September, 10, 2020
මෙරට විශාලත ම සහ සාර්ථක ම බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය නව්‍යකරණය සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බලගැන්වීම සඳහාවන සිය කැපවීමත් සමඟම 2020 සැප්තැම්බර් මස 7 වනදා 25 වසරක් සපුරයි. ශ්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත්රය පරිවර්තනීය වෙනසකට ලක්කිරීමට කටයුතුකරන CDB පසුගිය දශක දෙකක කාලය තුළ සැබෑ විශිෂ්ටත්වය පිළිබිඹු කිරීමට සමත්ව සිටී.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතනයක් ලෙස වර්ධනය වී ඇති CDB ආයතනය රු. බිලියන 100 කට ආසන්න වත්කම් පදනමක් සමඟින් මෙරට සෑම සමාජ තලයක් ම ආවරණයවන පරිදි පාරිභෝගිකයන්ගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලයි. දිවයින පුරා විහිදුනු ශාඛා 71 කින් සහ 1,700 කට අධික කුසලතාපූර්ණ කාර්යමණ්ඩල සාමාජික පිරිසක් සමඟින් එම ආයතනය සිය සේවා වඩාත් කාර්යක්ෂම ලෙස ජනතාව අතරට ගෙන යාමට සමත්ව සිටී. CDB ආයතනය 2019 වසරේ බිස්නස් ටුඩේ (Business Today) ප්රමුඛ සමාගම් 30 අතරට තේරී පත්වන්නේ, සාර්ථකත්වය සඳහා එම ආයතනය දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරමිනි.
වසර 25 ක විජයග්‍රාහී ගමන්මග පිළිබඳ අදහස් පළකරමින් CDB ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා සඳහන් කළේ, වසර 25 ක සංධිස්ථානය සනිටුහන් කරන මේ මොහොත පිළිබඳ තමන් නිහතමානී ලෙස ආඩම්බරවන බවය. "පසුගිය දශක දෙකහමාරක කාලය තුළ කෙතරම් අභියෝග පැමිණිය ද අපරිමිත උත්සාහයෙන් නොසැලී ඉදිරියට ගමන්කරන CDB අපි අදවන විට මෙරට මුල්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටයෙකු බවට පත්වීමට හැකිවී තිබෙනවා. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් බලගැන්වීම සඳහා අවශ්‍ය විශිෂ්ටත ම මුල්‍ය සේවා පිරිනැමීමේ පරම අභිලාෂයෙන් අප ආයතනය අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගමන්කිරීමට සමත්ව සිටිනවා," යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
"CDB තම කාර්යමණ්ඩලය මත විශ්වාසය තබන ආයතනයක්වන අතර කාර්යමණ්ඩලයේ සාමාන්‍ය සාමාජිකයන් පරිවර්තනීය වෙනසකට ලක්කර අසමසම ප්‍රතිඵල ළඟාකර ගැනීමට අප ආයතනය වසර ගණනක් පුරා ආයෝජනයකර තිබෙනවා. අප අපගේ කණ්ඩායම කෙරෙහි තබා ඇති විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස ඇගයුම් සම්මාන රැසක් දිනා, විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතන 5 අතරට එක්වීමට හැකිවී තිබෙනවා. ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ඇතිවූ වාතාවරණය තුළ පැනනැගී ඇති මුල්‍ය අවශ්‍යතාවලට ඔබින ලෙස මුල්‍ය සේවා වෙනසකට ලක්කරමින් 2020 වසරේදී විශිෂ්ට මුල්‍ය කාර්යසාධනයක් අත්පත්කර ගැනීමට අපට හැකි වුණා. විජයග්‍රාහී සංධිස්ථානයක් සනිටුහන් කරන මේ මොහොතේ අපගේ අරමුණ ඉදිරි දශකය තුළ නව්‍යකරණය හා තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බලගැන්වීමයි. අප ඉදිරියේ ඇති ඕනෑම බාධකයක් ජයගැනීමට අප සූදානම්. එමෙන්ම අපගේ ජයග්‍රාහී ගමන්මග තවදුරටත් පුළුල් කිරීමට අඛණ්ඩව කැපවනවා," යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.
තිරසාරත්වය CDB ආයතනයේ එක් ප්‍රධානත ම අංශයක්වන අතර වසර ගණනක පටන් තිරසාරත්ව සංකල්පය යටතේ විවිධ වැඩසටහන් රැසක් දියත්කරමින් ළමා සෞඛ්‍යය සහ අධ්‍යාපනය, සමාජ සවිබලගැන්වීම හා පාරිසරික ඒකාබද්ධතාව පුළුල් කිරීම සඳහා එම ආයතනය කටයුතුකර ඇත. සම්ප්‍රදායික සමාජීය සුබසාධන කටයුතුවලින් ඔබ්බට යමින් CDB ආයතනය බිම් මට්ටමේ සිට සිය ව්‍යාපාරික ක්‍රමවේදය සැබෑ තිරසාරත්ව සංකල්පයට අනුව හැඩගස්වා ඇත. තිරසාරත්වය වෙනුවෙන් තමන් දක්වන කැපවීම නිසාම ISO 14064-1 කාබන් සත්‍යාපන සහතිකය හිමිකර ගත් දකුණු ආසියාවේ ප්‍රථම මුල්‍ය ආයතනය බවට පත්වීමට ද CDB ආයතනය සමත්විය. එම ආයතනය දියත්කරන මෙවැනි වැඩසටහන් වෙනුවෙන් ඇගයුම් රැසකට පාත්‍ර වී ඇති අතර 2019 වසරේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේ විශිෂ්ටත ම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට පත්වීම ඒ අතරින් කැපී පෙනෙයි.