CDS ඇමතීමට ක්ෂණික දුරකථන අංකයක්

    January, 6, 2025

    මධ්‍යම තැන්පතු ක්‍රමය 011 2356 444 යන අංකය ක්ෂණික දුරකථන අංකයක් ලෙස ඉදිරිපත් කරයි

    කොළඹ කොටස් හුවමාරුවට (CSE) අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) 2025 ජනවාරි පළමු සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ක්ෂණික දුරකථන අංකයක් දියත් කරන බවට සතුටින් නිවේදනය කරයි. ආයෝජකයින් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු පාර්ශවකරුවන් සඳහා වැඩි දියුණු කළ විමසුම් නිරාකරණය සහ සහාය ලබා දීමට CDS වෙත සෘජු ප්‍රවේශය ලබා දීම සඳහා මෙම නව මුලපිරීම හරහා සැලසුම් කර ඇත.

    මෙම ක්ෂණික දුරකථන අංකය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8:30 සිට පස්වරු 5:00 දක්වා ක්‍රියාත්මක වන අතර ඉක්මනින් විමසුම් නිරාකරණය කිරීම සක්‍රීය කිරීම සහ සෑම ඉල්ලීමක්ම නිරීක්ෂණය කළ හැකි බව සහතික කිරීම හරහා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එමඟින් අරමුණු කෙරේ. ඇමතුම්කරුවන්ට ඔවුන්ගේ විමසීම් සඳහා ටිකට් අංකයක් ලැබෙනු ඇති අතර ඒවා පසු විපරම් සහ යොමු කිරීම් සඳහා භාවිත කළ හැකි අතර, එමඟින් විනිවිදභාවය සහ පහසුව සහතික කරයි.

    මෙම නවතම සේවාව මඟින් උසස් සේවාවක් සැපයීමට සහ එහි පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට CDS සතු කැපවීම අවධාරණය කරයි. විමසුම් කළමණාකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම මඟින්, සන්නිවේදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ වැදගත් පියවරක් ක්ෂණික මෙම ඇමතුම් අංකය මඟින් පිළිඹිබු වේ.

    මෙම කටයුත්ත පිළිබඳව අදහස් දැක්වූ මධ්‍යම තැන්පතු ක්‍රමයේ (CDS) ප්‍රධානී නදීර අතුකෝරල මහතා පැවසුවේ, “CDS ක්ෂණික ඇමතුම් අංකය දියත් කිරීම, සේවා ප්‍රමිතීන් සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරන අතර සෘජු සන්නිවේදන මාර්ගයක් පිරිනැමීමෙන්, විනිවිදභාවය සහ වගවීම පවත්වා ගනිමින් විමසුම් කාර්යක්ෂමව නිරාකරණය කිරීමද මෙහි අරමුණ වන බවත් හොඳම ගෝලීය ක්‍රමවේදයන් සමඟ පෙළ ගැසීමට සහ සියලුම පාර්ශවකරුවන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දීමට දරන උත්සාහයේ තවත් සන්ධිස්ථානයක් ලෙස මෙම කටයුත්ත දැක්විය හැකි බවත්ය.

    වැඩිදුර විමසීම් සඳහා, කරුණාකර CDS ක්ෂණික ඇමතුම් අංකය 011 2356 444 කාර්යාල වේලාවන් තුළ අමතන්න.