Top News

විදුලි බිල අඩු කරන හැටි කෙහෙළිය පහදයි

ඒකක ප්‍රමාණය කුමක් වුවත් සියළුම ගෘහස්ත පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙන් සියයට 25 ක ගාස්තු අඩුකිරීමක් කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි. ඔහු කොළඹදී පැවසුවේ ඒකක 300 අඩු පාරිභෝගිකයින්ගේ පමණක් ගාස්තු මේ ආකාරයෙන් අඩුකරන බවට පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි. කෙසේවෙතත්, ගෘහස්ත පාරිභෝගිකයින්ගේ හැර සෙසු අංශවල මේ ආකාරයෙන් විදුලිය ගාස්තු අඩු නොකරන බවද අමාත්‍යවරයා කීය.

(0)Comments | September 30, 2014 12:53 pm

ජනාධිපතිවරණය අභිමුව අයවැය කලින් එන ලකුණු

ජනාධිපතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත් 2015 අයවැය නියමිත කාලයට කලින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. අද කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අප විසින් නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඔහු සඳහන් කළේ විසර්ජන පනත් කෙටුම්පත වෙනදාට වඩා…

(0)Comments | September 30, 2014 12:10 pm

මෙන්න! ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ අළුත් සභාපති

ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස දැනට ඩී.එෆ්.සී.සී බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සෙඩ්‍රික් රොයිල් ජෑන්ස් මහතා පත්කර තිබේ. ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ වත්මන් සභාපතිවරයා වන ජේ.එම්.එස්. බ්‍රිටෝ මහතා ලබන ඔක්තෝම්බර් 11 වනදා සිට විශ්‍රාම යෑමට නියමිතය. ජෑන්ස් මහතා ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පසුගිය ජුනි මාසයේ සිට කටයුතු කරයි. සේයාරුවේ සිටින්නේ සෙඩ්‍රික් රොයිල් ජෑන්ස්…

(0)Comments | September 30, 2014 5:06 am

යුනියන් බැංකුවේ ලොකු පුටුවත් වෙනස් වෙයි

යුනියන් බැංකුවේ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්කර තිබෙන ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ මහතාට එම ධුරය දැරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබාදී තිබේ. ඔහුගේ පත්වීම නොවැම්බර් 15 වනදා සිට බලපැවැත්වෙන අතර වික්‍රමසිංහ මහතා මීට පෙර ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස කටයුතු කළේය. යුනියන් බැංකුවේ වත්මන් ප්‍රධාන විධායක නිළධාරී, අනිල් අමරසූරිය මහතා…

(0)Comments | September 30, 2014 4:39 am

ඇක්සස් රුපියල් බිලියනයක කොටස් ගනුදෙනුවක

සංචාරක කර්මාන්තයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඇක්සස් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සියයට 80 ක සාමාන්‍ය කොටස් රුපියල් බිලියනයකට ඇක්සස් ඉංජිනියරිං පී.එල්.සී. සමාගම විසින් මිලදීගැනීමට සූදානම් වේ. මේ අනුව, මෙම මිලදී ගැනීම ලබන ඔක්තෝම්බර් 01 වනදා සිදුකරන අතර මෙහිදී ඇක්සස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සියයට 50 ක කොටස්ද, දොන් ඩිල්ෂාන් ශ්‍රීලත් ප්‍රනාන්දු මහතාගෙන් සියයට 30…

(0)Comments | September 29, 2014 11:35 am

නව ආයෝජකයාට ඉඩ දෙමින් යුනියන් බැංකු අධ්‍යක්ෂවරු ගෙදර යයි

යුනියන් බැංකුවේ සියයට 70 කට ආසන්න කොටස් කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම මිලදී ගැනීමත් සමග එම සමාගමට අවස්ථාව ලබාදෙමින් බැංකුවේ අධ්‍යක්ෂවරු සිව් දෙනෙකු අදාළ තනතුරු වලින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වෙයි. මේ අනුව, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ තනතුරු දැරූ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, සුරේන් මදනායක මහතා, සුනිල් කරුණානායක මහතා සහ ස්වාධීන නොවන විධායක…

(0)Comments | September 29, 2014 10:23 am

ආයෝජකයා කී දේ කරයි. යුනියන් බැංකුවට ඩොලර් ගලයි

Union Bank of Colombo PLC සමාගමේ සියයට 70 කට ආසන්න කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට පසුගියදා ගිවිසුමකට පැමිණි කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම අදාළ ගනුදෙනුවට අදාළ මුදල් යුනියන් බැංකුවට ගෙවා තිබේ. මේ අනුව, මෙම සමාගම විසින් අදාළ කොටස් ගනුදෙනුව වෙනුවෙන් යුනියන් බැංකුවට රුපියල් බිලියන 11.4 ක මුදලක් ගෙවා ඇත. ඇමරිකාව පදනම් කරගත්…

(0)Comments | September 29, 2014 7:08 am

ප්‍රංශයේ අංක එකේ සමාගමක් ලංකාවට ඇතුළු වෙයි

ප්‍රංශයේ අංක එකේ සහ ලෝකයේ තුන්වන දැවැන්තම බහාලුම් නාවික සමාගම වන CMA-CGM ශ්‍රී ලංකාවේ හේලීස් සමූහය සමග එක්වී නව ආයෝජන ව්‍යාපෘතියක් අරඹයි. මේ අනුව, මෙම සමාගම් දෙක විසින් අළුතින් ආරම්භ කළ CMA-CGM Shared Service Centre Lanka (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹුණේ අපනයන වෙළඳ පොළට සේවා සැපයීම වෙනුවෙන් ව්‍යාපාර ක්‍රියාවලී බාහිරකරණ…

(0)Comments | September 29, 2014 6:03 am

ඉතිහාසගත වැට් වංචාවේ ඉතිරි වරදකරුවන්ට බිලියන 30ක දඩ

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වැට් බදු වංචාව ලෙසින් සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 04 කට ආසන්න වැට් බදු වංචාවට අදාළ නඩුවේදී විදේශ ගතව සැඟව සිටින විත්තිකරුවන් 08 දෙනාට එක් අයෙකුට වසර 20 ක් බැගින් සිරදඬුවම් සහ සියළුම දෙනාට රුපියල් බිලියන 30 කට ආසන්න දඩ මුදලක් කොළඹ මහාධිකරණය විසින් පනවයි. මෙම නඩුව අද විභාග වූ…

(0)Comments | September 26, 2014 8:06 am

හේමාස් හෝටල් වලට නව ජවයක් දීමට සැරසෙයි

සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන හේමාස් හෝල්ඩින්ග්ස් සහ තායිලන්තයේ මයිනර් ඉන්ටර්නැෂනල් හෝටල් සමාගම විසින් සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමට යෝජනා කර තිබෙන්නේ සමාගම සහ ප්‍රධාන කොටස්කරුවන් විසින් මෙරට හෝටල් ක්ෂේත්‍රයේ කර තිබෙන ආයෝජනයක් එකතු කරමින් එක් ශක්තිමත් සමාගමක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි. මෙම නව සමාගම ප්‍රධාන කොටස් කරුවන් වන හේමාස් හා…

(0)Comments | September 26, 2014 4:57 am