Top News

කොමර්ෂල් බැංකුව මියන්මාරයට

මිලියන 50 කට අධික ජනගහනයක් සිටින ගිනිකොන දිග ආසියාතික රටක් වන මියන්මාරයේ බැංකු සේවා ආරම්භ කිරීමට කොමර්ෂල් බැංකුවට එරට මහ බැංකුවේ අවසරය හිමිවේ. මේ අනුව, ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් මියන්මාරයේ බැංකු සේවා ආරම්භ කිරීමට සූදානම් වන පළමු අවස්ථාව වන්නේ මෙයයි. කොමර්ෂල් බැංකුව විසින් මේ වනවිට බංග්ලාදේශයේ බැංකු සේවා ආරම්භ කර තිබෙන එහි ශාඛා 18 ක්…

(0)Comments | December 3, 2014 4:23 pm

පොලී අනුපාත ඉදිරියේදී වැඩි වෙයිද ? මහ බැංකු අධිපතිවරයා පිළිතුරු දෙයි

මේ වනවිට රට තුළ පවතින අඩු පොලී අනුපාතය දිගු කාලීනව පවතිනු ඇති බවත් එය වැඩිවීමේ සාධක නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග සඳහන් කළේ පොලී අනුපාතය තවදුරටත් අඩුකිරීමේ හැකියාවක් තිබෙන බවයි. වර්තමානයේ උද්ධමනය ඉතාමත් පහළම අගයක් දක්වා අඩුවී තිබීම ඇතුළු ආර්ථික කරුණු පොලී අනුපාතය…

(0)Comments | December 3, 2014 5:29 am

ලොකු ලූනූ බද්ද වැඩිවේ

ආනයනික ලොකු ලූනූ කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 35ක බද්ද රුපියල් 50 දක්වා වැඩි කර ඇතිබව වෙළඳ අමාත්‍යංශය පවසයි. ඒ අනූව, ලොකු ලූනූ කිලෝවක් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ බද්දට අමතරව තවත් රුපියල් 15ක ආනයන බද්දක් එකතු වේ. පසුගියදා දඹුල්ලේ ලොකු ලූනූ ගොවීන් සිය අස්වනු විකුණාගත නොහැකිව විරෝධතා දැක්වූ අතර එහිදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා මැදිහත්…

(0)Comments | December 2, 2014 5:11 am

නැවුම් බලාපොරොත්තු සමග උතුරු-නැගෙනහිර රබර් වගාව සාර්ථකයි -Video Interview

වාණිජ බෝගයක් ලෙස උතුරු-නැගෙනහිර රබර් වගාකළ හැකියැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් සොයාගෙන තිබෙන අතර ඒ සඳහා නියමු ව්‍යාපෘතිද මේ වනවිට ආරම්භ කර තිබේ. අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම වගාවන් ඉතාමත් සාර්ථක බවයි. මේ පිළිබඳව අචාර්ය ගාමිණී කරුණාරත්න මහතා සමග අද දෙරණ 24×7…

(0)Comments | December 1, 2014 11:43 am

මෙන්න! රට දිනවීමට අවස්ථාවක්. Google ලෝක තරගයෙන් අපේ හපන්නු දිනවමු

Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරගය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරගකරුවන් 317ක් අතුරින් අවසන් තරගකරුවන් 09 දෙනා අතරට තේරී පත්වීමට විමුක්ති ලියනගේ සහ ෂමීර වීරංසිහ යන තරුණයින් දෙදෙනාගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු…

(0)Comments | December 1, 2014 5:27 am

ජංගම දුරකතනය ඔස්සේ වාහන ආදායම් බලපත්‍රය ලබාගැනීමේ අවස්ථාව දකුණටත්

වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී එම මූල්‍ය ගෙවීම් පළමු වරට ක්‍රෙඩිට්කාඩ් සහ ජංගම දුරකතනය ඔස්සේ සිදු කිරීමට පහසුකම් සැලසේ. මෙම සේවාව දකුණු පළාතෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. වාහන ආදායම් බල පත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකමද මේ සමගම දකුණු පළාතටද හදුන්වා දීමට නියමිත බව නියෝජිතායතනය සඳහන් කරයි….

(0)Comments | December 1, 2014 4:34 am

ළඟදීම එන මහජන කොටස් නිකුතුව මෙන්න!

කොටසක් රුපියල් 12 ක් බැගින් සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 6.6 ක මහජන කොටස් නිකුතුවක් කිරීම මගින් රුපියල් මිලියන 79 කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සූදානම් වේ. මෙම කොටස් නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබෙන අතර නිකුතුව මහජනතාවට විවෘත වන්නේ දෙසැම්බර් 11 වනදායි. සුරැකුම් පත්…

(0)Comments | November 28, 2014 12:02 pm

ලයන් බීර, බිලියන දෙකේ ණයකරේ ගොඩ

රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම සඳහා ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් අද සිදුකළ ණයකර නිකුතුව සඳහා අද උදෑසන කාලයේදීම අධි ඉල්ලුමක් ලැබී තිබේ. මෙම ණයකරය ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ පසුගියදා අවසර ලබාදුන් අතර මෙහිදී, මුලින් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති…

(0)Comments | November 28, 2014 6:50 am

ඩයලොග් වෙතින් අළුත් ආයෝජන සමාගමක්

ඩයලොග් ආසියාටා සමාගමට පූර්ණ අනුබද්ධව ඩිජිටල් හෝල්ඩින්ග්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් නව ආයෝජන සමාගමක් සංස්ථාපනය කර තිබේ. මෙම සමාගම ඩයලොග් සමූහයේ නව ව්‍යාපාරික ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධ මව් සමාගම ලෙස කටයුතු කරන බව සඳහන්ය.

(0)Comments | November 27, 2014 12:50 pm

ඛනිජ තෙල් මිල තව තවත් පහළ යද්දී ඔපෙක් රටවල් දෙකට බෙදේ

ඔපෙක් සංවිධානයට අයත් රටවල් අද දිනයේදී රැස්වීමට සූදානම් වෙද්දී ලෝක ඛනිජ තෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් තිබෙන බවත් මේ වනවිට ලෝක වෙළඳ පොළේ තිබෙන ඛනිජ තෙල් තොගය ඉතාමත් ඉහළ බවත් වාර්තා වේ. මේ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.75 ක් දක්වා අඩුවී තිබෙන අතර සෞදි ආරාබිය පවසා තිබෙන්නේ ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල්…

(0)Comments | November 27, 2014 5:26 am