January, 18, 2016
ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2015 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට එක්වීමට හා පිරිවැටුම රු. බිලියන 15 ට අඩු ව්‍යාපාර කාණ්ඩයේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මානය සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනයට හැකියාව ලැබී ඇත.
CDB ආයතනයට පිරිනැමූ ආයතනික පුරවැසි සම්මානය පරිසර හිතකාමී බව, ආර්ථික තිරසාර බව මෙන්ම සමාජ වගකීම් ඉටුකිරීමට ආයතනය දක්වන සුවිශේෂී දායකත්වය අගය කරමින් ලබාදී ඇත. ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කළ 2015 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 12 වන වරටය. සුප‍්‍රසිද්ධ ආර්ථික විද්‍යා විශේෂඥවරියක හා හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති වන අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මිය මෙවර විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ මුලසුන හෙබවූවාය.
පරිසර හිතකාමී බව, ආර්ථික තිරසාර බව හා සමාජ වගකීම් ඉටුකිරීමට CDB ආයතනය දක්වන ලද සුවිශේෂී දායකත්වය මෙම සම්මාන තුළින් මනාව පිළිබිඹු වන බව CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතාගේ අදහසයි.
''අපගේ නවමු මූල්‍ය සේවා මගින් පාරිභෝගිකයන් හට ඉහළ වටිනාකමක් ලබාදීම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමුකළා. CDB ආයතනික දැක්ම තුළ අප පාරිභෝගිකයින් මූල්‍ය අතින් සවිබල ගැන්වීම මෙන්ම සමාජ වගකීම් ඉටුකිරීම ද විශේෂයෙන් සටහන් වී තිබෙනවා. CDB කණ්ඩායමේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළම මට්ටමේ සේවකයා දක්වා වූ පිරිස සිය වගකීම ඉටුකිරීම වෙනුවෙන් ඇපකැප වී සිටිනවා. අප හිමිකරගත් සෑම සම්මානයක් තුළින්ම පෙන්නුම් කරන්නේ ආයතනික වගකීම ඉටුකිරීමට අප දක්වන කැපවීම වන බව නිසැකයි.''
CDB ආයතනය, විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම CDB ජයග‍්‍රහණ අතර රන් අකුරින් සනිටුහන් වන්නේ පසුගියදා සිය විසිවන සංවත්සරය ද සැමරූ හෙයිනි.
''පාරිභෝගිකයින් වෙත තවදුරටත් ඵලදායී මෙන්ම අඛණ්ඩ සේවාවක් හිමිකරදීමට අවශ්‍ය දිරිය මෙවැනි සම්මාන අපට හිමිවීම තුළින් තවදුරටත් හිමිවෙනවා. CDB ආයතනික දැක්ම ''ග‍්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා නාගරිකව අරමුදල් සපයාගෙන ග‍්‍රාමීය අංශ වෙත ණය ලබාදීම'' යන සංකල්පය මත ගොඩනැගී ඇත. ඒ හේතුවෙන් ''ග‍්‍රාමීය ආර්ථිකය උදෙසා ප‍්‍රමුඛතම ණය ලබාදෙන්නා'' ලෙස CDB ආයතනය කටයුතු කරන අතර මෙරට ආර්ථිකයේ පහළ අංශ වලට වැඩි දායකත්වයක් ලබාදීම ද CDB ආයතනික දැක්ම තුළ විශේෂයෙන් අවධානයට ලක්කර ඇත.''
''පුළුල්ව විසිරී ගිය හා විවිධත්වයෙන් යුතු පාරිභෝගිකයින් පිරිසකට CDB ආයතනය සිය සේවාවන් ලබාදෙයි. එකී සේවාවන් පිළිබඳව CDB ආයතනය මගින් සිදුකරන තිරසාර වැඩසටහන් තුළ දැඩි අවධානයට ලක්වී තිබෙනවා. ආයතනය මගින් පරිසරයට නිකුත් කරන කාබන් ප‍්‍රතිශතය පිළිබඳ සකස් කරන ඇගයීම තුළ පරිසරයට නිකුත් කරන කාබන් ප‍්‍රතිශතය අවම කිරීම පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන ආයතනයට හිමි සහතිකය ද අප ආයතනයට හිමිවුණා. මෙහිදී CDB ආයතනය මගින් සිදුකරන ආයතනික සමාජ වගකීම් පිළිබඳව ද සඳහන් කළ යුතුයි. ''CDB මිහිකතට ආදරෙන්'' වැඩසටහන තුළින් පරිසරය සුරැකීම හා වන වගාව පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම වන වගා කටයුතු ද සිදුකරනවා. CDB ආයතනය මගින් හරිත කළමනාකරණ වැඩසටහන් ද දියත් කිරීම සිදුකරනවා. හරිත සම්පත් සුරකින මෙරට පළමු ආයතනය ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කටයුතු වලට ද CDB ආයතනය සිය දායකත්වය නිරතුරුව ලබාදෙනවා.'' මහේෂ් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසුවේය.
පාරිභෝගිකයින් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම අරමුණු කරගනිමින් CDB ආයතනය වගකීම් සහගතව හා පිළිගත් ආචාරධර්මානුකූල පදනමක් අනුව පාරිභෝගිකයින්ට සිය සේවාවන් ලබාදෙයි. ''CDB සිසුදිරි ශිෂ්‍යත්ව'' මගින් විශිෂ්ට අධ්‍යාපන දක්ෂතා වලින් යුතු සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකිරීමට හා අධ්‍යාපන පුහුණු අවස්ථා ලබාදීමට දායකවෙයි. එමෙන්ම, සිසුන්ගේ කුසලතා වර්ධනය කිරීමේ හා වෘත්තීය පුහුණු වැඩසටහන් ද දියත් කරයි. ''CDB පරිගණක පියස'' මගින් දිවයින පුරා පිහිටි පරිගණක පහසුකම් නොමැති පාසල් තෝරාගෙන සම්පූර්ණ පරිගණක පහසුකම් වලින් යුතු පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීම සිදුකරයි. ''CDB දිරිලිය'' වැඩසටහන මගින් කාන්තාවන් සවිබල ගැන්වීමට ද දායකවෙයි. ''CDB හිතවත්කම'' වැඩසටහනට සේවකයින් ස්වෙච් ඡාවෙන් දායක කරගැනීම සිදුකරයි.
''CDB ආයතනය විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මානය හා විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට එක්වීම අප ආයතනයේ විශිෂ්ටත්වය සඳහා ලද සම්මානයකි. එතුළින්, CDB ආයතනය පාරිභෝගිකයින් වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරයි. අප ආයතනය සතු ශක්තිමත් මූල්‍ය පදනම, ඉහළ විනයක් මත සැදුම්ලත් ආයතනික සංස්කෘතික රාමුවක් තුළ ගොඩනැගී ඇත. CDB ආයතනය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද හිමිකරගන්නා සම්මාන තුළ පිළිබිඹු කරන්නේ අප ආයතනයට හිමිවන සුවිශේෂී පිළිගැනීමයි.'' මහේෂ් නානායක්කාර මහතා පැවසුවේය.
සේයා රූ සටහන - CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා ඇතුළු පිරිස ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කළ 2015 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී CDB ආයතනයට හිමිවූ සම්මාන සමගින් සිටින අයුරු
Video Story