Top News

කෝටි 200ක වන්දි ඉල්ලා සිරසේ රාජා මහේන්ද්‍රන්ට දෙරණේ දිලිත් ජයවීරගෙන් එන්තරවාසියක්

සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ. ඒ අනුව සිරස මාධ්‍ය ජාලය,එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මෙන්ම ආර්ථික තොරතුරු විශ්ලේෂකයෙකු යයි කියා ගන්නා ෆරාස් ෂව්කෙට්ලි යන අයට…

(0)Comments | May 18, 2015 1:56 pm

විනිමය චෝදනා වලින් ඇමති රවී නිදහස්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු තවත් තිදෙනෙකුට එරෙහිව එල්ල කර තිබූ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය. විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් විදේශ මුදල් තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

(0)Comments | May 18, 2015 11:35 am

ඇමති රවීට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන එනවායැයි පසුගියදා මහත් ප්‍රසිද්ධියක් ලබාදුන් විශ්වාසභංග යෝජනාව අද පස්වරුවේදී කතානායක චමල් රාජපක්ෂ මහතාට භාරදී තිබේ. මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට වැඩි ගණනකගේ අත්සනින් භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසීය. ඔහු සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද…

(0)Comments | May 18, 2015 8:43 am

අපේ ආර්ථිකය අද සහ හෙට. විශේෂ “වාද පිටිය“ වැඩසටහන මෙන්න!

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අප විසින් පසුගියදා විශේෂ “වාද පිටිය“ වැඩසටහනක් පැවැත්වූවා.

(0)Comments | May 18, 2015 7:29 am

ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 500,000 පනී

ගාස්තු අයකරන රූපවාහිනී අංශයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් රූපවාහිනියේ ග්‍රාහකයින් ප්‍රමාණය 500,000 සීමාව පසුකර තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, 2015 මාර්තු මාසය අවසන් විට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 504,000 ක්වී ඇත. සමාගම සඳහන් කරන්නේ මෙය ගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී සියයට 05 ක වර්ධනයක් බවයි. ඩයලොග් රූපවාහිනිය විසින් 2015 පළමු කාර්තුව තුළදී…

(0)Comments | May 17, 2015 5:59 am

මෙරට දැවැන්තම ආයෝජනය කරන ඉඩම වෙනුවෙන් අතුරු නියෝගයක්

මෙරට දැවැන්තම ආයෝජනය ලෙසින් සැලකෙන ත්‍රිකුණාමලයේ සාම්පූර්හි යෝජිත බැර කර්මාන්ත පුරය (Heavy Industry Zone) වෙනුවෙන් දිගු කාලීන කල්බදු පහසුකම මත බදු ඔප්පුවකින් ලබාදී තිබූ ඉඩම ලබාදීම අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා නිකුත් කර තිබූ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් (Interim relief) නිකුත් කරයි. ඩොලර් බිලියන 04 ක පමණ ආයෝජනයක්…

(0)Comments | May 15, 2015 11:56 am

ගෝල්ඩන් කී පුවතින් පසු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කුට්ටියක් විකිණේ

බංකොලොත්වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් මහ බැංකුව විසින් ආපසු ගෙවන බව ඊයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව අද සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 2.1 ක් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා අලෙවි වී තිබේ. මෙහිදී, කොටසක් රුපියල් 1602 කට අලෙවි වී තිබෙන අතර මෙහි අලෙවි වටිනාකම රුපියල් බිලියන 3.5 කට අධික වේ. SMB…

(0)Comments | May 14, 2015 10:07 am

මෙරට මුස්ලිම් බැංකු හා මූල්‍ය වත්කම් ඩොලර් මිලියන 373 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්තය කුඩා වුවත් එහි වත්කම්වල වටිනාකම 2014 වසර අවසන් වනවිට රුපියල් බිලියන 50 ක් දක්වා වර්ධනය වී ඇතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්ත සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ 2013 වසරේදී රුපියල් බිලියන 35 ක්ව පැවති…

(0)Comments | May 14, 2015 6:01 am

ගෝල්ඩන් කී මුදල් මහ බැංකුව ගෙවන බවට මුදල් ඇමතිගෙන් සහතිකයක්. නඩු ඉල්ලා අස්කර ගනී

මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන් පිරිසක් අද මුදල් අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අමාත්‍යවරයා…

(0)Comments | May 13, 2015 10:57 am

මෝදි කැමති සමන්ත අකමැති CEPA ගිවිසුම ගැන නැරඹිය යුතුම කතා බහක් -Video Interview

ඉන්දියාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් “සෙපා“ ගිවිසුමට (Comprehensive Economic Partnership Agreement) මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. මීට පෙරද අත්සන් කිරීමට සැලසුම් කර තිබුණු මෙම ගිවිසුම මෙවැනිම විරෝධතාවයන් හේතුවෙන් අත්හැර දමන්නට සිදුවූ අතර පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ගිවිසුම අත්සන් කිරීම…

(0)Comments | May 13, 2015 6:41 am