May, 5, 2016
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි ආයතනික සමාජ වගකීම් මෙහෙවරේ ප‍්‍රමුඛ පියවරක් වන 'CDB පරිගණක පියස' ව්‍යාපෘතියේ නවවන අදියර තුළින් මොණරාගල, ලගිනගල කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය පසුගියදා සිසු අයිතියට පැවරිණි.
සිසුන්ට පරිගණක දැනුම ලබාදීමට අවශ්‍ය වූ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක වුවමනාව මෙතෙක් ලගිනගල කණිෂ්ඨ විද්‍යාලයට පැවති බලවත් අවශ්‍යතාවක් වූ අතර පසුගියදා සිසු අයිතියට පත්කළ 'CDB පරිගණක පියස' මගින් ලගිනගල කණිෂ්ඨ විදුහලේ සිසුන්ගේ පරිගණක සාක්ෂරතාවය දියුණු කිරීමට සුවිශාල දායකත්වයක් හිමිවනු ඇත.
දිවයින පුරා පිහිටි දුෂ්කරතා හා අඩු පහසුකම් වලින් යුතු පාසල් වල ඉගෙනුම ලබන තරුණ කොටස් වලට ද තොරතුරු තාක්ෂණ දැනුම එක හා සමානව ලබාදීමේ පරමාර්ථයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවයි. 'CDB පරිගණක පියස' ව්‍යාපෘතිය වෙනුවෙන් CDB ආයතනය මේ වනවිට වැයකර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 13.2 කි. මෙරට තරුණ පරපුර තොරතුරු තාක්ෂණ දැනුමෙන් හා හැකියාවෙන් සන්නද්ධ කිරීම මගින් ඔවුන් අනාගත අභියෝගයන් වලට සූදානම් කිරීම 'CDB පරිගණක පියස' මගින් පාසල් වලට තොරතුරු තාක්ෂණ විද්‍යාගාර ලබාදීමේ අභිමතාර්ථය වී ඇත.
''CDB ආයතනය අප විද්‍යාලයට ත්‍යාග කළ නවතම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය තුළින් අප පාසලේ සිසුන් තොරතුරු තාක්ෂණයේ නව මානයන් දකිනු ඇති බව නිසැකයි. දැනුම දායාද කිරීම කිසි ලෙසකින්වත් මිල කළ නොහැක්කකි. මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය මගින් අප සිසුන් ලබාගන්නා දැනුම මගින් ඔවුන් අවට සිටින ප‍්‍රජාවට මෙන්ම ඉදිරියේදී සමස්ත සමාජයටම ද මහත් සේවයක් ලබාදීමට පිටිවහලක් වනු ඇත.'' ලගිනගල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති වයි. කේ. ඒ. නිමල් චන්ද්‍රසිරි මහතා පැවසුවේය.
CDB ආයතනය ප‍්‍රදානය කළ මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය සමග නවීන HP පරිගණක, LCD මොනිටර, මුද්‍රණ යන්ත‍්‍ර, ලිපිද්‍රව්‍ය, ස්කෑන් යන්ත‍්‍ර, පරිගණක මේස හා පුටු මෙන්ම අන්තර්ජාල පහසුකම ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් ද ලගිනගල කණිෂ්ඨ විද්‍යාලයට ලබාදුණි.
CDB ආයතනයට මෙරට පුද්ගලයින් සවිබලගැන්වීම වෙනුවෙන් වූ සුවිශේෂී වගකීම හිමිවී තිබෙන බව මෙහිදී අදහස් දැක්වූ CDB සමාගමේ තොරතුරු තාක්ෂණ (IT) හා විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce) අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉම්ඩාඞ් නගුඉබ් මහතා පැවසුවේය.
සේයා රූ සටහන - CDB සමාගමේ තොරතුරු තාක්ෂණ (IT) හා විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce) අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉම්ඩාඞ් නගුඉබ් මහතා අළුතින් ඉදිකළ පරිගණක විද්‍යාගාරයේදී සිසුවෙකුට සහය වෙන අයුරු
Video Story