ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට ආගමන විගමන පාලකවරයාට අල්ලස් කොමිසම විසින් දැනුම් දී ඇතැයි වැඩබලන ආගමන විගමන පාලක, එම්.එන්. රණසිංහ මහතා පැවසීය. අනාවරණය වන ආකාරයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිලි…
අද මධ්‍යම රාත්‍රියේ සිට 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 117 ක් දක්වා රුපියල් 33 කින්ද, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 95 ක් දක්වා රුපියල් 16 කින්ද අඩුකිරීමට රජය පියවර ගෙන තිබේ. මීට අමතරව, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 128 ක් දක්වා රුපියල් 30 කින් අඩුකර තිබෙන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 110 ක් දක්වා රුපියල් 23…
ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වීමෙන් ඇතිවී තිබෙන සභාපති පුරප්පාඩුව සඳහා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙසින් පසුගිය කාලයේ කටයුතු කර ඉන් ඉවත්වූ ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. ගාමිණී වික්‍රමසිංහ මහතා ලංකා හොස්පිට්ල්ස්හි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළේය. මේ අතර, ලංකා හොස්පිට්ල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට සී.එල්.කේ.පී. ජයසූරිය…
විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරනු ලැබ තුබුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි අඩංගු ජනප‍්‍රියවාදී සියලු පියවරයන් ක‍්‍රියාවට නැංවුවහොත් රුපියල් බිලියන 200 කට නොඅඩු මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බව බැලූ බැල්මට පෙනෙන බවත් රජයේ ආදායම් මාර්ගයන්හි පහත වැටීමක් සිදු නොවන තත්ත්වයන් යටතේ වුවද එමගින් අයවැය පරතරය දළ දේශීය නීෂ්පාදිතයෙන් 8% ක් දක්වා ඉහළ යෑමේ අවධානමක් තිබෙන බවත්…
ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබෙන රුපියල් බිලියන 08 කට ආසන්න මුදලක් ඇති ගිණුම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලිකව අයත් නොවන්නක් බවත් එම ගිණුම අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට බවත් වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා සහතික කරයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලිකව අයත් රුපියල් මිලියන 7500…
අමාත්‍යංශ 36 ක් සඳහා පත්වූ ලේකම්වරුන්ගේ නාමාවලිය ඉහත පරිදිය.
ලංකා ඔරික්ස් ෆයිනෑන්ස් සමාගම විසින් රුපියල් බිලියන පහක් රැස්කර ගැනීමට සිදුකළ ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබුණු බව සමාගම කියයි. මේ අනුව, නිකුතුව අද සවස 4.30 ට අවසන් කර තිබේ.
2015 වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ පළමුවෙන්ම ලයිස්තුගත වූ සමාගම බවට පත් වෙමින් ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම දිරිසවි පුවරුවේ ලයිස්තුගත විය. මෙහි ගනුදෙනු කටයුතු ඇරඹුණු ජනවාරි 16 වනදා කොටසක ආරම්භක මිල රුපියල් 14 ක්වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේදී කොටසක මිල රුපියල් 14.10 ක් දක්වා ඉහළ නැගුණි.
මත්තල හා මොස්කව් වෙත සිදුකරන ලාභදායී නොවන ගුවන් ගමන් අඩුකරමින් වසරකට ඩොලර් මිලියන 18 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි. ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ සඳහා උපදෙස් ලබාදුන් බවත් වැඩි ඉල්ලුමක් සහිත මැදපෙරදිග ගමනාන්ත වෙත මෙම ගුවන් ගමන් යොමුකර තිබෙන බවත් සඳහන්ය.
මුදල් අමාත්‍යංශය යටතේ ඇති සියළුම බැංකු හා ආයතනවල ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. ඔහු පැවසුවේ මෙම තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීම මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් නුදුරු දිනකදී එම පත්වීම් සිදුකරන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා…