2011 සිට 2013 දක්වා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි රුපියල් මිලියන ගණනක දැන්වීම් පළ කරමින් සේවක අර්ථ සාධක අරමුදල පැවසුවත් එය සාවද්‍ය කතාවක් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 2011, 2012 සහ 2013 වසර වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල විසින් පුවත් පත්වල…
ලංකා ඉන්දීය තෙල් සමාගමේ නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය පහළ වැටී තිබෙන බවයි. මේ අනුව, 2013 මාර්තු කාර්තුව සමග සැසඳීමේදී සමාගමේ ලාභය සියයට 10 කින් පහළ වැටී රුපියල් මිලියන 722 ක ලාභයක් උපයා තිබෙන බව හෙළිවේ. සමාගම විසින් මෙම කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 1.36 ක ලාභයක් වාර්තා කර තිබෙන…
කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තය මගින් වසරකට හසුරුවන ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 06 ක සිට මිලියන 15 ක් දක්වා ඉහළ දැමීම සඳහා ගුවන් පර්යන්තය පුළුල් කිරීම ඇතුළු පහසුකම් නැංවීම සඳහා සැලසුම් කර තිබෙන ව්‍යාපෘතිය මේ නොවැම්බර් මාසයේදී අරඹන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අප සමග සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා ජයිකා ණය…
ලෝකයේ දැවැන්තම අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් හි, ඇමරිකාවේ සේවකයින් වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සේවකයින් දහස් ගණනක් ඊයේ මැක්ඩොනල්ඩ්ස් විශ්ව විද්‍යාලය වැටලූ බවයි. මෙම විරෝධතා හමුවේ ඇමරිකාවේ Illinois හි, පිහිටි මැක්ඩොනල්ඩ්ස් ප්‍රධාන මධ්‍යස්ථානයෙන් සමාගම මෙහෙයුම් කටයුතු පවා ඉවත් කරගෙන තිබෙන බව සඳහන්ය. විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ සේවකයින්ට පැයක්…
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ ඇප රහිත ණයකරවල (senior unsecured debentures) ණය වර්ගීකරණය A(lka) සිට A-(lka) දක්වා පහළ දැමීමට ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය කටයුතු කරයි. මේ අතර, සමාගමේ ජාතික දිගු කාලීන ණය වර්ගීකරණය A-(lka) ලෙස ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ෆිච් විසින් ප්‍රසිද්ධ කර තිබේ. මේ අතර, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වාණිජ පත්‍රවල ණය වර්ගීකරණය…
අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 32.29 කින් පහළ ගොස් ඒකක 6,289.32 ක් වෙද්දී එස් ඇන්ඩ් පී දර්ශකය ඒකක ඒකක 14.26 කින් පහළ ගොස් ඒකක 3,456.84 ක් විය. ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක් සියයට 2.7 කින් පහළ ගොස් රුපියල් 47 ක්ද, කොමර්ෂල් බැංකුවේ කොටසක් සියයට 1.2 කින්…
ඔරියන්ට් ගාමන්ට්ස් පීඑල්සී සමාගම ස්ටැෆර්ඩ් ඔරියන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමග ඒකාබද්ධ කිරීමට සූදානම් වේ. මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළ දැනුවත් කර තිබෙන අතර ස්ටැෆර්ඩ් ඔරියන්ට් ප්‍රයිවට් ලිමිටඩ් යනු ඔරියන්ට් ගාමන්ට්ස් සමාගමට පූර්ණ අනුබද්ධ සමාගමකි. ඔරියන්ට් ගාමන්ට්ස් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම ඒකාබද්ධ කිරීම ජුනි 20 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකරන බවත් ඉන් අනතුරුව එය ඒකාබද්ධ…
වන වගා ව්‍යාපෘති සිදුකරන ටච්වුඩ් සමාගම විසින් ආයෝජකයින්ට බලාපොරොත්තු ප්රතිලාභ නොගෙවූ බවටත් ලබාදී තිබෙන සමහර චෙක්පත් අගරු වූ බවටත් චෝදනා කරමින් සමාගම වසා දමන ලෙස ආයෝජකයින් පිරිසක් ගොනු කළ නඩුවේ අවසාන තීන්දුව ලබාදීම යළිත් කල් ගොස් තිබේ. කොළඹ, අංක 03 වාණිජ මහාධිකරණය විසින් මෙම නඩුව අද කැඳවූ අතර එහි අවසන් තීන්දුව ලබාදීම ජුනි මස 05…
අපනයන, නිමැවුම් කර්මාන්ත, සංචාරක, වැවිලි, බලශක්තිය, පාරිභෝගික භාණ්ඩ යන අංශ කෙරෙහි විවිධාංගීකරණය වූ හේලීස් සමාගම විසින් සිය නවතම ගිණුම් වාර්තා එළිදක්වා තිබෙන අතර 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය සියයට 29 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 582 ක්වී තිබේ. මේ අනුව, සමාගම විසින් කොටසකට අදාළව රුපියල් 6.54 ක ලාභයක් ලබා තිබෙන අතර මාර්තු වලින් අවසන් වන…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන චීනයේ ෂැන්ග්හයි නුවරට පැමිණි බවත් ඔහුව පුඩොන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී හරසරින් පිළිගත් බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. Photos- President’s Media Division
Video Story