September, 22, 2025
CBL සමූහ ව්‍යාපාරය සෞදි අරාබිය තුළ සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Aamalcom Holdings සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. Aamalcom Holdings යනු සෞදි අරාබිය තුළ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන, විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු හා අපනයනකරුවෙකු වන CBL සමූහය ලොව රටවල් 65 කට වැඩි ගණනක තම නිෂ්පාදන අලෙවි කරයි.
මේ සඳහා වන ගිවිසුමට KSA Aamalcom Holding Company හි සභාපති ෂෙයික් කිනාන් රෂ්ඩාන් අල් මාරල් මහතා සහ CBL සමූහයේ සමූහ අධ්යක්ෂ රසිත් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා කොළඹදී අත්සන් තබන ලදී.
මෙම එකඟතාව යටතේ CBL හි ප්‍රමුඛතම සන්නාම වන Munchee, Ritzbury සහ Tiara නිෂ්පාදන 2025 නොවැම්බර් මාසයේ සිට රියාද් නගරයේ වඩාත් පුළුල් ලෙස බෙදාහැරීමට Aamalcom Holdings කටයුතු කරනු ඇති අතර, ඉදිරියේදී එය ජෙඩා, දමාම්, මදීනා සහ කාසිම් යන නගර වෙතද ව්‍යාප්ත වනු ඇත. මෙහි ආරම්භක අදියරේදී ප්‍රධාන වශයෙන් සුපිරි වෙළඳසැල් ජාලයන් ඉලක්ක කෙරෙනු ඇති අතර, ඉන් පසුව එය සිල්ලර වෙළඳසැල්, තොග වෙළඳසැල්, ආහාරපාන සේවා සහ විද්‍යුත් වාණිජ සේවා වෙතද ව්‍යාප්ත වීමට නියමිතය. මෙමගින් සෞදි අරාබිය පුරාම වෙසෙන පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් CBL නිෂ්පාදන මිලදී ගැනීමට හැකි වනු ඇත.
“මෙම හවුල්කාරිත්වය CBL සමූහයේ අපනයන මෙහෙයුම්වල වැදගත් සන්ධිස්ථානයක්. සෞදි අරාබිය යනු කලාපයේ ඉහළම ගතිකත්වයකින් යුත් පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ආකාරයට Aamalcom Holdings සමඟ එක්ව අපගේ අනාගත වර්ධන සැලසුම් සාර්ථක ලෙස ක්‍රියාවට නංවන අතරම, ශ්‍රී ලාංකික වෙළඳ නාම ජාත්‍යන්තර වශයෙන් වැඩි පාරිභෝගිකයන් පිරිසක් අතරට රැගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.” CBL සමූහයේ සමූහ අධ්යක්ෂ රසිත් වික්‍රමසිංහ මහතා පැවසීය.
"පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනූ සන්නාම එකතුවක් සමග ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි CBL සමූහය සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ විශේෂඥ දැනුම, පළපුරුද්ද සහ පුළුල් ආවරණ පරාසය සමගින් සෞදි අරාබිය පුරා වෙසෙන පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අපට හැකි වේවි." Aamalcom Holding Company KSA හි සභාපති ෂෙයික් කිනාන් රෂ්ඩාන් අල් මාරල් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය පිටුදැකීමේ අරමුණින් 1968 වසරේදී ආරම්භ කරන ලද CBL සමූහය මේ වන විට තිරසාරත්වය, ව්‍යවසායකත්වය සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා කැප වී කටයුතු කරන දැවැන්ත ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. ලොව පුරා පාරිභෝගිකයන් වෙත උසස්ම තත්වයෙන් යුත් නව්‍ය නිෂ්පාදන හඳුන්වා දීම සඳහා CBL සමූහය දරන නිරන්තර උත්සාහය, Aamalcom සමග ඇතිකරගත් හවුල්කාරිත්වය මගින් තවදුරටත් ශක්තිමත් වනු නිසැකය.
ඡායාරූපය (වමේ සිට): CBL Foods International (පුද්.) සමාගමේ කළමනාකරු (ජාත්‍යන්තර අලෙවි හා විකුණුම්) රජීව වීරසිංහ, Hiplas FS (පුද්.) සමාගමේ සභාපති සහ Aamalcom Trading Company KSA හි ජාත්‍යන්තර වෙළඳ අධ්යක්ෂ සයීඩ් අසිෆ් ඛාන්, Aamalcom Holding Company KSA හි විධායක අධ්යක්ෂ සයිඩ් සයිද් උල් හසන්, Aamalcom Holding Company KSA හි සභාපති ෂෙයික් කිනාන් රෂ්ඩාන් අල් මාරල්, CBL සමූහයේ සමූහ අධ්යක්ෂ රසිත් වික්‍රමසිංහ, Ceylon Biscuits සමාගමේ අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී නලින් කරුණාරත්න සහ CBL Foods International (පුද්.) සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කමල් ගීගනගේ යන මහත්වරුන්, Aamalcom Holdings සහ CBL සමූහය අතර ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටි අයුරු
Video Story