ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපතිවරයා මෙන්ම කලක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබෙන හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. හේමසිරි ප්‍රනාන්දු මහතා අප සමග පැවසුවේ මෙම පත්වීමට අදාළ ලිපිය අද පස්වරුවේ තමන්ට ලැබුණු බවත් නුදුරු දිනකදී වැඩ භාරගැනීමට නියමිත බවයි. හෙතෙම හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා ලෙසද…
ටී.වී. දෙරණ තුළින් පෙබරවාරි 04 වනදා රාත්‍රී 10.30 සිට විකාශය වූ විශේෂ වාද පිටිය වැඩසටහන නව රජයේ අතුරු අයවැය රටට සහ ඔබට බලපාන ආකාරය පිළිබඳව විමසා බැලීමේ විශ්ලේෂණාත්මක කතා බහක් විය. මෙහි විශේෂත්වය වූයේ ආර්ථික විශ්ලේෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින්ට පමණක් මෙම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදීමයි. මෙම විශේෂ වාදපිටිය වැඩසටහනට ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය…
රේණුක ෆුඩ්ස් පී.එල්.සී සමාගමට අනුබද්ධ ෂෝ වොලස් සිලෝන් ලිමිටඩ් සමාගම විසින් රිච් ලයිෆ් ඩයරීස් ලිමිටඩ් සමාගමේ සියයට 50 ක කොටස් රේණුක ඇග්‍රි ෆුඩ්ස් සමාගමෙන් රුපියල් මිලියන 605 කට මිලදී ගෙන තිබේ. මෙහිදී, සාමාන්‍ය කොටස් මිලියන 20.2 ක් මිලදීගෙන ඇත. ෂෝ වොලස් සිලෝන් ලිමිටඩ් යනු FMCG අංශයේ නිෂ්පාදන කිරීමේ සහ බෙදාහැරීමේ මෙරට ප්‍රමුඛ සමාගමකි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ (Sri Lanka Tourism Promotion Bureau) නව සභාපතිවරයා ලෙස මීට පෙර අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළ රොහාන්ත අතුකෝරළ මහතා පත්කර තිබේ. රොහාන්ත අතුකෝරළ මහතා අප සමග පැවසුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ගෝලීයව වඩාත් ප්‍රචලිත කිරීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී කැපවී කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය…
මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයෙන් සිදුකරන ධීවර කටයුතු නතර කිරීමට නිසි පියවර නොගැනීම ඇතුළු යුරෝපීය සංගමය විසින් නිර්දේශ කළ කොන්දේසි ඉටු නොකිරීම නිසා ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගැනීමට කළ තීරණය එලෙසම තවදුරටත් ක්‍රියාත්මක වනබව යුරෝපීය කොමිසම සඳහන් කර ඇත. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් බ්‍රසල්ස් නුවරදී පැවති සාකච්ඡා…
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු ප්‍රවීණ බැංකු කරුවෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඔහු දිගු කාලයක් පුරා ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර යුනයිටඩ් මෝටර්ස් ලංකා පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. නව රජය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය රවුෆ් හකීම් මහතා අමාත්‍ය ධූරය දරන නාගරික සංවර්ධන,…
තරුණ ව්‍යවසායකයෙකු වන මුහුන්තන් කනගේ මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්කර තිබේ.
ටී.වී. දෙරණ තුළින් අද රාත්‍රී 10.30 සිට විකාශය කිරීමට නියමිත විශේෂ වාද පිටිය වැඩසටහන නව රජයේ අතුරු අයවැය රටට සහ ඔබට බලපාන ආකාරය පිළිබඳව විමසා බැලීමේ විශ්ලේෂණාත්මක කතා බහක් සඳහා වෙන්කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ආර්ථික විශ්ලේෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින්ට පමණක් අද සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදීමයි. අද රාත්‍රී 10.30 ට ආරම්භ වන විශේෂ වාදපිටිය…
ප්‍රකට නීතිඥයෙකු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වන උපුල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. උපුල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අමුත්තෙකු නොවන අතර 1978 වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසමේ මුල්ම නීති උපදේශකයා ලෙස කටයුතු කළේ ඒ මහතායි. ශ්‍රී ලංකා ආයෝජන…
නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ මිල්කෝ ආයතනයට අයත් ඉඩම වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කැඳවූ ටෙන්ඩරය සඳහා තම සමාගම ලංසුවක් ලබාදුන්නද තවමත් ඒ සම්බන්ධයෙන් සමාගමට පිළිතුරක් ලැබී නැතැයි සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගම සඳහන් කර තිබේ. සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම ඉඩම ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් නිළ ගිවිසුමකට…
Video Story