අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ඉල්ලීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විදේශ ගතවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වාරණයක් පනවා තිබේ. මේ බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපොළටද දැනුම් දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව හේතුවෙන්…
නව රජය විදේශීය සමාගම් විසින් ලංකාවේ සිදුකරන මැණික් කැණීමේ කටයුතු (gemming) පාලනය කිරීමට අදහස් කර තිබුණත් ලංකාව තුළ නිල් මැණික් (sapphires) ගවේෂණය කිරීමේ කටයුතු ඉදිරියටත් සිදුකරන බව ජාත්‍යන්තර මැණික් කැණීමේ සහ ස්වර්ණාභරණ සමාගමක් වන Gemfields Plc සමාගම සඳහන් කර තිබේ. ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන මෙම සමාගම මේ බව ලන්ඩන් කොටස් වෙළඳ පොළට…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව හේතුවෙන් අනිවාර්ය නිවාඩු ගොස් සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද පැය 06 ක පමණ කාලයක් ප්‍රශ්න කර තිබේ. අනාවරණය වන ආකාරයට මෙම බැඳුම්කර නිකුතුවට එරෙහිව ලැබී තිබෙන පැමිණිල්ලකට අදාළ ප්‍රකාශක් මහ බැංකු අධිපතිවරයාගෙන් මෙහිදී…
සුදු අලියෙකු යැයි චෝදනාවට ලක්ව තිබෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන බව නවතම කෝප් අතුරු වාර්තාවෙන් අනාවරණය වේ. වාර්තාවට අනුව මෙම කාලය තුළදී මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි. මේ අනුව, මෙම මගීන්ගෙන් දේශීයව සහ විදේශීයව ගමන්…
කටුනායක ආයෝජන සැකසුම් කළාපයේ පිහිටි මෙරට ඇඟලුම් අපනයනයේ දැවැන්තම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්ස් සමාගමට අයත් කර්මාන්ත ශාලාවක කොටසක් අද පෙරවරුවේදී ගින්නකින් විනාශ වී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ මෙම කර්මාන්ත ශාලාව අළුත් අවුරුදු නිවාඩුව නිසා වසාදමා තිබුණු බවත් මෙම ගින්න අනිකුත් කර්මාන්ත ශාලා වලට පැතිර නොයන සේ වලක්වා ගැනීමට සමත්වූ බවයි. කර්මාන්ත ශාලාවේ එක් ගොඩනැගිල්ලක…
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එහි ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වජිර විජේගුණවර්ධන පත්කර තිබේ. මෙම තනතුර සඳහා කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාගේ නමද යෝජනා වී තිබුණු බව මීට පෙර වාර්තා විය. සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය කලක පටන් හිස්ව තිබූ අතර ඒ සඳහා…
එක්තරා කොටස් තැරැව්කාර සමාගමක් සහ සංවිධානාත්මක පිරිසක් විසින් 2011 වසරේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවට විකුණා තිබෙන සමාගම් කිහිපයක කොටස් හේතුවෙන් බැංකුව රුපියල් බිලියන ගණනක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවත් මෙම ගනුදෙනු සම්බන්ධයෙන් රජය විසින් විමර්ශනයක් ආරම්භ කළ බවත් මුදල් අමාත්‍යවරයා කීය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෙම පිරිස විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට විකුණා…
ලංකා සිමෙන්ති සමාගමේ නව සභාපතිවරයා ලෙස කුරුපනාව ගමගේ ලීලානන්ද මහතාව රජය විසින් පත්කර තිබෙන අතර නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත්කර ඇත. මේ අනුව, මොහොමඩ් රියාස් සාලි මහතා, වික්‍රමසූරිය දිසානායකලාගේ ජනක කරුණාරත්න මහතා සෙසු අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ. රජය සඳහන් කරන්නේ මොහොමඩ් රියාස් සාලි මහතා අධ්‍යක්ෂ ධූරයට අමතරව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද පත්කර තිබෙන බවයි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා (විධායක නොවන, ස්වාධීන නොවන) ලෙස රජය විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කර තිබෙන අතර අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තවත් සාමාජිකයින් සිව් දෙනෙකු පත්කර තිබේ. මේ අනුව, මයිකල් ප්‍රදීප් අමිර්තනායගම් මහතා විධායක නොවන ස්වාධීන නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර ජෙහාන් ප්‍රසන්න අමරතුංග මහතා විධායක සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර…
කොළඹ හිල්ටන් හෝටලය අයත් වන හොටෙල් ඩෙවලොපර්ස් (ලංකා) පී.එල්.සී. සමාගමට මුදල් අමාත්‍යංශය විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. මේ අනුව, මෙම සමාගමේ නව සභාපතිනිය ලෙස සහ විධායක නොවන අධ්‍යක්ෂ තනතුරකට ජර්මානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් වන ෆෙඩ්රික් නිවුමාන් පදනමේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස කලක් කටයුතු කළ සාගරිකා නීලමනී කුමාරි දෙල්ගොඩ මහත්මිය…
Video Story