Top News

ණය පාඩු හමුවේත් NDB ලාභ ඉහළට

ජාතික සංවර්ධන බැංකුව විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවන්නේ 2014 මාර්තු කාර්තුවේදී බැංකුවේ ලාභය සියයට 135 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.19 ක්වී තිබෙන බවයි. මේ අනුව, මෙම කාර්තුවේදී බැංකුව කොටසකට අදාළව රුපියල් 29.66 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර ශුද්ධ පොලී ආදායම සියයට 16 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.86…

(0)Comments | May 17, 2014 4:09 am

මෙන්න! සෙලින්කෝ රක්ෂණයේ නවතම ගිණුම්

2014 මාර්තු කාර්තුවේදී සෙලින්කෝ රක්ෂණ සමාගමේ  ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව  සියයට 13 කින් පහළ බැස රුපියල් මිලියන 285 ක්වී තිබේ. මේ අනුව, සමූහය විසින් මෙම කාර්තුවේදී ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 10.82 කි. පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 87.4 ක්වූ සමූහයේ දළ වත්කම් ප්‍රමාණය මාර්තු මාසය වනවිට රුපියල් බිලියන 90.9 ක් දක්වා…

(0)Comments | May 15, 2014 9:10 am

ලංකා බැංකුවේ ලාභ වැටෙයි

2014 මාර්තු කාර්තුවේ ලංකා බැංකුවේ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 1.9 කින් පහළ බැස රුපියල් බිලියන 2.64 ක්වී තිබේ. බැංකු සමූහයේ පොලී ආදායම සියයට 02 කින් රුපියල් බිලියන 27.9 ක් දක්වා ඉහළ නැග තිබෙන අතර පොලී වියදම සියයට 1.8 කින් ඉහළ නැග රුපියල් බිලියන 19 ක්වී ඇත. මේ අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී තිබූ…

(0)Comments | May 15, 2014 8:57 am

විදේශීය ආයෝජකයින්ගේ බැංකු රුචිය වැඩිවෙති

අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 18.20 කින් පහළ ගොස් ඒකක 6,284.96 ක් වෙද්දී එස් ඇන්ඩ් පී 20 මිල දර්ශකය ඒකක 1.92 කින් පහළ ගොස් ඒකක 3,478.99 ක් විය. ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල සියයට 0.9 කින් පහළ ගොස් රුපියල් 1070 ක්ද බුකිට් ඩාරා කොටසක් සියයට…

(0)Comments | May 13, 2014 12:07 pm

සියරා කේබල්ස් සමාගමේ මිලියන 172 ක වංචාවක්

සියරා කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ තම ගිණුම්වල රුපියල් මිලියන 172 ක හිඩැසක් ඇතිවී තිබෙන බව අනාවරණය වූ නිසා ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවයි. මේ අනුව, සියරා කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොළඹ කොටස් වෙළඳ පොළින් ඉල්ලා තිබෙන්නේ සමාගමේ කොටස් ගනුදෙනුවීම තාවකාලිකව අත්හිටුවන ලෙසයි….

(0)Comments | May 13, 2014 6:16 am

ටෙලිකොම් ලාභ සියයට 66 කින් පහළට

2014 මාර්තු කාර්තුවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ලාභය සියයට 66 කින් පහළ බැස රුපියල් මිලියන 547 ක ලාභයක් වාර්තා කර තිබේ. මේ අනුව, සමූහය විසින් මෙම කාර්තුවේදී කොටසකට අදාළව ලබා තිබෙන ලාභය ශත 30 කි. ආදායම සියයට 06 කින් රුපියල් බිලියන 15.2 ක් දක්වා වර්ධනය වී තිබුණත් මෙහෙයුම් පිරිවැය සියයට 13 කින් රුපියල් මිලියන…

(0)Comments | May 13, 2014 5:19 am

ඩො.මි. 430 ක, TATA Housing කොම්පඤ්ඤවීදිය මිශ්‍ර ව්‍යාපෘතිය ඇරඹෙයි

ඉන්දියාවේ TATA Housing සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ඩොලර් මිලියන 430 ක් ආයෝජනය කරමින් කොම්පඤ්ඤවීදියේ අක්කර තුනක ඉඩමක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරයි. මේ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කළ අතර  නිවාස ඒකක 650 කින් සමන්විත කුළුණු 04 ක් මේ යටතේ ඉදිකිරීමට…

(0)Comments | May 13, 2014 4:26 am

CT ස්මිත් හෝල්ඩින්ග්ස් හි, 25% ක කොටස් හොංකොං සමාගමක් අතට

හොංකොං පදනම් කරගත් CLSA ඉන්වෙස්ට්මන්ට් සමූහය විසින් CT ස්මිත් හෝල්ඩින්ග්ස් සමාගමේ සියයට 25ක කොටස් මිලදීගෙන තිබේ. CLSA ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ආයෝජකයින් මේ වනවිටත් පාකිස්තානය, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල ආයෝජනය කරන අතර CT ස්මිත් හෝල්ඩින්ග්ස් යනු කොළඹ කොටස් වෙළඳ පොළට විදේශීය ආයෝජන ගෙනවිත් තිබෙන ප්‍රධානතම සමාගමකි. මෙම මිලදීගැනීමත් සමගම CT ස්මිත් හෝල්ඩින්ග්ස් සමාගමේ නම CT CLSA හෝල්ඩින්ග්ස්…

(0)Comments | May 12, 2014 11:04 am

Facebook හි, තාක්ෂණික දෝෂයක්

Facebook වෙබ් අඩවියේ ඇතිවී තිබෙන තාක්ෂණික දෝෂයක් නිසා එය භාවිතා කරන බොහෝ පිරිසකට එයට ඇතුළු වීමට නොහැකිවී ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව වාර්තා කරන “හින්දුස්තාන් ටයිම්ස්“ සඳහන් කරන්නේ මෙම ගැටලුව අද ඇතිවූ බවත් මේ වනවිටත් එය නිවැරදි කිරීම සඳහා Facebook කටයුතු කරමින් සිටින බවයි. සිදුවන අපහසුතාවය පිළිබඳව Facebook සිය කණගාටුවද පළකර තිබෙන බවත් ඉතාමත් ඉක්මනින්ම…

(0)Comments | May 12, 2014 7:37 am

සිගරැට් දවටනවල 50%-60% අතර රූපමය අවවාද පළකිරීමට අවසර

ලංකා දුම්කොළ සමාගම විසින් අලෙවිකරන සිගරැට් බහාලන දවටනවල සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් වැසී යන ලෙස රූපමය අවවාද ප්‍රචාරය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට අභියාචනාධිකරණය විසින් අවසර ලබාදෙයි. මෙයට අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මෙම අවසරය ලබාදුන්නේය. මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය ලංකා දුම්කොළ සමාගමෙන් ඉල්ලා තිබුණේ සිගරැට් දවටනවල සියයට 80 ක් වැසී…

(0)Comments | May 12, 2014 5:33 am