Top News

අද කොටස් පොළේ රැළි මෙන්න- Video

(0)Comments | July 30, 2014 2:31 pm

ඕනෑම වෙලාවක ලංකා බැංකුවට තවත් ජාත්‍යන්තර නිකුතුවක් පුළුවන්ලු

අවශ්‍ය අවස්ථාවක තවත් ඩොලර් බැඳුම්කරයක් නිකුත් කිරීම මගින් විදේශීය ණය ලබාගැනීම සඳහා ලංකා බැංකුව සූදානම් බවත් ඒ පිළිබඳව බැංකුව විමසා බලමින් සිටින බවත් බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී, ඩී.එම්. ගුණසේකර මහතා කියයි. ඔහු අප සමග පැවසුවේ මේ වනවිට බැංකුවේ ද්‍රවශීලතාවය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන නිසා මේ අවස්ථාවේදී ඩොලර් බැඳුම්කරයක් නිකුත් නොකරන බවයි. නමුත්, අඩු පොලී වාතාවරණය…

(0)Comments | July 30, 2014 9:28 am

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ණයකර නිකුතුවට කොළ එළි

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම නිකුත් කිරීමට යන මිලියන 14 ක ණයකර නිකුතුව ලයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර නිකුත් කරන අතර මෙය අගෝස්තු 21 වනදා විවෘත වේ. මෙහි කළමනාකරුවන් ලෙස කටයුතු කරන්නේ ෆස්ට් කැපිටල් සමාගමයි.

(0)Comments | July 30, 2014 7:13 am

ඩ්‍රැයිවර්ලාගේ මොළ සෝදන්න අළුත් වැඩක්

මගී බස්රථ හා වෑන් රථවල සේවය කරන රියදුරන්ට ඉදිරියේදී නිකුත් කරන රියදුරු බලපත්‍රවල විශේෂ සටහනක් යොදමින් විශේෂ ඇගයීමක් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ මෙම විශේෂ ඇගයුම ලබාදෙන්නේ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පවත්වන පුහුණු වැඩසටහනට සහභාගී වන මගී වාහන රියදුරන්ට…

(0)Comments | July 30, 2014 4:10 am

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

මිතුරෙකු කොල්ලකෑමට පැමිණි සොරුන් කණ්ඩායමකට ඇමරිකාවේ ටෙක්සාස් හිදී, එලව එලවා පහරදී මුළු ලොවේම අවධානය දිනාගත් ගෞරවණීය ශ්‍රී ලාංකික තරුණයා වන මයුර සාරංග දිසානායකගේ දක්ෂතා කෙරෙහි ලොව විශාලතම මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ප්‍රවර්ධන සමාගමේ ප්‍රධානියා වහ වැටී තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ UFC (Ultimate Fighting Championship) නැමති මෙම සමාගමේ සභාපති, ධනා වයිට් මයුර සොරුන්ට…

(0)Comments | July 29, 2014 10:57 am

වෝටර් ගාඩ්න්ස්. සීගිරි ළඳුන් පාමුල ඉහළ සංචාරක අත්දැකීමක්

වාද්දූවේ බ්ලූ වෝටර් හෝටලය අයත් Union Resorts & Spa Ltd සමාගම විසින් “වෝටර් ගාඩ්න්ස්“ නමින් හෝටලයක් සීගිරිය ප්‍රදේශයේ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම හෝටලය මගින් ඉලක්ක කර තිබෙන්නේ වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයින් සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු සංචාරක අත්දැකීමක් ලබාදීමයි. මෙහි සුපිරි පහසුකම් වලින් පිරි සංචාරක බංගලා 30…

(0)Comments | July 29, 2014 6:25 am

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක්

කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ බැංකු කරුවෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වන කේ.ජී.ඩී.ඩී.ධීරසිංහ මහතා හෙට සිට බලපැවැත්වෙන පරිදි පත්කළ බව කොමර්ෂල් බැංකුව කියයි. බැංකු ක්ෂේත්‍රය පිළිබඳව වසර 37 ක පමණ අත්දැකීම් ඇති ධීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙසද කටයුතු කළේය. මීට අමතරව, එම්.පී. ජයවර්ධන මහතා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්කර…

(0)Comments | July 28, 2014 12:58 pm

Dunamis Capital ණයකර නිකුතුව උතුරයි

රුපියල් බිලියනයක් රැස්කිරීම සඳහා එකක් රුපියල් 100 ක් බැගින් Dunamis Capital පී.එල්.සී. සමාගම විසින් නිකුත්කළ මිලියන 10 ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් ඇතිවෙයි. මේ අනුව, නිකුතුවේ කළමනාකරුවන් විසින් දැනුම් දී තිබෙන්නේ අද පස්වරු 4.30 ට මෙම නිකුතුව අවසන් කරන බවයි. නිකුතුව සඳහා රුපියල් බිලියනයක් ඉක්මවා යන අයදුම් පත් ලැබී ඇතැයි සඳහන්ය.

(0)Comments | July 28, 2014 5:29 am

දිනේෂ් වීරක්කොඩි කොමර්ෂල් ලොකු පුටුවට සමුදෙයි

කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ස්ටෙෆාන් වීරක්කොඩි මහතා 2014 ජූලි 28 වනදා සිට එම තනතුරෙන් ඉවත් වනබව කොළඹ කොටස් වෙළඳ පොළ වෙත බැංකුව නිවේදනය කර තිබේ. වීරක්කොඩි මහතා ජූලි 28 වනදා වනවිට බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වී වසර 09 ක් සපුරන බවත් ඔහු බැංකුවේ සභාපති තනතුරට අමතරව අධ්‍යක්ෂ තනතුරටද සමුදෙන බවත් සඳහන්ය.

(0)Comments | July 25, 2014 2:55 pm