December, 2, 2024
SLIM DIGIS 2.4 සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට Citizens Development Business Finance PLC (CDB) සමත් විය. මෙහිදී eShift වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද ප්‍රවර්ධන ව්‍යාපෘතිය සඳහා ‘CSR Purpose-Driven Marketing Campaign’ කාණ්ඩයේ රිදී සම්මානයද, ‘Deposit Like No Other’ වෙනුවෙන් ‘Best Digital Marketing Campaign in the Banking/Finance’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයද හිමි විය.
සම්මාන උළෙලේදී රිදී සම්මාන හිමි වූ eShift ව්‍යාපෘතිය, ඉලෙට්‍රික් ත්‍රිරෝද රථ සම්බන්ධ සියලුම අංශ ආවරණය කරන සුවිශේෂී ව්‍යාපෘතියකි. එමගින් ඉලෙට්‍රික් ත්‍රිරෝද රථ (EV) සම්බන්ධයෙන් දැනුම හුවමාරු කරගැනීම, එම වාහන ආරෝපණය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ සාමාන්‍ය ත්‍රිරෝද රථ ඉලෙට්‍රික් ත්‍රිරෝද රථ(EV) බවට පරිවර්තනය කිරීම ආදිය සිදුකෙරේ.
එමෙන්ම ලෝකඩ සම්මානය දිනූ, CDB ස්ථාවර තැන්පතු වෙනුවෙන් නිමැවුණු ‘Deposit Like No Other’, ප්‍රවර්ධන ව්‍යාපෘතිය බහුල වෙළඳපොළක් තුළ සාර්ථක ලෙස ඉලක්කගත ගනුදෙනුකරුවන් වෙතට අදාළ පණිවිඩය සන්නිවේදනය කිරීමට සමත් වූ සුවිශේෂී වැඩසටහනකි. මෙබඳු ඩිජිටල් අලෙවිකරණ මාධ්‍යන් ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට අර්ථවත් හා දිගුකාලීන බලපෑමක් සිදුකරන සේවාවන් සපයන අතරම සිය ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමට CDB සමත් වී තිබේ.
“අපගේ ප්‍රවර්ධන ව්‍යාපෘතිය මෙබඳු ගෞරවණීය සම්මාන උළෙලකදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. ඩිජිටල් අලෙවිකරණ උත්සාහයන් තුළ අප ඉදිරියට යා යුත්තේ පාරිභෝගික ආකල්ප පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුවයි. අලෙවිකරණය සඳහා ඩිජිටල් මාධ්‍යන් බහුලව භාවිත කරන වකවානුවක අපට අවශ්‍ය පණිවිඩ සාර්ථක ලෙස සන්නිවේදනය කිරීම අභියෝගයක් බවට පත් වී තිබෙනවා. කෙසේ නමුත් පැහැදිලි අරමුණක් සහිතව ඵලදායී ලෙස පාරිභෝගිකයන් වෙත පණිවිඩ සන්නිවේදනය කිරීමට CDB සමත් වී ඇති බවට මෙම සම්මාන සාක්ෂි දරනවා.”CDB හි ප්‍රධාන විකුණුම් හා ඩිජිටල් ව්‍යාපාර නිලධාරී හසිත දසනායක මහතා පැවසී ය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය [Sri Lanka Institute of Marketing (SLIM] මගින් සංවිධානය කරනු ලබන SLIM DIGIS සම්මාන උළෙල, මෙරට තුළ ක්‍රියාවට නංවනු ලබන විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කරන සුවිශේෂී සම්මාන උළෙලකි. ජනතාවගේ යහපත වෙනුවෙන් මෙන්ම තම අලෙවිකරණ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සාර්ථක ලෙස ඩිජිටල් අලෙවිකරණය භාවිතා කරන සමාගම් හා ආයතනවලට මෙහිදී සම්මාන හිමි වේ.
නවීන තාක්ෂණය හා තිරසරත්වය මුල්කරගෙන පුරෝගාමී හඳුන්වා දීම් රැසක් සිදුකරමින් මුල්‍ය සේවා ක්ෂේත්රයේ පෙරමුණ ගැනීමට CDB සමත් වී ඇත. සමාජයීය වශයෙන් වගකීම්සහගත අලෙවිකරණ විසඳුම් ඔස්සේ පාරිභෝගිකයන් සමග අර්ථවත් සම්බන්ධතා ගොඩනගා ගැනීම CDB හි අරමුණ වී ඇති අතර People, Planet, Profit යන අංශ කෙරෙහි සමාගම යොමුකරන අවධානය එහි සාර්ථක ඉදිරි ගමනේ කේන්ද්‍රය බවට පත් වී තිබේ.
Video Story