ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම ධනවතෙකු වන ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධානියා අතර පසුගියදා මහ පාරේ ඇතිවූ ගුටි කෙළියට අදාළව ජේම්ස් පැකර් අපරාධ චෝදනා මත වරදකරුවෙකු වුවහොත් එය ඔහුගේ ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව ඇතුළු කළාපයේ රටවල ව්‍යාප්ත කිරීම සඳහා බාධාවක් වනබව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කරන්නේ මෙම ගැටුමෙන් පසුව දෙදෙනාම තවමත් මිතුරන්…
රිචඩ් පීරිස් සමූහය විසින් අද නිකුත් කිරීම ඇරඹූ රුපියල් බිලියන 3.5 ක පස් අවුරුදු ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවී තිබේ. මේ නිසා, නිකුතු කළමනාකරුවන් පවසන්නේ එය අද සවස 4.30 ට අවසන් කරන බවයි. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ශ්‍රේණිගත කළ ඇප රහිත නිදහස් කල හැකි ණයකර (Rated Unsecured Redeemable Debentures)…
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සතුව තිබූ සෙලාන් බැංකුවේ මිලියන 11.98 ක ඡන්ද රහිත කොටස් ලංකා ඔරික්ස් ලීසිං සමාගමට රුපියල් මිලියන 479.9 කට විකුණා තිබේ. බ්‍රවුන්ස් යනු ලංකා ඔරික්ස් ලීසිං සමාගම් සමූහයටම අනුබද්ධ සමාගමකි.
ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ගේ ප්‍රමාණය වේගයෙන් වර්ධනය වනබව අපි මෙයට පෙර අනාවරණය කර තිබේ. 2014 අප්‍රේල් මාසයට අදාළව රජය විසින් නිකුත් කර තිබෙන නිළ දත්ත වලින් යළි යළිත් තහවුරු වන්නේ චීන සංචාරක රැල්ල ඉදිරියටම ඇදෙන බවයි. 2013 අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය සියයට 170 කින් වැඩිවී තිබෙන අතර…
මේ සතියේ කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ධනාත්මක ස්වරූපයකින් ආරම්භ වූ අතර මිල දර්ශක දෙකම අද ඉහළ නැගුණි. මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 0.99 කින් ඉහළ ගොස් ඒකක 6,249.43 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 5.88 කින් ඉහළ ගොස් ඒකක 3,441.69 ක් විය. අද එයිට්කන් ස්පෙන්ස් කොටසක් සියයට 3.6 කින් ඉහළ ගොස්…
සුප්‍රකට ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මහ පාරේ ගුටි ඇන ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් අන්තර් ජාලයට මුදාහැර තිබේ. ජේම්ස් පැකර්ගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් ගයින්ජෙල් සමග ඔහු ඉරිදා පස්වරුවේ මහ පාරේ ගුටි ඇනගත් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර…
සුප්‍රකට ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මහ පාරේ ගුටි ඇන ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප 50 ක් පමණ තිබෙන බවත් ඒවා මුදලට මිලදී ගන්නට ඕස්ට්‍රේලියානු මාධ්‍ය පොරකමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව පුරා ලැව් ගින්නක් ලෙස පැතිරී ගිය පුවතක් වූයේ ජේම්ස් පැකර්ගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන නයින් නෙට්වර්ක්ස්…
PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමේ සේවා ආරම්භ කිරීමට දේශීය බැංකුවක් කටයුතු කරමින් සිටින බව අප පසුගියදා වාර්තා කළ අතර PayPal මුදල් හුවමාරු සේවාවේ සන්නාමය වෙනස් කර අළුත් සන්නාමයක් හඳුන්වාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව සන්නාමය හඳුන්වාදෙන මේ අවස්ථාවේදී ලොව පුරා තිබෙන සක්‍රීය PayPal ගිණුම් ගණන මිලියන 148 ක් බව වාර්තා වේ….
අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු ඉහළ ගිය අතර වාර්තාවූයේ ශුද්ධ විදේශීය කොටස් අලෙවියකි. මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 24.77 කින් ඉහළ ගොස් ඒකක 6,248.44 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 17.62 කින් ඉහළ ගොස් ඒකක 3,435.81 ක් විය. විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 217 ක් වටිනා ශුද්ධ කොටස් විකිණීමක් කරනු ලැබුවේ රුපියල්…
ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය ඇතුළුව ක්‍රමෝපාය සංවර්ධන පනතේ ගැසට් නිවේදන වලට විපක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිතා කළ අයගේ විරෝධතා නිසා ජේම්ස් පැකර් ඇතුළු විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීම අවධානමකට පත්ව ඇතැයි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියයි. අද කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 07 කට ආසන්න ආර්ථික වර්ධනය ළඟාකර ගැනීම…
Video Story