නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැය මගින් දෙමුහුන් වාහන සඳහා (Hybrid) කර තිබෙන බදු යෝජනා වෙනස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට වාහන ආනයනකරුවන් සූදානම් වේ. වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ දෙමුහුන් වාහන (Hybrid) ගෙන්වීමේදී මෙතෙක් රේගුවේදී බදු අය කළත් බදු අය කිරීම මෙවර…
එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට අඩු මෝටර් රථ ආනයනය කිරීමේදී අය කරන බද්ද අතුරු අයවැය මගින් සියයට 15 කින් අඩු කිරීම නිසා එවැනි මෝටර් රථයක මිල රුපියල් 1,50,000 කින් පමණ අඩුවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ මේ අනුව, මරුටි, ඇල්ටෝ වැනි වාහනවල මිල මේ ආකාරයෙන්…
නව රජය විසින් අද ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කර තිබේ. මීට අමතරව, දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය. මේ පිළිබඳව අප සමග…
2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වඩා ලාභයක් ලැබූ සමාගම් වලින් අදාළ ලාභ වලින් සියයට 25 ක සුපිරි වාසි බද්දක් (super gains) අය කිරීමට නව රජය යෝජනා කර තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නව රජයේ අතුරු අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙවැනි බද්දක් ගෙවිය යුතු වන්නේ සමාගම් 35 ක් 40 ක් වැනි ප්‍රමාණයක්…
ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අනුමත කර තිබෙන ව්‍යාපෘතිවල කැසිනෝ ව්‍යාපාරික කටයුතු කිරීම කැබිනට් මණ්ඩලය විසින් තහනම් කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ කැසිනෝ ව්‍යාපාරික කටයුතු හැර ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අනුමත කර තිබෙන ව්‍යාපෘතිවල අනිකුත් සියළුම ව්‍යාපාරික කටයුතු බදු සහන යටතේ සිදුකළ හැකි බවයි. රවී විජේරත්න සහ ජේම්ස් පැකර් ඒකාබද්ධව සිදුකිරීමට නියමිත ලේක්…
තිලක් කරුණාරත්න මහතා සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස අද වැඩභාර ගත්තේය. මීට පෙරද, තිලක් කරුණාරත්න මහතා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ජනාධිපති නීතිඥයෙකු වන රොනල්ඩ් සී. පෙරේරා මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කර තිබේ. මීට අමතරව, ඔහුව ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද පත්කර ඇත.
කොත්මලේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ස්ටුවර්ට් යන්ග් මහතා එම තනතුරු වලින් ඉල්ලා අස්වී තිබෙන අතර නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ වී.ආර්. පේජ් මහතායි. මේ අනුව, සභාපති වී.ආර් පේජ්, කළමනාකාර අධ්‍යක්ෂ එම්.අයි. අබ්දූල් වහීඩ්, විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ පී.එස්. මාතවන්, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ ඒ.ටී.පී. එදිරිසිංහ,…
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන දින 100 වැඩසටහන මගින් ජනතාවට සහන මාලාවක් ලබාදීමට යෝජනා කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පාත්ෆයින්ඩර් පදනම පවසන්නේ මෙහි සඳහන් සහන සියල්ලම ඒ ආකාරයෙන්ම ලබාදෙන්නේ නම් අයවැය හිඟය වැඩිවීමේ අවධානමක් තිබෙන බවයි. කෙසේවෙතත්, මෙම වැඩසටහනේ තිබෙන යහපාලන ප්‍රතිපත්ති මගින් ආර්ථිකයේ අළුත් පුනරුදයක් ඇතිවනු ඇතැයි…
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් බිලියන 8.8 ක් ලෙස පැවති මෙරට විදේශ සංචිතය පසුගිය නොවැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 8.3 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ විදේශ ණය සේවාකරණ ගෙවීම් වෙනුවෙන් (foreign debt service payments) පසුගිය කාලයේදී ඩොලර් මිලියන 2758 ක් පමණ…
Video Story