

(0)Comments | December 21, 2015 6:35 am

වොක්ස්වැගන් ගේන්නේ මහින්ද ගේ අයට රැකියා දෙන්න – අගමැති

වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාවට එන්න සැලසුම් කළේ 2015 වසරේ නොව ඊට පෙර බවත්, එවර එම ව්‍යාපෘතිය අනුමත කිරීමට ඩොලර් මිලියන 5 ක් ඉල්ලා සිටි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වොක්ස්වැගන් සමාගම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී පාර්ලිමේන්තු…

(0)Comments | December 19, 2015 7:18 pm

ප්‍රාථමික වෙළෙඳුන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාව වැඩි කෙරේ

මෙරට ණය සුරැකුම් වෙළෙඳපොළේ ක්‍රියාත්මක ප්‍රාථමික වෙළෙඳ ගනුදෙනුකරුවන් සඳහා බලපැවැත්වෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දමන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (19) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. 2016 අයවැය සඳහා වන නව සංශෝධන ප්‍රකාශයට පත්කරමින් මුදල් ඇමතිවරයා මේ බව පැවසීය. මේ අනුව මෙතෙක් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ වෙළෙඳාම සඳහා තිබිය යුතු වූ රුපියල් බිලියන 1 ප්‍රාග්ධන…

(0)Comments | December 19, 2015 6:14 pm

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිල දී ගන්නා පිරිස 15% ක් දක්වා ඉහළට

ඉදිරි අනාගතයේ දී මෙරටට භාණ්ඩ මිල දී ගන්නන්ගෙන් 15% ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා භාණ්ඩ මිල දී ගැනීමට යොමුවනු ඇතැයි මෙරට ප්‍රමුඛතම ඉ-වෙළෙඳ ආයතනයක් වන Takas.lk හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු පත්මලාල් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | December 19, 2015 6:00 pm