ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම විශාලතම වාණිජ මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලය විසින් පිට පිටම 11 වන වතාවටත් සංවිධානය කළ 2014 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානයේදී (Best Corporate Citizen Sustainability Awards 2014) දෙරණ මාධ්‍ය ජාලය විසින් ක්‍රියාත්මක කරන “මනුසත් දෙරණ“ සමාජ සත්කාරක වැඩසටහන සම්මානයට පාත්‍රවිය. මේ අනුව, සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ‘මනුසත් දෙරණ‘…
පවතින අඩු පොලී වාතාවරණය හමුවේ වාණිජ බැංකුවල ක්‍රියාකාරීත්වය ඇතුළු කාලීන ආර්ථික ප්‍රවණතා පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදුකළා. මේ එම සාකච්ඡාවයි.
ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොළේ හා ප්‍රාග්ධන වෙළඳ පොළේ නියාමනය, නියාමන නීති ඇතුළු කාලීන වෙළඳ පොළ ප්‍රවණතා පිළිබඳව අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විසින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළා. මේ එම සාකච්ඡාවයි.
ලංකා සිමෙන්ට් පී.එල්.සී සමාගමට අයත් අත්හැර දමා තිබෙන කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කම්හල සහ එහි දේපොළ ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව සමාගම සඳහන් කරයි. මේ අනුව, සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි සහ අක්කර 104 ක ඉඩම් අත්පත් කර ගැනීමට නියමිත අතර ලංකා සිමෙන්ට් පී.එල්.සී. සමාගම විසින් පවසා තිබෙන්නේ මෙම ඉඩම් සහ ගොඩනැගිලි…
විවිධ වූ දේශපාලන කටකතා රට පුරා පැතිරෙද්දී 2015 අයවැය මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 95 කින් සම්මත විය. මෙහිදී, පක්ෂව ඡන්ද 152 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය විරුද්ධව ඡන්දය ලබාදුන් අතර ජාතික හෙළ උරුමය සහ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා…
රටේ මතුව තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ ආයෝජකයින් කැළඹීමකට පත්වීම හේතුවෙන් අදත් කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනුවල කැපී පෙනෙන කඩා වැටීමක් සිදුවිය. සමස්ත මිල දර්ශකය අද උදෑසන ඒකක 226 කින් පමණ පහත වැටුණු නමුත් දිනයේ ගනුදෙනු අවසානයේදී පහත වැටුණු ප්‍රමාණය ඒකක 166.37 ක් දක්වා යම් අඩුවීමක් දකින්නට ලැබුණි. මේ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය…
රුපියල් බිලියන 04 ක් රැස්කර ගැනීමට හැටන් නැෂනල් බැංකුව නිකුත් කිරීමට යන ණයකරය ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී ඇත. මෙම නිකුතුව යටතේ මුලින් ණයකර මිලියන 30 ක් නිකුත් කරන අතර අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. ණයකරයක මිල රුපියල් 100 ක් වන අතර නිකුතුව දෙසැම්බර්…
හේමාස් පවර් පී.එල්.සී. සමාගමේ නම Resus Energy PLC ලෙස වෙනස් කිරීමට කොටස් කරුවන් තීරණය කර තිබේ. මේ අනුව, ඉදිරියේදී මෙම නම් වෙනස් කිරීම සිදුවනු ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ අනූව ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කරන බවද අමාත්‍යවරයා කියයි. කොළඹ නව නගර ශාලාවේදී දැන් පැවැත්වෙන “…
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කටකතා පැතිරෙද්දී තමන් ඉදිරියේදී රටට වැඩි සේවයක් කිරීමට බලාපොරොත්තු වනබව ඔහු පවසයි. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහසක් පළකළේ අද පෙරවරුවේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. මෙහිදී, ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ වසර…
Video Story