Top News

ස්පාඤ්ඤ පාපන්දු තරුව ලංකාවේ

ස්පාඤ්ඤයේ පාපන්දු පුරාවෘත්තයක් ලෙස සැලකෙන බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක Carles Puyol සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවට පැමිණ පසුගියදා නිවාඩුවක් ගත කළ බවත් ඔහු ශ්‍රී ලංකාවේ සිරිය පිළිබඳව ඉතාමත් පැහැදීමට පත්වූ බවත් වාර්තා වේ. මෙම දෙපළ ලංකාවේ තල්මසුන් නැරඹීමට ගිය අවස්ථාවේදී ලබාගත් වීඩියෝ පටයක්ද අන්තර් ජාලයට නිකුත් කර තිබෙන අතර ඔවුන් උඩවලවේ අලි නැරඹීමටද ගොස්…

(0)Comments | April 6, 2015 4:59 am

ශ්‍රී ලංකන් හිටපු ලොක්කන්ට අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න -වැලිඅමුණ ප්‍රමුඛ පරීක්ෂණ කණ්ඩායම අවධාරණය කරයි

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචා පිළිබඳව විමර්ශනය කළ නීතීඥ ජේ.සී. වැලිඅමුණ ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුව විසින් නිර්දේශ කර තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානීන් විසින් සිදුකර ඇතැයි කියන ප්‍රසම්පාදන වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම් වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසයි. අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර…

(0)Comments | April 4, 2015 12:25 pm

පුද්ගලික සේවක වැටුප් වැඩි කිරීම කඩිනම් කිරීමට රජය සැරසෙයි

පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන ඒමට රජය සූදානම් වේ. මේ අනුව, කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී ඇත. පෞද්ගලික අංශයේ සියළුම සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000 ක් වනු ඇති බවටත් 2015 මැයි 01 වනදා සිට එය මූලික වැටුප වශයෙන් ක්‍රියාත්මක වනු…

(0)Comments | April 3, 2015 8:29 am

යහපාලන රජය පාරවල් හදන හැටි මහා මාර්ග ඇමති පහදයි

වත්මන් රජය මාර්ග ඉදිකරන්නේ නැතැයි ඇතැම් පිරිස් චෝදනා කළත් පසුගිය රජය මාර්ග ඉදිකළ ආකාරයෙන් යහපාලන රජයට මාර්ග ඉදිකළ නොහැකි නිසා මාර්ග ඉදිකිරීමේදී වංචා හා දූෂණ සිදුනොවන ආකාරයේ නිසි ක්‍රමවේදයක් සකස් කර මාර්ග සංවර්ධන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කියයි. මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අද කොළඹදී…

(0)Comments | April 2, 2015 10:22 am

Asiri Group Of Hospitals සමූහ විධායක තනතුර ප්‍රසන්න කරුණාරත්නට

කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න මහතාව ආසිරි රෝහල් සමූහයේ (Asiri Group Of Hospitals) සමූහ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. ඔහු මීට පෙර මෙහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

(0)Comments | April 2, 2015 6:24 am

කොමර්ෂල් බැංකු සභාපති ඉවත් කිරීමට කොටස්කරුවන් විරුද්ධ වෙයි. නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් දැනුම් දෙයි

කොමර්ෂල් බැංකුවේ සභාපති තනතුරෙන් ධර්ම ධීරසිංහ මහතාට ඉල්ලා අස්වන්නැයි රජය විසින් කර තිබෙන දැනුම්දීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නොමැති නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සඳහන් කරමින් කොමර්ෂල් බැංකුවේ වෘත්තීය සමිති දෙකක් එක්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය…

(0)Comments | April 1, 2015 6:00 am

Tata Steel ලංකාවේ යකඩ ව්‍යාපාරයෙන් ඉවතට

Lanka Special Steels Ltd සමාගමේ සියයට 100 ක කොටස් අයිතිය E.B. Creasy and Company Plc සමාගම විසින් Tata Steel Ltd සමාගමෙන් රුපියල් මිලියන 433 කට මිලදීගෙන තිබේ. 2003 වසරේදී මෙරට මෙහෙයුම් කටයුතු ඇරඹි Lanka Special Steels Ltd සමාගම විසින් ගැල්වනයිස් යකඩ වයර් නිෂ්පාදනය කර බෙදාහරින අතර සමාගමට වාර්ෂිකව මෙට්‍රික් ටොන් 14,400 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව…

(0)Comments | April 1, 2015 4:58 am

හුළුගල්ලේ කොමර්ෂල් බැංකුවෙන් සමුගනී

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව කලක් සේවය කළ ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා කොමර්ෂල් බැංකුවේ දැරූ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ අනුව, 2015 මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත. ඔහු සතුව කොමර්ෂල් බැංකුවේ කිසිදු කොටස් අයිතියක් නොමැති බව සඳහන්ය.

(0)Comments | March 31, 2015 5:40 am

NDB අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවත් දෙදෙනෙකු ඉවත් වෙයි

ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විධායක නොවන අධ්‍යක්ෂ ධූරයක් දැරූ අනුර සිරිවර්ධන මහතා සහ විධායක නොවන අධ්‍යක්ෂ ධූරයක් දැරූ සුජීව රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී තිබේ. බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ 2015 මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදුකර තිබෙන බවයි. මීට පෙර, ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරය දැරූ…

(0)Comments | March 31, 2015 5:31 am

මෙන්න! ලංකා හොස්පිට්ල්ස් අළුත් උප සභාපති

ලංකා හොස්පිට්ල්ස් සමාගමේ උප සභාපතිවරයා ලෙස සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන තිස්ස නානායක්කාර මහතාව පත්කර තිබේ. මීට අමතරව, නානායක්කාර මහතාව ලංකා හොස්පිට්ල්ස්හි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද පත්කර තිබෙන අතර මෙම පත්වීම 2015 මාර්තු 27 වනදා සිට ක්‍රියාත්මක වේ. තිස්ස නානායක්කාර මහතා පිළිබඳව කෙටි විස්තරයක් මෙන්න

(0)Comments | March 30, 2015 9:10 am