Top News

ආයෝජකයා කී දේ කරයි. යුනියන් බැංකුවට ඩොලර් ගලයි

Union Bank of Colombo PLC සමාගමේ සියයට 70 කට ආසන්න කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට පසුගියදා ගිවිසුමකට පැමිණි කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම අදාළ ගනුදෙනුවට අදාළ මුදල් යුනියන් බැංකුවට ගෙවා තිබේ. මේ අනුව, මෙම සමාගම විසින් අදාළ කොටස් ගනුදෙනුව වෙනුවෙන් යුනියන් බැංකුවට රුපියල් බිලියන 11.4 ක මුදලක් ගෙවා ඇත. ඇමරිකාව පදනම් කරගත්…

(0)Comments | September 29, 2014 7:08 am

ප්‍රංශයේ අංක එකේ සමාගමක් ලංකාවට ඇතුළු වෙයි

ප්‍රංශයේ අංක එකේ සහ ලෝකයේ තුන්වන දැවැන්තම බහාලුම් නාවික සමාගම වන CMA-CGM ශ්‍රී ලංකාවේ හේලීස් සමූහය සමග එක්වී නව ආයෝජන ව්‍යාපෘතියක් අරඹයි. මේ අනුව, මෙම සමාගම් දෙක විසින් අළුතින් ආරම්භ කළ CMA-CGM Shared Service Centre Lanka (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹුණේ අපනයන වෙළඳ පොළට සේවා සැපයීම වෙනුවෙන් ව්‍යාපාර ක්‍රියාවලී බාහිරකරණ…

(0)Comments | September 29, 2014 6:03 am

ඉතිහාසගත වැට් වංචාවේ ඉතිරි වරදකරුවන්ට බිලියන 30ක දඩ

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වැට් බදු වංචාව ලෙසින් සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 04 කට ආසන්න වැට් බදු වංචාවට අදාළ නඩුවේදී විදේශ ගතව සැඟව සිටින විත්තිකරුවන් 08 දෙනාට එක් අයෙකුට වසර 20 ක් බැගින් සිරදඬුවම් සහ සියළුම දෙනාට රුපියල් බිලියන 30 කට ආසන්න දඩ මුදලක් කොළඹ මහාධිකරණය විසින් පනවයි. මෙම නඩුව අද විභාග වූ…

(0)Comments | September 26, 2014 8:06 am

හේමාස් හෝටල් වලට නව ජවයක් දීමට සැරසෙයි

සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන හේමාස් හෝල්ඩින්ග්ස් සහ තායිලන්තයේ මයිනර් ඉන්ටර්නැෂනල් හෝටල් සමාගම විසින් සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමට යෝජනා කර තිබෙන්නේ සමාගම සහ ප්‍රධාන කොටස්කරුවන් විසින් මෙරට හෝටල් ක්ෂේත්‍රයේ කර තිබෙන ආයෝජනයක් එකතු කරමින් එක් ශක්තිමත් සමාගමක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි. මෙම නව සමාගම ප්‍රධාන කොටස් කරුවන් වන හේමාස් හා…

(0)Comments | September 26, 2014 4:57 am

ජෝර්ජ් ස්ටුවර්ට් පාලිත කොටස දේශෝදය ගනී

මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුව යමින් ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් අයිතිය මිලදී ගැනීමට පසුගියදා ගිවිසුමකට එළඹුණු සර්වෝදය ව්‍යාපාරයට අයත් දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම අදාළ ගිවිසුමට අනුව ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ සියයට 70.25 ක පාලිත කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 350 කට ආසන්න මිලකට අද මිලදීගෙන තිබේ. මෙහිදී, දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ්…

(0)Comments | September 24, 2014 11:38 am

කෙට්ටුම කෙට්ටු Alibaba චීනයේ අලිම බබා වෙයි

ලෝකයේ මෙතෙක් සිදුකළ දැවැන්තම මහජන කොටස් නිකුතුව චීනයේ Alibaba ඊ-වාණිජ්‍යය සමාගම විසින් සිදුකිරීමෙන් පසුව චීනයේ අංක එකේ ධනවතා බවට මෙම සමාගමේ සමාරම්භක ජැක් මා පත්ව ඇතැයි නවතම සමීක්ෂණ වාර්තා අනාවරණය කරයි. මෙම වාර්තාවන්ට අනුව ජැක් මා නැමැත්තාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 25 කි. ඔහුගෙන් පසුව චීනයේ දෙවැනි ධනවතා බවට පත්ව තිබෙන්නේ Wanda සමූහයේ සභාපති, වැන්ග්…

(0)Comments | September 24, 2014 6:32 am

අනිලානා යළිත් පිම්මකට සූදානම්

රුපියල් 07 බැගින් වන සාමාන්‍ය කොටස් මිලියන 109.6 ක් දැනට සමාගමේ සිටින කොටස් කරුවන්ටම හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස නිකුත් කරමින් රුපියල් මිලියන 767.3 ක් රැස්කර ගැනීමට අරමුදල් කළමනාකරුවෙකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අසංග සෙනෙවිරත්න මහතා නායකත්වය දෙන අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පී.එල්.සී. සමාගම සූදානම් වේ. මේ අනුව, මෙම නිකුතුව සිදුකරන්නේ දැනට තිබෙන සෑම කොටස්…

(0)Comments | September 24, 2014 4:56 am

මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් විනිමය කොමිසම බැමි ලිහයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන (Financial Sector Consolidation) සඳහා සහයෝගයක් ලබාදීමට අදාළ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ සිදුවන ගිවිසගත් ගනුදෙනු (Crossings) දැනට පනවා තිබෙන රෙගුලාසියකින් නිදහස් කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කොළඹ කොටස් වෙළඳ පොළේ ගිවිසගත් ගනුදෙනුවක් සිදුවීමේදී අදාළ කොටස් මිල ගනුදෙනුව සිදුවන දිනයට…

(0)Comments | September 23, 2014 6:01 am